SAG – ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට ප්‍රබල ප්‍රහාරයක්

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2019 - වොලිබෝල්

84

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම සහභාගි වූ මූලික වටයේ පළමු තරගය අද (29) මාලදිවයින සමඟින් පැවති අතර එම තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ තරග වට 3-0ක් ලෙසිනි. 

ශ්‍රී ලංකා කාන්තාවන් අවසන් 4 දෙනා අතරට

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ පළමු තරගය අද (29)…

පළමු වටයේ ආරම්භයේ දී ම ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ආරම්භයක් ලබා ගත් අතර මාලදිවයිනේ අඩුපාඩු සියල්ලෙන් ප්‍රයෝජනය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඔවුන් පළමු වටය ජයග්‍රහණය කළේ ලකුණු 25-18ක් ලෙසිනි. 

දෙවන වටයේදී තම නැති වූ ජවය ලබා ගැනීමට මාලදිවයින් කණ්ඩායම ප්‍රබල උත්සාහයක් ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමට කරට කර සටනක් ලබා දීමට ඔවුන් සමත් විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පාලනය මනා ලෙස හසුරවමින් සිටි අතර ඔවුන් දෙවන වටයේ ජයග්‍රහණය ලබා ගත්තේ ලකුණු 25-23ක් ලෙසිනි. 

SAG ගිය වොලිබෝල් සංචිත සහ තරග කාලසටහන්

2019 නොවැම්බර් 27 සිට දෙසැම්බර් මස 03 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා…

තරගයේ තුන්වැනි වටය ආරම්භ වීමට පෙර තරග වට 2-0ක් ලෙස පෙරමුණ ගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි වටය ද ජයග්‍රහණය කරමින් තරගය ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රබල උත්සාහයක යෙදී සිටියහ. 

තුන්වැනි තරග වටය ආරම්භයේ සිටම ප්‍රබල ජවයක් සහිතව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම මාලදිවයිනට සාර්ථක වීමට කිසිදු අවස්ථාවක් උදා කර දුන්නේ නැත. මනා පන්දු පාලනයක් හා නිවැරදි එල්ලය ලබා ගැනීම මගින් මාලදිවයිනට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තුන්වැනි වටය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 25-17ක් ලෙස ජයග්‍රහණය කර තිබිණි. 

>>Photos: Sri Lanka v Maldives | Men’s Volleyball | South Asian Games 2019<<

ඒ අනුව තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වූයේ තරග වට 3-0ක් ලෙසිනි. 

  • පළමු තරග වටය: ශ්‍රී ලංකාව 25 – 18 මාලදිවයින 
  • දෙවන තරග වටය: ශ්‍රී ලංකාව 25 – 23 මාලදිවයින 
  • තුන්වැනි තරග වටය: ශ්‍රී ලංකාව 25 – 17 මාලදිවයින 

තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරගය හෙට (30) පාකිස්තානය සමඟින් පැවැත්වීමට නියමිතය. SAG තරගාවලියේ ඡායාරූප, තරග වාර්තා, වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න අප සමඟින්. 

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<