Home Sinhala Greys ක්‍රීඩකයෝ පළමු ජය ලබයි

Greys ක්‍රීඩකයෝ පළමු ජය ලබයි

SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022

627

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් ලීගයේ අද (13) නිමා වූ පළමු තරගයෙන් SLC Green කණ්ඩායමට එරෙහිව ලකුණු 81ක ජයග්‍රහණයක් ලබා ගැනීමට SLC Greys ක්‍රීඩකයෝ සමත් වුනා.

Greys මෙම තරගාවලියේ වාර්තා කරන ලද පළමු ජයග්‍රහණය මෙයයි. මෙම තරග නිමාවත් සමඟින් Green ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු පුවරුවේ සිව්වැනි ස්ථානය දක්වා පහත වැටුණා.

මේ වන විට තරගාවලියේ අවසන් මහා තරගය සඳහා SLC Blues සුදුසුකම් ලබා සිටින අතර ඔවුන් සමඟ මේ වන විට SLC Red තරග වදිනවා.

අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් Red මෙම තරගයෙන් ජයග්‍රහණය කළ යුතු අතර එසේ නොවුනහොත් අද ජයග්‍රහණය කළ අශාන් ප්‍රියංජන්ගේ Greys කණ්ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත.

අද ක්‍රීඩා කළ කණ්ඩායම්

  • SLC Greys; අශාන් ප්‍රියංජන් (නායක) තනුක දාබරේ, කසුන් විදුර, මොවින් සුබසිංහ, සංගීත් කුරේ, මිනෝද් භානුක (කඩුලු රකින්නා) තරිඳු රත්නායක, පුලින තරංග, මුදිත ලක්ෂාන්, දුවිඳු තිලකරත්න, මිලාන් රත්නායක
  • SLC Green; දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, ධනංජය ලක්ෂාන්, නුවනිඳු ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ලක්ෂාන් සඳකැන්, ජෙෆ්රි වැන්ඩර්සේ, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් Green ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව Greys සතු කළා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 166ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදීන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 85ක් පමණයි.

Greys ඉනිමේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 119ක්. ඉනිම ආරම්භ කළ තනුක දාබරේ සහ කසුන් විදුර ඒ වෙනුවෙන් වැය කළේ පන්දු 70ක් පමණයි.

විස්සයි විස්ස තරගවල තම හොඳම ඉනිම වාර්තා කළ 23 හැවිරිදි වමත් ආරම්භක පිතිකරු තනුක දාබරේ පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තා. තරගයේ වීරයා ලෙසින් නම් කරනු ලැබුවේ ද තනුක දාබරේ.

කසුන් විදුර පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 36ක්.

Greys ඉනිමේ පළමු කඩුල්ල දැවී ගිය පසු යැවුණ පන්දු 13ක් තුළ පිතිකරුවන් සිව්දෙනෙක් දවා ගැනීමට Green පන්දු යවන්නෝ සමත් වුනා. තනුක සහ කසුන්ට අමතරව එහි දී මොවින් සුබසිංහ (4) සහ සංගීත් කුරේ (0) අසාර්ථක පිතිකරුවන් වෙමින් තම කඩුලු අහිමි කර ගත්තා.

නමුත් මිනෝද් භානුක සහ අශාන් ප්‍රියංජන් එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 22ක් එක් කරමින් නැවත තම කණ්ඩායම ලකුණු අතරට ගෙන ඒමට සමත් වුනා.

මිනෝද් භානුක පන්දු 19කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා. අශාන් ප්‍රියංජන් එක් පසෙක සිටිය දී පන්දු 10කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 13ක් ලබා ගැනීමට තරිඳු රත්නායක සමත් වුනා. අවසන් පන්දුවාරයේ දී නායකයාගේ ඉනිම අවසන් වෙද්දී ඔහු ලබා සිටියේ ලකුණු 4ක් පමණයි.

ඉනිම අවසන් වෙද්දී පුලින තරංග (0) සහ මුදිත ලක්ෂාන් (1) නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී ලක්ෂාන් සඳකැන් සහ දසුන් ශානක කඩුලු 2 බැගින් ලබා ගත් අතර බිනුර ප්‍රනාන්දු, ධනංජය ලක්ෂාන් සහ ජෙෆ්රි වැන්ඩර්සේ අතර කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Green කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංක සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 31ක සබඳතාවක් එක් කළා. පළමු කඩුල්ල ලෙසින් පැතුම් නිස්සංක පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබා පිටියෙන් ඉවත් වුනා.

අනතුරු ව නිරෝෂන් දික්වැල්ල සමඟ දෙවැනි කඩුල්ලට එක් වූයේ දිනේෂ් චන්දිමාල්. ඔවුන් දෙදෙනා එම කඩුල්ලට ලකුණු 35ක් එක්කර සිටිය දී චන්දිමාල්  ලකුණු 24කට දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 18කට මුහුණ දී සිටි අතර හයේ පහර 2ක් ඊට ඇතුළත් වුනා.

අශාන් ප්‍රියංජන්ට හිමි වූ එම කඩුල්ලෙන් අනතුරුව යැවුණ පන්දුවේ දී එතෙක් වෙලා සාර්ථක වී සිටි නිරෝෂන් දික්වැල්ලගේ ඉනිම ද අවසන් වුනා. ඔහු පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා.

එතැන් සිට Green ඉනිමේ කිසිදු පිතිකරුවෙක්ට සාර්ථක වීමට Greys පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ. එහි පළමු දඩයක්කරු වූයේ පුලින තරංග. පුලින ඉනිමේ 12 වැනි පන්දුවාරයේ පන්දු 4ක් තුළ ධනංජය ලක්ෂාන් (1) සහ නායක දසුන් ශානක (0) දවා ගනිමින් Green ඉනිම ලකුණු 68කට කඩුලු 5ක් බවට පත් කළා.

අනතුරුව පන්දු වාරය යැවූ මුදිත ලක්ෂාන් පන්දු 3ක් තුළ නුවනිඳු ප්‍රනාන්දු (2) සහ රමේෂ් මෙන්ඩිස් (0) දවා ගනිමින් පීඩනය තවත් දැඩි කළා. එවිට ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 70කට කඩුලු 7ක් ලෙසයි.

ඉන් අනතුරුව ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 7කටත් සහ නුවන් තුෂාර ලකුණු නොලබාමත් දැවී ගියා. ඉනිම අවසන් වන විට ලක්ෂාන් සඳකැන් නොදැවී ලකුණු 9ක් ලබා සිටි අතර බිනුර ප්‍රනාන්දු පිතිකරණය සඳහා පිටියට පිවිසියේ නැහැ.

කඩුලු ලබා ගැනීමේ දී පුලින තරංග ලකුණු 12කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර මුදිත ලක්ෂාන් ද ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව අශාන් ප්‍රියංජන් ලකුණු 11කට කඩුලු 2ක් දවා ගත් අතර තරිඳු රත්නායක කඩුල්ලක් හිමි වුනා.

Result


Greys
166/7 (20)

Greens
85/9 (15.5)

Batsmen R B 4s 6s SR
Thanuka Dabare c & b Dasun Shanaka 66 40 8 2 165.00
Kasun Vidura Adikari b Lakshan Sandakan 36 31 3 1 116.13
Movin Subasingha c Binura Fernando b Dasun Shanaka 4 4 1 0 100.00
Sanegeeth Cooray lbw b Lakshan Sandakan 0 2 0 0 0.00
Minod Bhanuka b Binura Fernando 20 19 0 1 105.26
Ashan Priyanjan c Nuwanidu Fernando b Jeffrey Vandersay  4 10 0 0 40.00
Tharindu Ratnayake c Ramesh Mendis b Dhananjaya Lakshan 13 10 1 1 130.00
Pulina Tharanga not out 0 2 0 0 0.00
Muditha Lakshan not out 1 2 0 0 50.00


Extras 22 (b 4 , lb 3 , nb 0, w 15, pen 0)
Total 166/7 (20 Overs, RR: 8.3)
Bowling O M R W Econ
Nuwan Thushara 4 0 34 0 8.50
Ramesh Mendis 2 0 21 0 10.50
Binura Fernando 3 0 22 1 7.33
Dhananjaya Lakshan 2 0 24 1 12.00
Lakshan Sandakan 4 0 14 2 3.50
Jeffrey Vandersay  3 0 24 1 8.00
Dasun Shanaka 2 0 20 2 10.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Sanegeeth Cooray b Tharindu Ratnayake 15 19 2 0 78.95
Niroshan Dickwella st Minod Bhanuka b Ashan Priyanjan 27 26 3 0 103.85
Dinesh Chandimal c Pulina Tharanga b Ashan Priyanjan 24 18 0 2 133.33
Dasun Shanaka c Kasun Vidura Adikari b Pulina Tharanga 0 4 0 0 0.00
Dhananjaya Lakshan c Ashan Priyanjan b Pulina Tharanga 1 3 0 0 33.33
Nuwanidu Fernando lbw b Muditha Lakshan 2 3 0 0 66.67
Ramesh Mendis lbw b Muditha Lakshan 0 1 0 0 0.00
Lakshan Sandakan not out 9 9 0 0 100.00
Jeffrey Vandersay  lbw b Muditha Lakshan 7 10 0 0 70.00
Nuwan Thushara c Kasun Vidura Adikari b Pulina Tharanga 0 2 0 0 0.00


Extras 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0)
Total 85/9 (15.5 Overs, RR: 5.37)
Bowling O M R W Econ
Tharindu Ratnayake 3 0 16 1 5.33
Milan Rathnayake 2 0 6 0 3.00
Muditha Lakshan 3 0 17 3 5.67
Ashan Priyanjan 3 0 11 2 3.67
Duvindu Tillakaratne 2 0 23 0 11.50
Pulina Tharanga 2.5 0 12 3 4.80



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<