SSC, Ace Capital, Ragama, සහ Moors ජයග්‍රහණ අතරට

වයස අවුරුදු 23න් පහළ නැගීඑන ක්‍රිකට් තරගාවලිය 2023

380
SLC Major Clubs U23 Tournament 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ 23න් පහළ නැගීඑන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (01) අවසන් වුනා.

අද අවසන් වූ තරගවලින් SSC, Ace Capital CC, Ragama CC සහ Moors SC ක්‍රීඩකයින් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වූ අතර අනෙක් තරග සියල්ල අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි.

Bloomfield ක්‍රීඩකයින්ට පන්දුවෙන් දැඩි හිරිහැර කරමින් තරගය පුරාවට කඩුලු 11ක් දවා ගෙන තීසන් විතූසන් (7/27 සහ 4/62) දැක්වූ දස්කම් නිසා තරගය ඉනිමකින් සහ ලකුණු 71කින් ජයග්‍රහණය කිරීමට Moors ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගය පුරාවට කඩුලු 14ක් ලබා ගනිමින් (8/43 සහ 6/57) වනුජ සහන් කුමාර දැක්වූ දස්කම් නිසා ගුවන් හමුදා ක්‍රීඩකයින් පරදවා ඉනිමක සහ ලකුණු 39ක පහසු ජයක් Ace Capital ක්‍රීඩකයින් ලබා ගත්තා.

තෙවිඳු දික්වැල්ල ඇතුළු පිතිකරුවන්ගේ දස්කම් සහ ශෂික දුල්ෂාන්ගේ (6/54 සහ 3/33) පන්දු යැවීම නිසා Badureliya ක්‍රීඩකයින්ට එරෙහිව ඉනිමකින් සහ ලකුණු 06කින් ජයග්‍රහණය කිරීමට රාගම ක්‍රීඩකයින්ට හැකි වුනා.

Sebastianites ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේ කඩුලු 7ක ජයක් ලබා ගැනීමට SSC ක්‍රීඩකයින් සමත් වුනා. තරගය පුරාවට කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ කලන පෙරේරා කඩුලු 11ක් දවා ගත්තා.

දිනයේ වාර්තා වූ එකම ශතකය (109) වාර්තා කරමින් යුද හමුදා ක්‍රීඩකයින්ට පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා දීමට ශෙහාන් ප්‍රනාන්දුට හැකි වුනා.

Kurunegala YCC සහ Army CC

  • Kurunegala YCC පළමු ඉනිම– 242 (80.5): ගයන වීරසිංහ 82, සත්සර නවෝද් 56, දේශාන් සෙනවිරත්න 46, ශෙහාද සොයිසා 5/56, ලහිරු විජයරත්න 2/44.
  • Army CC පළමු ඉනිම– 293 (64.5): ශෙහාන් ප්‍රනාන්දු 109, මනුෂ්ක සමිත් 74, දේවින්ද ඒකනායක 39, නිමන්ද කිරින්දගේ 2/49.
  • Kurunegala YCC දෙවැනි ඉනිම – 120/3 (23.1): මුදිත ප්‍රේමදාස 36*, කෝසල රවිඳු 30.

තරගය ජය පරාජයෙන් තොරයි.

Negombo CC සහ CCC

  • Negombo CC පළමු ඉනිම– 240/8 (91): සඳරුවන් චින්තක 92, සසංක නිර්මාල් 42, අමෝද විදානපතිරණ 29, දෙවිඳු කැකිරන්දෙනිය 3/81.
  • CCC පළමු ඉනිම– 220 (63.3): විනුශ්ක සිල්වා 63, සඳුන් මෙන්ඩිස් 36, වරුණ ඉමේෂ් 3/52, දිමුතු සඳරුවන් 2/34.
  • Negombo CC දෙවැනි ඉනිම – 75/2 (14.1): අමෝද විදානපතිරණ 30, ශේන් මලීෂ 20*.

 තරගය ජය පරාජයෙන් තොරයි.

Bloomfield C&AC සහ Moors SC

  • Bloomfield C&AC පළමු ඉනිම– 69 (32.1): තීසන් විතූසන් 7/27, ජනිශ්ක පෙරේරා 2/13.
  • Moors SC පළමු ඉනිම– 341/5d (58.3): දිනුක ඩිල්ෂාන් 78, මොහොමඩ් ශමාස් 78, ජනිශ්ක පෙරේරා 67, ඔමේෂ් මෙන්ඩිස් 64, රිසිර වීරසූරිය 28*, බවන්ත ජයසිංහ 3/34.
  • Bloomfield C&AC දෙවැනි ඉනිම – 201 (64.4): තිනුල ලියනගේ 48, නෙත්ම කරුණාරත්න 43, මිනෙත් ප්‍රේමරත්න 40, තීසන් විතූසන් 4/62.

Moors කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 71ක ජයක්.

Colombo Colts CC සහ BRC

  • BRC පළමු ඉනිම– 301 (75): භාග්‍ය දිසානායක 98, දුලාජ් අසාන් 64, ලක්ෂාන් ගමගේ 45, හර්ෂණ වික්‍රමසිංහ 3/67, අවිශ්ක පෙරේරා 2/30, චමෝද් බට්ටගේ 2/38.
  • Colombo Colts CC පළමු ඉනිම– 217 (60): දිනල් අනුරාධ 53, මුදිත ලක්ෂාන් 47, යසිරු රොද්‍රිගෝ 33, Brian Hansaja 5/45.
  • BRC දෙවැනි ඉනිම– 200/8 (38): විනුද ලියනගේ 60, භාග්‍ය දිසානායක 49, සඳුන් අබේවර්ධන 5/75.

තරගය ජය පරාජයෙන් තොරයි.

Sebastianites C & AC සහ SSC

  • Sebastianites C & AC පළමු ඉනිම– 81 (25.3): රයන් ප්‍රනාන්දු 25, කලන පෙරේරා 6/20, අක්මාල් ෆස්ලි 3/32.
  • SSC පළමු ඉනිම– 229 (64): කවිඳු නදීෂාන් 73, නිපුන් ධනංජය 69, සදීෂ රාජපක්ෂ 32, සසික පෙරේරා 6/60.
  • Sebastianites C & AC දෙවැනි ඉනිම– 219 (45.5) රයන් ප්‍රනාන්දු 64, උමයංග සුවාරිස් 43, කලන පෙරේරා 5/58.
  • SSC දෙවැනි ඉනිම– 72/3 (9.5): නිපුන් ධනංජය 26, ශශික පෙරේරා 3/34.

SSC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

Galle CC සහ Nugegoda S & WC

  • Galle CC පළමු ඉනිම– 345/8d (86): විනුර දුල්සර 157*, කනිෂ්ක මදුවන්ත 41, සදෙව් ඉඳුවර 38, කාවින්ද ඉසිවර 3/90.
  • Nugegoda S & WC පළමු ඉනිම – 278 (76.1): අමිත දාබරේ 74, සුවත් මෙන්ඩිස් 73*, කවීෂ රාජපක්ෂ 5/78.

තරගය ජය පරාජයෙන් තොරයි.

Air Force SC සහ Ace Capital CC

  • Air Force SC පළමු ඉනිම– 102 (49.5): පුලස්ති අතපත්තු 22, සනේෂ් ප්‍රනාන්දු 21, වනුජ සහන් 8/43.
  • Ace Capital CC පළමු ඉනිම– 306/8 d (1): රවිඳු රත්නායක 91, සකුන ලියනගේ 71, කවිඳු අමන්ත 52, අසිත හේෂාන් 3/48.
  • Air Force SC දෙවැනි ඉනිම – 165 (55.1): සාහිල් ඩයස් 83, සනේෂ් ප්‍රනාන්දු 28, වනුජ සහන් 6/57.

Ace Capital ක්‍රීඩකයින්ට ඉනිමක සහ ලකුණු 39ක ජයක්.

Badureliya CC සහ Ragama CC

  • Badureliya CC පළමු ඉනිම– 186 (55.2): හසිත අමරසිංහ 56, විශාර ප්‍රනාන්දු 37, දුනිත් ජයතිංග 33, ශශික දුල්ෂාන් 6/41, ඒෂාන් මාලිංග 3/51.
  • Ragama CC පළමු ඉනිම– 273 (4): තෙවිඳු දික්වැල්ල 73, දුලජ් බණ්ඩාර 49, යොහාන් ලියනගේ 37, දුනිත් ජයතුංග 5/48.
  • Badureliya CC දෙවැනි ඉනිම– 81 (35.3): කල්හාර සේනාරත්න 4/21, අශේන් ප්‍රනාන්දු 3/31, ශශික දුල්ෂාන් 3/33.

රාගම ක්‍රීඩකයින්ට ඉනිමක සහ ලකුණු 06ක ජයක්.

Kandy Customs SC සහ Police SC

  • Kandy Customs SC පළමු ඉනිම– 175 (54.1): හිරන්ත ජයසිංහ 67, රශ්මික මදුශංක 33, හරිඳු ජයසේකර 31, කසුන් කරුණාතිලක 3/31, රොහාන් සංජය 3/33.
  • Police SC පළමු ඉනිම– 196 (51.2): හිරුෂාන් පෙරේරා 59, දිනන් සෙනුක 36, බිහංග මෙන්ඩිස් 33, කසුන් මදූෂ 3/58.
  • Kandy Customs SC දෙවැනි ඉනිම– 241 (61.2): ඉරූෂ අකාශ් 96, හිරන්ත ජයසිංහ 50, හිරූෂාන් පෙරේරා 4/27, කසුන් කරුණාතිලක 4/77.

තරගය ජය පරාජයෙන් තොරයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<