වර්ෂ 101 අභිමානවත් ඉතිහාසයක් ඇති නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය හා වසර 126 ක ප්‍රවෘඩ ඉතිහාසයක් ඇති කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය විද්‍යාලය අතර 20 වන වරටත් පැවති ශ්‍රී ජයවර්ධනපුර මහා සටන අප්‍රේල් 1 හා 2 ක දෙදින පුරා මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ දී පැවැත්විණි.

කාසියේ වාසිය දිනාගත් සාන්ත ජොන් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. ඔවුන් පළමු ඉණිම සඳහා පන්දුවාර 74 යි  පන්දු 2 ක් තුල සියලු දෙනා දැවී ලකුණු 197 ක් ලබා ගැනීමට සමත් වූ අතර පිතිකරණයේ දී හසන්ත තීක්ෂණ ලකුණු 50 ක්ද , මිතිල පූර්නජිත් ලකුණු 47 ක් ද, අෂේන් මිලින්ද ලකුණු 22 ක් ද , ලබා ගත් අතර පන්දු යැවීමේදී ආනන්ද ශාස්ත්‍රාලය කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉසුරැ ජයසූරිය ලකුණු 39 කට කඩුළු 7 ක් බිද හෙලීමට සමත් විය.

අනතුරුව තම පළමු ඉණිම සඳහා පිටියට පිවිසි  ආනන්ද ශාස්ත්‍රාලය ක්‍රීඩකයන් නොසිතූ ලෙස දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් පළමු දිනය නිමා වන විට කඩුළු 3 ක් දැවී ලකුණු 28 ක් ලබා තරඟයේ පළමු දිනය සාන්ත ජෝන් විද්‍යාලයට වැඩි ගෞරවය ගෙන දෙමින් අවසන් විය.

ඡායාරූප ඉමාෂ ගමගේ විසිනි.
ඡායාරූප ඉමාෂ ගමගේ විසිනි.

දෙවන දිනය ආරම්භයේ දී ආක්‍රමණශීලී පිතිහරඹයක ආනන්ද ශාස්ත්‍රාලය ක්‍රීඩකයන් නිරත වුවද ලකුණු 10 සීමාව පසුකර යාමට හැකි වූයේ පිතිකරුවන් 4 දෙනෙකුට පමණි. එහිදී මෙගා භාග්‍ය ලකුණු 56 ක් ද , නිමේෂ් චතුරංග ලකුණු 17 ක් ද , රවිදු පෙරේරා ලකුණු 11 ක් ද ලබා ගනිමින් පන්දුවාර 53 යි පන්දු 4 කට සියලු දෙනා දැවී ඔවුන් ලබා ගත්තේ ලකුණු 145 ක්  පමණි. එ් අනුව පළමු ඉණිම සාන්ත ජෝන් විද්‍යලීය කණ්ඩායම ලකුණු 52 කින් ජයග්‍රහණය කල අතර , පන්දු යැවීමේදී තරැෂ සඳරැවන් ලකුණු 60  කට කඩුළු  4 ක්ද, මිතිල පූර්නජිත් ලකුණු 40 කට කඩුළු 3 ක් ද දවාලීමට සමත් විය. ලකුණු 52 ක වාසිය ද සමඟ පිටියට පිවිසි  සාන්ත ජෝන් විද්‍යාල කණ්ඩායම තම දෙවන ඉණිම වෙනුවෙන් පන්දුවාර 33 යි එක් පන්දුවකදී  කඩුළු 8 ක් දැවී ලකුණු 104 ක් ලබා වාසිය ද සමඟ ලකුණු 156 ක් ලබා තම ඉණිම අත්හිටුවූ අතර  හිරැෂ සන්දීප ලකුණු 47 ක් ද, දිනුජය ගීත් ලකුණු 14 ක් ද, ලබා ගත් අතර පන්දු යැවීමේදී ඉසුරු ජයසූරිය ලකුණු 45 කට කඩුළු 3 ක් ද, සදරු වික්‍රමරත්න ලකුණු 15 කට කඩුළු 2 ක් ද ආනන්ද ශාස්ත්‍රාලය කණ්ඩායම වෙනුවෙන් දවාලීමට සමත් විය.

දිනය නිමා වීමට  පන්දුවාර 14 ක් අවසානයේ දී ලකුණු 157 ක දැවැන්ත අභියෝගාත්මක ලකුණක් හඹා යාමට පිටියට පිවිසි ආනන්ද ශාස්ත්‍රාලය කණ්ඩායම පන්දුවාර 14 අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී  ලකුණු 59 ක්  ලබා ගත් අතර නායක ගිහාන් ඩිල්ශාන් නොදැවී ලකුණු 40 ක් ද, තිමිර මල්ෂාන් නොදැවී ලකුණු 13 ක් ද ලබා ගන්නා ලදි. පන්දු යැවීමේදී සාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් තනූෂ සඳරුවන් ලකුණු 17 කට එක් කඩුල්ලක් දවාලීමට සමත් විය.

ඒ අනුව 20 වන ශ්‍රී ජයවර්ධනපුර මහා සටන පළමු ඉණිමේ ජය සාන්ත ජෝන් විද්‍යාලයට හිමි කර දෙමින් ජය පරාජයකින් තොරව සාර්ථකව නිමා වූ අතර තරඟයේ වීරයා ලෙස සාන්ත ජොන් විද්‍යාලයේ මිතිල පූර්නජිත් ද, හොඳම පිතිකරු ලෙස ආනන්ද ශාස්ත්‍රාලය විද්‍යාලයේ මෙගා භාග්‍ය ද ,හොඳම පන්දු යවන්නා ලෙස ආනන්ද ශාස්ත්‍රාලය විද්‍යාලයේ ඉසුරු ජයසූරිය ද, හොඳම පන්දු රකින්නා ලෙස ආනන්ද ශාස්ත්‍රාලය විද්‍යාලයේ රවිදු පෙරේරා ද සම්මාන දිනා ගන්නා ලදි.

සාන්ත ජොන් විද්‍යාලයේ දක්ෂ ක්‍රීඩා විලාසය නිසා පළමු ඉණිම ලකුණු 52 කින් ජයග්‍රහණය කර හොදින් පන්දු යවා තරඟය ජය පරාජයකින් තොරව නිමා කරයි.