සිතාර, නවීන් සහ වියස්කාන්ත Tamil Union පෙරමුණේ තබයි

වයස අවුරුදු 23න් පහළ නැගීඑන ක්‍රිකට් තරගාවලිය 2023

145

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අවුරුදු 23න් පහළ නැගීඑන ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක් ඊයේ (28) අවසන් වෙද්දී, තවත් තරග කිහිපයක් ආරම්භ වුනා.

අවසන් වූ NCC සහ Tamil Union අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූවත්, පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබීමට Tamil Union ක්‍රීඩකයින්ට හැකි වුනා.

නවීන් ප්‍රනාන්දු පන්දුවෙන් දැක්වූ දස්කම් නිසා (5/36) NCC පළමු ඉනිම ලකුණු 107කට සීමා කිරීමට Tamil Union ක්‍රීඩකයින්ට හැකි වූ අතර Tamil Union වෙනුවෙන් සිතාර හපුහින්න ලබා ගත් අගනා ශතකය නිසා පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 331ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට හැකි වුනා.

පළමු ඉනිමේ සිදු වූ පසුබෑම නිවැරදි කර ගනිමින් දෙවැනි ඉනිමට ලකුණු 310ක් ලබා ගැනීමට NCC ක්‍රීඩකයින්ට හැකි වූ අතර අහන් වික්‍රමසිංහ නොදැවී ලකුණු 90ක් වාර්තා කළා. Tamil Union වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ විජේකාන්ත් වියස්කාන්ත් ලකුණු 107ට කඩුලු 5යි.

තීසාන් විතූසන්ගේ (7/27) පන්දු යැවීම හමුවේ Bloomfield පළමු ඉනිම ලකුණු 69කට සීමා වූ අතර දිනුක ඩිල්ෂාන්, ඔමේෂ් මෙන්ඩිස්, ජනිෂ්ක පෙරේරා සහ මොහොමඩ් ශමාස් වාර්තා කළ අර්ධ ශතක නිසා දිනය අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 309ක ලකුණු පුවරුවක් ගොඩ නැගීමට Moors ක්‍රීඩකයින්ට හැකි වුනා.

දිනයේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත් වෙමින් ගුවන් හමුදා ක්‍රීඩකයින්ට එරෙහිව ලකුණු 43කට කඩුලු 8ක් දවා ගැනීමට වනුජ සහන්ට හැකි වූ අතර එකම ශතක ලාභියා වෙමින් නොදැවී ලකුණු 117ක් රැස් කිරීමට ගාල්ල ක්‍රීඩක විනුර දුල්සරට හැකි වුනා.

NCC සහ Tamil Union C & AC

  • NCC පළමු ඉනිම – 107(16): අම්ශි ද සිල්වා 36, නවීන් ප්‍රනාන්දු 5/36, දුලාජ් සමුදිත 3/62.
  • Tamil Union C & AC පළමු ඉනිම – 331/5d: සිතාර හපුහින්න 112, තරිඳු හර්ෂණ 71, නවෝද් පරණවිතාන 43, කමේෂ් නිර්මාල් 43, දිල්ෂාන් නිපුන්ජිත් 2/40, මතීෂ පතිරණ 2/63.
  • NCC දෙවැනි ඉනිම – 310 (68.4): අහන් වික්‍රමසිංහ 90*, කලන විජේසිරි 64, තවීෂ අභිෂේක් 45, විජයකාන්ත් වියස්කාන්ත් 5/107.
  • Tamil Union C & AC දෙවැනි ඉනිම – 70/4 (10): කමේෂ් නිර්මාල් 32*.

තරගය ජය පරාජයෙන් තොරයි.

Kurunegala YCC සහ Army CC

  • Kurunegala YCC පළමු ඉනිම – 242 (80.5): ගයන වීරසිංහ 82, සත්සර නවෝද් 56, දේශාන් සෙනවිරත්න 46, ශෙහාද සොයිසා 5/56, ලහිරු විජයරත්න 2/44.
  • Army CC පළමු ඉනිම – 5/0 (2)

Negombo CC සහ CCC

  • Negombo CC පළමු ඉනිම – 240/8 (91): සඳරුවන් චින්තක 92, සසංක නිර්මාල් 42, අමෝද විදානපතිරණ 29, දෙවිඳු කැකිරන්දෙනිය 3/81.

Bloomfield C&AC සහ Moors SC

  • Bloomfield C&AC පළමු ඉනිම – 69 (32.1): තීසන් විතූසන් 7/27, ජනිශ්ක පෙරේරා 2/13.
  • Moors SC පළමු ඉනිම – 309/4 (53): දිනුක ඩිල්ෂාන් 78, ජනිශ්ක පෙරේරා 67, ඔමේෂ් මෙන්ඩිස් 64, මොහොමඩ් ශමාස් 58*, රිසිර වීරසූරිය 28*, බවන්ත ජයසිංහ 2/34.

Colombo Colts CC සහ BRC

  • BRC පළමු ඉනිම – 301 (75): භාග්‍ය දිසානායක 98, දුලාජ් අසාන් 64, ලක්ෂාන් ගමගේ 45, හර්ෂණ වික්‍රමසිංහ 3/67, අවිශ්ක පෙරේරා 2/30, චමෝද් බට්ටගේ 2/38.
  • Colombo Colts CC පළමු ඉනිම – 24/1 (7.3)

Sebastianites C & AC සහ SSC

  • Sebastianites C & AC පළමු ඉනිම – 81 (25.3): රයන් ප්‍රනාන්දු 25, කලන පෙරේරා 6/20, අක්මාල් ෆස්ලි 3/32.
  • SSC පළමු ඉනිම – 165/5 (46): නිපුන් ධනංජය 69, කවිඳු නදීෂාන් 35*, සදීෂ රාජපක්ෂ 32, සසික පෙරේරා 2/49.

Galle CC සහ Nugegoda S & WC

  • Galle CC පළමු ඉනිම – 252/4 (86): විනුර දුල්සර 117*, කනිෂ්ක මදුවන්ත 41, සදෙව් ඉඳුවර 38.

Air Force SC සහ Ace Capital CC

  • Air Force SC පළමු ඉනිම – 102 (49.5): පුලස්ති අතපත්තු 22, සනේෂ් ප්‍රනාන්දු 21, වනුජ සහන් 8/43.
  • Ace Capital CC පළමු ඉනිම – 148/4 (38): රවිඳු රත්නායක 91, වනුජ සහන් 28, අසිත හේෂාන් 3/31.

Badureliya CC සහ Ragama CC

  • Badureliya CC පළමු ඉනිම – 186 (55.2): හසිත අමරසිංහ 56, විශාර ප්‍රනාන්දු 37, දුනිත් ජයතිංග 33, ශශික දුල්ෂාන් 6/41, ඒෂාන් මාලිංග 3/51.
  • Ragama CC පළමු ඉනිම – 109/1 (33): තෙවිඳු දික්වැල්ල 55*, යොහාන් ලියනගේ 37.

Kandy Customs SC සහ Police SC

  • Kandy Customs SC පළමු ඉනිම – 175 (54.1): හිරන්ත ජයසිංහ 67, රශ්මික මදුශංක 33, හරිඳු ජයසේකර 31, කසුන් කරුණාතිලක 3/31, රොහාන් සංජය 3/33.
  • Police SC පළමු ඉනිම – 111/5 (28.4): දිනන් සෙනුක 36, බිහංග මෙන්ඩිස් 33, හිරුෂාන් පෙරේරා 22*, කසුන් මදූෂ 3/39.

23න් පහළ නැගීඑන ක්‍රිකට් තරගාවලියේ සියලු තරගවල තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<