SSC, Ragama, Colts සහ Tamil Union ජයග්‍රහණ අතරට

වයස අවුරුදු 23න් පහළ නැගීඑන ක්‍රිකට් තරගාවලිය 2023

236

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ නැගීඑන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (24) අවසන් වුනා.

එම තරගවලින් SSC, Ragama CC, Colombo Colts CC සහ Tamil Union ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වූ අතර අනෙක් තරග අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි.

තරගය පුරාවට කඩුලු 14ක් දවා ගනිමින් දිලුම් සුදීර (6/60 සහ 8/79) දැක්වූ ඉහළ දස්කම් නිසා නුගේගොඩ ක්‍රීඩා සමාජය පරදවා කඩුලු දහයක පහසු ජයක් ලබා ගැනීමට Tamil Union ක්‍රීඩකයින්ට හැකි වුනා.

යොහාන් ලියනගේ (127*)  සහ රන්මිත් ජයසේනගේ (84*) අගනා පිතිකරණය සහ ඩිලෝන් පීරිස් (6/48 සහ 6/62) ඉනිම් ද්විත්වයේම පන්දුවෙන් දැක්වූ ඉහළ දස්කම් නිසා Kandy Customs පරාජය කර ඉනිමකින් සහ ලකුණු 31කින් ජයග්‍රහණය ලබා ගැනීමට රාගම ක්‍රීඩකයින්ට හැකි වුනා.

යුද හමුදාව පරාජය කරමින් ඉනිමකින් සහ ලකුණු 12කින් ජයග්‍රහණය වාර්තා කිරීමට සිංහල ක්‍රීඩා සමාජයට හැකි වූ අතර SSC වෙනුවෙන් අගනා ඉනිම් ක්‍රීඩා කළ ශෙවෝන් ඩැනියල් ලකුණු 101ක් සහ රනුද සෝමරත්න නොදැවී ලකුණු 100ක් රැස් කළා.

චමෝද් බට්ටගේ (4/20 සහ 5/47) ඇතුළු පන්දු යවන්නන්ගේ ඉහළ දස්කම් නිසා Chilaw Marians පරදවා ඉනිමකින් සහ ලකුණු 29කින් තරගය ජයග්‍රහණය කිරීමට Colts ක්‍රීඩකයින් සමත් වුනා. Colts වෙනුවෙන් අවිශ්ක පෙරේරා ලකුණු 82ක් සහ රවිඳු හසන්ත ලකුණු 78ක් රැස් කළා.

Ace Capital CC සහ Galle CC

  • Ace Capital පළමු ඉනිම: 372/7d (88) – සකුන ලියනගේ 159*, අශේන් ඩිල්හාර 56, කවිඳු අමන්ත 53, නිම්සර සිල්වා 3/73.
  • Galle CC පළමු ඉනිම: 179 (61.4) – විනුර දුල්සර 46, මිතුන් ගමගේ 23, කනිෂ්ක මධුවන්ත 23, ප්‍රවීන් මනීෂ 3/46.

තරගය ජය පරාජයෙන් තොරයි.

Kandy Customs SC සහ Ragama CC

  • Kandy Customs පළමු ඉනිම: 151 (49.4) – හරිඳු ජයසේකර 36, කවිඳු ලක්ෂාන් 30, ඩිලෝන් පීරිස් 6/62.
  • Ragama පළමු ඉනිම: 326/4d (68) – යොහාන් ලියනගේ 127*, රණ්මිත් ජයසේන 84*, ළහිරු දෙවටගේ 44,
  • Kandy Customs දෙවැනි ඉනිම: 144 (42.2) – හිරන්ත ජයසිංහ, 60, රොමේෂ් සුරංග 24, ඩිලෝන් පීරිස් 6/48.

Ragama CC කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 31ක ජයක්.

Tamil Union C & AC සහ Nugegoda S & WC

  • Tamil Union පළමු ඉනිම: 336/9d (56) – සලිඳු පතිරණ 96, Vijayakanth Viyaskanth 65, සහන් කෝසල 38, සුවත් මෙන්ඩිස් 3/81, රුවින් සෙනවිරත්න 2/75.
  • Nugegoda S & WC පළමු ඉනිම:181 (58) – රුවින් සෙනවිරත්න 38, සනෝජ් පෙරේරා 35, රාහුල් ගුණසේකර 30, දිලුම් සුදීර 6/60.
  • Nugegoda S & WC දෙවැනි ඉනිම: 183 (51.5) – සුවත් මෙන්ඩිස් 36, රුවින් සෙනවිරත්න 31, දිලුම් සුදීර 8/79.
  • Tamil Union දෙවැනි ඉනිම: 29/0 (04)

Tamil Union ක්‍රීඩකයින්ට කඩුලු 10කට ජයක්.

CCC සහ Badureliya Gold CC

  • CCC පළමු ඉනිම: 362/7d (99) – අංජල බණ්ඩාර 112, සොනාල් දිනූෂ 77, සචිර රෂ්මික 51*, එන්. කසුන් 2/63.
  • Badureliya Gold පළමු ඉනිම: 120 (36.3) – හසිත අමරසිංහ 30, මිතිර තේනුර 20, සඳුන් මෙන්ඩිස් 7/53.
  • Badureliya Gold දෙවැනි ඉනිම: 130/6 (42) – සසංක නිර්මාල් 59*, යෙසිත් රූපසිංහ 41, සොනාල් දිනූෂ 5/48.

තරගය ජය පරාජයෙන් තොරයි.

Negombo CC සහ Police SC

  • Negombo CC පළමු ඉනිම: 234 (94.2) – සසංක නිර්මාල් 61, සඳරුවන් චින්තක 52, ඉසුරු ශානක 25, චාරුක ජයතිලක 4/3
  • Police SC පළමු ඉනිම: 235/9 (83) – රොහාන් සංජය 50, හිරුෂාන් පෙරේරා 41, අවීෂ කේෂාන් 4/65.

තරගය ජය පරාජයෙන් තොරයි.

Army CC සහ SSC

  • Army CC පළමු ඉනිම: 207 (57.2) – ශෙහාන් ප්‍රනාන්දු 103, මනුෂ්ක සමිත් 67, කළණ පෙරේරා 5/42.
  • SSC පළමු ඉනිම: 406/5d (60) – ශෙවෝන් ඩැනියල් 101, රනුද සෝමරත්න 100*, අක්‍රම් මුතාලිබ් 54, සදීශ් රාජපක්ෂ 64, ශෙහාද සොයිසා 2/90.
  • Army CC දෙවැනි ඉනිම: 187 (42.4) – ශෙහාද සොයිසා 64, දේවින්ද ඒකනායක 53*, අක්මාල් ෆස්ලි 5/37, කළණ පෙරේරා 2/29.

SSC කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 12ක ජයක්.

NCC සහ Air Force SC

  • NCC පළමු ඉනිම: 220 (58.3) – විනුක රූබසිංහ 118, ශෙහාන් හේරත් 41, ශෙනාෂ් ප්‍රනාන්දු 3/43.
  • Air Forceපළමු ඉනිම: 106/3 (93.1) – සාහිල් ඩයස් 79, ශෙනාස් ප්‍රනාන්දු 52, තවීෂ අභිෂේක් 5/54.

තරගය ජය පරාජයෙන් තොරයි.

Sebastianites C & AC සහ Panadura SC

  • Panadura SC පළමු ඉනිම: 260 (93.4) – විශ්ව ලහිරු කුමාර 61*, රිශික දෙවටගේ 54, මිරංග වික්‍රමගේ 5/80.
  • Sebastianites C & AC පළමු ඉනිම: 305 (70.3) – තෙවිඳු සෙනාරත්න 77, ලොහාන් ද සොයිසා 74, කවිඳු රණසිංහ 53, සචිර රශ්මික 3/94, යෂාන් අවිශ්ක 2/41.
  • Panadura SCදෙවැනි ඉනිම: 54/4 (11.5) – සුකිත මනෝජ් 26, ශශික පෙරේරා 2/15.

තරගය ජය පරාජයෙන් තොරයි.

Colombo Colts CC සහ Chilaw Marians CC

  • Chilaw Marians CC පළමු ඉනිම: 57 (17.4) – කේසර නුවන්ත 21, හර්ෂණ වික්‍රමසිංහ 5/30, චමෝද් බට්ටගේ 4/20.
  • Colombo Colts CC පළමු ඉනිම: 235/3 (37.4) – අවිශ්ක පෙරේරා 82, රවිඳු රශන්ත 78, ‍තිමිර ඉරුශික 5/76.
  • Chilaw Marians CC දෙවැනි ඉනිම: 149 (44.3) – තරිඳු අමරසිංහ 40, බිනර සන්කෙත් 31, චමෝද් බට්ටගේ 5/47.

Colombo Colts කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 29ක ජයක්.

BRC සහ Moors SC

  • BRC පළමු ඉනිම: 247 (51.4) – දුලාජ් අශාන් 126, විනුද ලියනගේ 31, ශක්ති උදාර 30*, දේශාන් ගමගේ 3/39.
  • Moors SC පළමු ඉනිම: 379/7d (94) – ඉම්තියාස් සල්සා 103*, අබ්දුල් ශාකූර් 85, ඔමේෂ් මෙන්ඩිස් 38, මොහොමඩ් රාසීන් 25, සවිරු බණ්ඩාර 5/136.
  • BRC දෙවැනි ඉනිම: 136 (37.2) – ලක්ෂාන් ගමගේ 51, භාග්‍ය දිසානායක 21, තීසන් විතූසන් 3/32, ඉම්තියාස් සල්සා 3/64.

තරගය ජය පරාජයෙන් තොරයි.

23න් පහළ අන්තර් සමාජ නැගීඑන ක්‍රිකට් තරගාවලියේ සියලු තරගවල තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<