23න් පහළ අන්තර් සමාජ පිටිය ශතක පහකින් හැඩ වෙයි

වයස අවුරුදු 23න් පහළ නැගීඑන ක්‍රිකට් තරගාවලිය 2023

228

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ නැගීඑන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (23) ආරම්භ වුනා.

ශතක පහකින් වර්ණවත් වූ දිනයේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් නොදැවී ලකුණු 159ක් ලබා ගැනීමට Ace Capital නියෝජනය කරන සකුන ලියනගේ සමත් වූ අතර එම කණ්ඩායමේ අශාන් ඩිල්හාර (56) සහ කවිඳු අමන්ත (53) අර්ධ ශතක වාර්තා කරන්නට සමත් වුනා.

Moors ක්‍රීඩකයින්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ලකුණු 126ක් ලබා ගැනීමට BRC ක්‍රීඩක දුලාජ් අශේන්ට හැකි වුනේ සිය කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම වළක්වමිනුයි.

NCC නියෝජනය කරන විනුක රූබසිංහ ලකුණු 118ක් සිය කණ්ඩායමට එක් කරද්දී, CCC ක්‍රීඩක අංජල බණ්ඩාර ලකුණු 112ක් ලබා ගනිමින් දිනයේ ශතක ලාභීන් අතරට එක් වුනා.

අද දිනයේ වාර්තා වූ අනෙක් ශතකය වාර්තා කරමින් සිංහල ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 103ක් ලබා ගැනීමට යුද හමුදා ක්‍රීඩක ශෙහාන් ප්‍රනාන්දු සමත් වුනා.

එමෙන්ම Tamil Union නියෝජනය කරන සලිඳු පතිරණ ලකුණු 96ක් ලබා ගනිද්දී, ඔහුට අනගි සහයක් ලබා දුන් දඟපන්දු යවන ක්‍රීඩක Vijayakanth Viyaskanth ලකුණු 65ක් ලබා ගත්තා.

පිතිකරුවන්ට වැඩි ගෞරව හිමි වූ අද දිනයේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත් වූ ඩිලෝන් පීරිස් ලකුණු 62කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වූ අතර කළණ පෙරේරා ලකුණු 42කට කඩුලු 5යි.

Ace Capital CC සහ Galle CC

  • Ace Capital පළමු ඉනිම: 372/7 (88) – සකුන ලියනගේ 159*, අශේන් ඩිල්හාර 56, කවිඳු අමන්ත 53, නිම්සර සිල්වා 3/73.

Kandy Customs SC සහ Ragama CC

  • Kandy Customs පළමු ඉනිම: 151 (49.4) – හරිඳු ජයසේකර 36, කවිඳු ලක්ෂාන් 30, ඩිලෝන් පීරිස් 6/62.
  • Ragama පළමු ඉනිම: 167/3 (38) – යොහාන් ලියනගේ 71*, දුලාජ් බණ්ඩාර 33, ළහිරු දෙවටගේ 26*.

Tamil Union C & AC සහ Nugegoda S & WC

  • Tamil Union පළමු ඉනිම: 336/9d (56) – සලිඳු පතිරණ 96, Vijayakanth Viyaskanth 65, සහන් කෝසල 38, සුවත් මෙන්ඩිස් 3/81, රුවින් සෙනවිරත්න 2/75.
  • Nugegoda S & WC පළමු ඉනිම: 95/2 (32) – සනෝජ් පෙරේරා 33*, අමිත දාබරේ 23.

CCC සහ Badureliya Gold CC

  • CCC පළමු ඉනිම: 305/5 (90) – අංජල බණ්ඩාර 112, සොනාල් දිනූෂ 77, පවන් පතිරාජ 33, එන්. කසුන් 2/47.

Negombo CC සහ Police SC

  • Negombo CC පළමු ඉනිම: 228/9 (90) – සසංක නිර්මාල් 61, සඳරුවන් චින්තක 53, ඉසුරු ශානක 25, චාරුක ජයතිලක 4/31.

Army CC සහ SSC

  • Army CC පළමු ඉනිම – 207 (57.2) – ශෙහාන් ප්‍රනාන්දු 103, මනුෂ්ක සමිත් 67, කළණ පෙරේරා 5/42.
  • SSC පළමු ඉනිම – 189/1 (32) – ශෙවෝන් ඩැනියල් 67*, සදීශ් රාජපක්ෂ 64.

NCC සහ Air Force SC

  • NCC පළමු ඉනිම – 220 (58.3) – විනුක රූබසිංහ 118, ශෙහාන් හේරත් 41, ශෙනාෂ් ප්‍රනාන්දු 3/43.
  • Air Force පළමු ඉනිම – 87/2 (18.4) – ගිහාන් අසංක 36.

Sebastianites C & AC සහ Panadura SC

  • Panadura SC පළමු ඉනිම– 252/8 (90) – විශ්ව ලහිරු කුමාර 59*, රිශික දෙවටගේ 54, මිරංග වික්‍රමගේ 4/77.

Colombo Colts CC සහ Chilaw Marians CC

  • Chilaw Marians CC පළමු ඉනිම– 57 (17.4) – කේසර නුවන්ත 21, හර්ෂණ වික්‍රමසිංහ 5/30, චමෝද් බට්ටගේ 4/20.
  • Colombo Colts CC පළමු ඉනිම – 211/3 (37.4) – අවිශ්ක පෙරේරා 82, රවිඳු රශන්ත 78, චමෝද් සඳරු 2/18.

BRC සහ Moors SC

  • BRC පළමු ඉනිම – 247 (51.4) – දුලාජ් අශාන් 126, විනුද ලියනගේ 31, ශක්ති උදාර 30*, දේශාන් ගමගේ 3/39.
  • Moors SC පළමු ඉනිම – 79/2 (20.3) – ඔමේෂ් මෙන්ඩිස් 38, මොහොමඩ් රාසීන් 25.

23න් පහළ අන්තර් සමාජ නැගීඑන ක්‍රිකට් තරගාවලියේ සියලු තරගවල තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<