පොලිස් ක්‍රීඩකයින් ලකුණකින් පළමු ඉනිම ජය ගනී

වයස අවුරුදු 23න් පහළ නැගීඑන ක්‍රිකට් තරගාවලිය 2023

189

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ නැගීඑන ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (20) අවසන් වුනා.

පොලිස් ක්‍රීඩා සමාජය සහ  බදුරලිය ක්‍රිකට් සමාජය අතර පැවති මේ තරගයේ අද දෙවැනි දිනයට තරගය ආරම්භ වන විට පොලිස් කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 151ක් ලබාගෙන සිටියා.

රොහාන් සංජය සහ චාරුක ජයතිලක එක්ව පොලිස් කණ්ඩායමේ පසුපෙළ සවිමත් කරමින් දෙවැනි දිනය තුල තවත් ලකුණු 43ක් ඔවුන්ගේ ලකුණු සටහනට එක් කළා. අවසානයේ දී රොහාන් සංජය ලකුණු 40ක් සහ චාරුක ලකුණු 31ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී නරේන් මුරලිදරන් (මුත්තයියා මුරලිදරන්ගේ පුත්) ලකුණු 47කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම දියත් කළ බදුරලිය කණ්ඩායම වෙනුවෙන් ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. දුනිත් ජයතුංග අර්ධ ශතකයක් ලබාගෙන ඔවුන්ගේ පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වන විට, ආරම්භක පිතිකරු හසිත අමරසිංහ ලකුණු 34ක් ලබාගෙන දස්කම් දැක්වූවා.

පන්දුවාර 52කුත් පන්දු 4ක් අවසානයේ දී ඔවුන් සිය පළමු ඉනිමේ ජයග්‍රහණයට ලකුණක් මෙපිටින් සිටිය දී බදුරලිය කඩුලු සියල්ලම දවා ගන්නට දිනුක වන්නිආරච්චි ඇතුළු පොලිස් පන්දු යවන්නන් සමත් වුනා.

පළමු ඉනිමේ ජයග්‍රහණය සඳහා හිමි ප්‍රසාද ලකුණු සහ ගෞරවය සහිතව සිය දෙවැනි ඉනිම දියත් කළ පොලිස් කණ්ඩායම තරගයේ අවසානය වන විට කඩුලු 3ක් දැවී ලකුණු 87ක් ලබා ගත්තා.

බිහඟ මෙන්ඩිස් ලකුණු 41 ලබා ගන්නා විට, නොදැවී ක්‍රීඩා කළ කවිරු පෙරේරා ලකුණු 30*ක් රැස්කර ගත්තා. පන්දු යැවීමේ දී යෙසිත් රූපසිංහ ලකුණු 33කට කඩුලු 3ක් දවා ගත්තා.

  • පොලිස් ක්‍රීඩා සමාජය – 194 (64.2): රොහාන් සංජය 40, චාරුක ජයතිලක 31, නරේන් මුරලිදරන් 3/47. & 87/3 (25): බිහඟ මෙන්ඩිස් 41, කවිරු පෙරේරා 30*, යෙසිත් රූපසිංහ 3/33
  • බදුරලිය ක්‍රිකට් සමාජය – 193 (52.4): දුනිත් ජයතුංග 52, හසිත අමරසිංහ 34, දිනුක වන්නිආරච්චි 3/34

තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<