දඟපන්දු යවන්නෝ දිනය මෙල්ල කරයි

2836
SLC Major Clubs 3-Day Tournament 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන පළමු පෙළ Major League තුන් දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි සතියේ අවසන් දිනය වූ අද (27) තරගවල පාලනය දඟ පන්දු යවන්නන් සතු වීම කැපී පෙනුණා.

එහි දී මාලින්ද පුෂ්පකුමාර, ශෂික දුල්ශාන්, අකිල ධනංජය සහ විදෙස් ක්‍රීඩක Parvez Rasool වැඩි දක්ෂතා දැක්වූවා.

පොලිස් ක්‍රීඩා සමාජයේ මාලින්ද පුෂ්පකුමාර හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 63කට කඩුලු 7ක් දවා ගැනීමට සමත් වුනා. මෙම තරගයේ පළමු ඉනිමේ ද ලකුණු 62කට කඩුලු 5ක් දවා ගන්නා මාලින්ද පුෂ්පකුමාර තරගයේ දී ලකුණු 125කට කඩුලු 12ක් දවා ගන්නවා.

ඔහු තම පළමු පෙළ තරග දිවියේ තරගයක කඩුලු 10ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් 25 වැනි අවස්ථාව මෙයයි.

මේ අතර රාගම ක්‍රිකට් සමාජයේ ශෂික දුල්ශාන් මීගමුව කණ්ඩායමට එරෙහිව ලකුණු 85කට කඩුලු 7ක් දවා ගැනීමට සමත් වෙනවා. එම දක්ෂතාව ඔහුගේ පළමු පෙළ තරග දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීමයි.

එමෙන් ම ඔහු පළමු ඉනිමේ දී ද ලකුණු 45කට කඩුලු 4ක් දවා ගත් අතර ඒ අනුව තරගයේ දී ඔහු ලකුණු 129කට කඩුලු 11ක් දවා ගන්නවා. එය ද ඔහුගේ පළමු පෙළ තරගයක හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වුනා.

බදුරලිය නියෝජනය කරන ඉන්දීය ක්‍රීඩක Parvez Rasool ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 85කට කඩුලු 8ක් බිඳ හෙළමින් දක්ෂතා දැක්වූවා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට පත් කර ගන්නවා.

එමෙන් ම ඔහු පළමු ඉනිමේ දී ද ලකුණු 75කට කඩුලු 5ක් දවා ගන්නා ලද අතර ඒ අනුව තරගයේ දී ලකුණු 160කට කඩුලු 13ක් දවා ගන්නවා. එය ද ඔහුගේ පළමු පෙළ තරගයක හොඳම පන්දු යැවීම බවට පත් වුනා.

මේ අතර කෝල්ට්ස් කණ්ඩායමේ අකිල ධනංජය ගාල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 58කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දක්වන අතර ඔහු පළමු ඉනිමේ දී ද ලකුණු 60කට කඩුලු 4ක් දවා ගන්නවා. ඒ අනුව ඔහු එම තරගයේ දී කඩුලු 10ක් දවා ගන්නා ලද අතර එවැනි දක්ෂතාවක් කළ 2 වැනි අවස්ථාව ලෙසින් තරග ඉතිහාසයට එක් වුනා.

තවත් දඟපන්දු යවන්නෙක් වූ NCC කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය ද අද තම ගිණුමට කඩුලු 5ක් එකතු කර ගත්තා.

දිනයේ වැඩිම ලකුණු ලාභී පිතිකරු බවට වූයේ CCC කණ්ඩායමේ චතුරංග ද සිල්වා. ඔහු BRC කණ්ඩායමට එරෙහිව පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 90ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙම තරගයේ දී හඹා යන ඉනිමක නිරත වූ CCC ක්‍රීඩකයෝ ප්‍රතිවාදීන් ඉදිරියේ ලකුණු 5කින් පරාජයට පත් වෙන අතර එය CCC ඉතිහාසයේ පළමු පෙළ තරග 26කට පසුව පරාජය වූ තරගය වීම විශේෂත්වයක්. ඔවුන් අවසන් වරට පළමු පෙළ තරගයක් පරාජය වී ඇත්තේ 2019 වසරේ ජනවාරියේ දී හලාවත මේරියන්ස් කණ්ඩායම ඉදිරියේ ලකුණු 14කින්.

මේ අතර පොලිස් ක්‍රීඩා සමාජයේ නදීර බාලසූරිය (50*), මීගමුව ක්‍රිකට් සමාජයේ හිමාෂ ලියනගේ (58), රාගම ක්‍රිකට් සමාජයේ ලහිරු දවටගේ (53), බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයේ හසිත බෝයගොඩ (51) සහ කසුන් අබේරත්න (68*), NCC කණ්ඩායමේ ලහිරු උදාර (61) සහ කුරුණෑගල Youth දමිත් පෙරේරා (50) අර්ධ ශතක ලබා ගනිමින් දිනය වර්ණවත් කළා.

Group A

BRC සහ CCC අතර තරගය හැව්ලොක් ටවුන් BRC පිටියේ දී.

• BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 207 (54.1) අභිෂේක් රාමන් 41, ඩිල්රුවන් පෙරේරා 124, චතුරංග ද සිල්වා 5/44, අශාන් ප්‍රියංජන් 2/49

• CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 251 (52.1) සොනාල් දිනූෂ 44, අශාන් ප්‍රියංජන් 93, අංජල බණ්ඩාර 21, සඳුන් මෙන්ඩිස් 40, මොහොමඩ් ශිරාෂ් 4/72, ඩිල්රුවන් පෙරේරා 4/86

• BRC – දෙවැනි ඉනිම සියලුම දෙනා 269 (66.2) අභිෂේක් රාමන් 82, රිසිර වීරසූරිය 51, මෝදිත රණතුංග 22, දුලාන් අශේන් 28, ඩිල්රුවන් පෙරේරා 24, විශ්ව ප්‍රනාන්දු 3/30, චතුරංග ද සිල්වා 2/94, අශාන් ප්‍රියංජන් 3/51

• CCC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 220 (42.2) ලක්ෂාන් සඳකැන් 30, අශාන් ප්‍රියංජන් 21, චතුරංග ද සිල්වා 90, සඳුන් මෙන්ඩිස 34, ඩිල්රුවන් පෙරේරා 3/87, මොහොමඩ් ශිරාෂ් 3/57, දුවිඳු තිලකරත්න 3/50

BRC කණ්ඩායමට ලකුණු 5ක ජයක්.

ගාල්ල සහ කෝල්ට්ස් අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

• ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 242 (77.1) සනුක ගලගොඩ 23, රාගව් ධවාන් 31, ඕෂඳ ප්‍රනාන්දු 38, කවිඳු එදිරිවීර 37, බුද්ධික හසරංග 55, අකිල හසරංග 4/60, මල්ක මධුශංක 3/36

• කෝල්ට්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 195 (57.2) සංගීත් කුරේ 95, ශෙරාන් ෆොන්සේකා 24, තරුෂ් දමිඳු 2/53, රාගව් ධවාන් 2/47, කවිඳු එදිරිසිංහ 3/12

• ගාල්ල – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 195 (81.3) ඔෂද ප්‍රනාන්දු 34, විශ්ව විජේරත්න 74, අකිල ධනංජය 6/58

• කෝල්ට්ස් – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 245 (30.1) සංගීත් කුරේ 34, ධනංජය ලක්ෂාන් 81, ජෙහාන් ඩැනියෙල් 57, කවිශ්ක අංජුල නොදැවී 19, කවිඳු එදිරිවීර 2/48

කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට කඩුලු 3ක ජයක්.

මීගමුව සහ රාගම අතර තරගය කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී.

• මීගමුව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 172 (55) උමේෂ් ලක්ෂාන් 74, සචිඳු කොළඹගේ 48, ඒෂාන් මාලිංග 4/33, ශෂික දුල්ශාන් 4/45

• රාගම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 256 (77) නිශාන් මධුශ්ක 57, ජනිත් ලියනගේ 57, අවිශ්ක තරිඳු 50, සංතුශ් ගුණතිලක 29, නිශාන් පීරිස් 5/100, උපුල් ඉන්ද්‍රසිරි 5/85

• මීගමුව – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 202 (69.1) ජොහාන් ද සිල්වා 43, කවිඳු ඉරෝෂ් 26, දිමුත් සඳරුවන් 26, හිමාෂ ලියනගේ 58, ශෂික දුල්ශාන් 7/85, ඒෂාන් මාලිංග 2/34

• රාගම – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 121 (25.2) ලහිරු දවටගේ 53, සංතුශ් ගුණතිලක නොදැවී 33

රාගම ක්‍රිකට් සමාජයට කඩුලු 7ක ජයක්.

Group B

පොලිස් සහ හලාවත මේරියන්ස් අතර තරගය බම්බලපිටිය පොලිස් පිටියේ දී.

• හලාවත මේරියන්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 175 (57.2) කසුන් විදුර 26, රවීන් යසස් 86, කවිඳු නිර්මාල් 21, දනාල් හේමන්ත 2/32, මාලින්ද පුෂ්පකුමාර 5/62, සුපුන් මධුශංක 2/31

• පොලිසිය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 279 (84.5) ධනුජ ඉඳුවර 34, හේෂාන් ධනුෂ්ක 142, නලින් ප්‍රියදර්ශන 20, දනාල් හේමානන්ද 28, ලසිත් ලක්ෂාන් 7/77, චමෝද් සඳරු 2/40

• හලාවත මේරියන්ස් – සියලුම දෙනා දැවී 189 (62.5) තරිඳු අමරසිංහ 41, ලසිත් ලක්ෂාන් 20, කසුන් විදුර 45, කවිඳු නිර්මාණ 24, මාලින්ද පුෂ්පකුමාර 7/63

• පොලිසිය – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 91 (16) චාමර සිල්වා නොදැවී 32, නදීර බාලසූරිය නොදැවී 50

පොලිස් ක්‍රීඩා සමාජයට කඩුලු 9ක ජයක්.

Tamil Union සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය බොරැල්ල P. Sara Oval පිටියේ දී.

• Tamil Union – පළමු ඉනිම සියලුම දෙනා දැවී 158 (44) දිලුම් සුධීර 32, ශිරාන් ප්‍රනාන්දු 57, අදීශ තිලංචන 5/22, මනෙල්ක ද සිල්වා 2/18

• බ්ලූම්ෆීල්ඩ් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 240 (82.1) හසිත බෝයගොඩ 30, කසුන් අබේරත්න 102, මනෙල්ක ද සිල්වා 22, අදීශ තිලංචන 33, රවිඳු ප්‍රනාන්දු 4/49, දිලුම් සුදීර 3/43

• Tamil Union – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 261 (48.5) නවෝද් පරණවිතාන 81, කමේෂ් නිර්මාල් 45, රොන් චන්ද්‍රගුප්ත 46, ලහිරු මධුශංක 3/42, ජෙෆ්රි වැන්ඩර්සේ 5/92, හිමේෂ් රාමනායක 2/16

• බ්ලූම්ෆීල්ඩ් – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 180 (30) සඳුන් වීරක්කොඩි 43, හසිත බෝයගොඩ 51, කසුන් අබේරත්න නොදැවී 68

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයට කඩුලු 8ක් ජයක්.

සෙබස්තියනයිට්ස් සහ ACE කැපිටල් අතර තරගය දොඹගොඩ යුද හමුදා පිටියේ දී.

• ACE කැපිටල් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 175 (52.3) පවන්ත වීරසිංහ 37, සිතාර ගිම්හාන් 21, හර්ෂ කුරේ 23, වනුජ සහන් 33, රොෂාන් ජයතිස්ස 34, ඉසිත විජේසුන්දර 3/35, චාමිකර එදිරිසිංහ 3/53, දුශාන් විමුක්ති 2/13

• සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 56 (24.4) චාමිකර එදිරිසිංහ නොදැවී 12, සිතුම් දිසානයක 2/08, රොෂාන් ජයතිස්ස 6/09

• ACE කැපිටල් – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 105 (28.4) සිතාර ගිම්හාන් 55, තරිඳු රත්නායක 6/49, චාමිකර එදිරිසිංහ 2/37, දුශාන් විමුක්ති 2/15

• සෙබස්තියනයිට්ස් – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 177 (50.4) අභිශේක් ලියනාරච්චි 80, දුශාන් විමුක්ති 19, රොෂාන් ජයතිස්ස 6/49, වනුජ සහන් 3/61

ACE කැපිටල් ක්‍රිකට් සමාජයට ලකුණු 47ක ජයක්.

NCC සහ කුරුණෑගල Youth අතර තරගය NCC පිටියේ දී

• කුරුණෑගල Youth – පළමු ඉනිම සියලුම දෙනා දැවී 243 (98.5) කෝසල රවින්ද්‍ර 20, දිල්හාර පොල්ගම්පොළ 93, සනෝජ් දර්ශික 48, අරවින්ද ප්‍රේමරත්න නොදැවී 45, අසේල් සිගේරා 4/32

• NCC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 340 (65) ලහිරු උදාර 106, කවින් බණ්ඩාර 94, අහන් වික්‍රමසිංහ 39, අම්ෂි ද සිල්වා 20, ලසිත් ඇඹුල්දෙණිය නොදැවී 19, අරවින්ද ප්‍රේමරත්න 2/60, ඩිලංක අවර්ඩ්ට් 3/72, සචින්ත පීරිස් 3/58

• කුරුණෑගල Youth – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 190 (56.1) දමිත් පෙරේරා 50, නවීන් ප්‍රනාන්දු 27, ලසිත් ඇඹුල්දෙණිය 5/67, අම්ෂි ද සිල්වා 2/22, අශේන් ඩැනියෙල් 3/27

• NCC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 99 (13) ලහිරු උදාර 61, කමිල් මිෂාර නොදැවී 18

NCC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

බදුරලිය සහ ගුවන් හමුදාව අතර තරගය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී.

• ගුවන් හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 164 (56.1) මොවින් සුබසිංහ 61, සෙනාශ් ප්‍රනාන්දු 32, Pravez Rasool 5/75, චානක කොමසාරු 4/50

• බදුරලිය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 331 (93.3) විශ්ව ප්‍රනාන්දු 27, අනුක් ප්‍රනාන්දු 37, Pravez Rasool 100, අලංකාර අසංක 84, නිර්මල රත්නායක 66, මලිත් ද සිල්වා 6/85, මොවින් සුබසිංහ 2/65

• ගුවන් හමුදාව – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 173 (52.2) කෙමිර විජේනායක 45, උදයවංශ පරාක්‍රම 22, ප්‍රවීන් ද සිල්වා 27, මදුශංක ප්‍රේමරත්න 21, Pravez Rasool 8/85, චානක කොමසාරු 2/53

• බදුරලිය – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 9 (1)

බදුරලිය ක්‍රීඩා සමාජයට කඩුලු 10ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<