ඉන්දීය ප්‍රේක්ෂිකාවන් දෙදෙනෙක්ට වටිනා සිහිවටනයක්

393
Rohit sharma & Virat Kohli Charulatha Patel

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (02) බර්මින්ග්හැම් හිදී නිමා වූ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයෙන් ලකුණු 28ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය. 

සචින් හා කෝලි පසුකරමින් අවිශ්ක ඉදිරියට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්..

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගනිමින් පිටියට පිවිස ඉනිම අවසානයේ දී කඩුලු 9කට ලකුණු 314ක් ලබා ගත්තේය. ඊට පිළිතුරු ලෙසින් බංග්ලාදේශයට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී 286ක් පමණි. 

එක්දින ජාත්‍යන්තර පිටියේ රැස් කරන ලද 26 වැනි ශතකය හා මෙවර ලෝක කුසලාන තරගාවලියේ රැස් කරන ලද සිව්වැනි ශතකය වාර්තා කර ගත් රෝහිත් ශර්මා තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.

මෙවර ලෝක කුසලානය සියැසින් දැකබලා ගැනීම සඳහා විවිධ රටවල් නියෝජනය කරමින් විවිධ තරාතිරම් වල රසික රසිකාවියන් ක්‍රීඩාංගණ කරා පැමිණෙන අතර නිමා වූ ශ්‍රී ලංකා –  බටහිර ඉන්දීය කොදෙව් තරගයට පැමිණි සුපිරි පොප් ගායිකා රිහානාට ද විශාල අවධානයක් යොමු විය. 

කෙසේ නමුත් ඊයේ දිනයේ දී තරගය නැරඹීම සඳහා පැමිණ සිටි එක් ප්‍රේක්ෂිකාවක් සියලු දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් විය. නමුත් ඇය රිහානා මෙන් සුප්‍රසිද්ධ චරිතයක් නම් නොවෙයි. 

ඇය නමින් චාරුලතා පටෙල් ය. 87 හැවිරිදි වියේ පසුවන ඇය ඉන්දියාව වෙනුවෙන් ජයඝෝෂා එක්කරන්න බර්මින්හැම් ක්‍රීඩා පිටියට පැමිණ තිබුණේ සිය මිනිබිරිය සහ රෝද පුටුවක ආධාරයෙනි. ඇගේ කම්මුලේ ඉන්දීය ධජයෙන් වර්ණ ගන්වා තිබුණි. රෝහිත් ශර්මා, කෝලි පිටිය සිසාරා පහරවල් එල්ල කරද්දී ඇය ඉතාමත් ප්‍රීතියෙන්, අත තිබුණු නාලාව ද නාද කරමින් ඉන්දියාවට සිය සහයෝගය ලබා දුන්නාය. 

“මම පොඩි කාලේ ඉදන්ම ක්‍රිකට් ක්‍රීඩාවට හරිම ප්‍රියයි. මගේ ළමයි අවසන් පූර්ව තරගයට යනවා මම බලන් හිටියේ හරිම ආසාවෙන්. ඔයා දන්නවා ද, මේ ළමයි ගහන හැම ලකුණක්ම මම ගෙදර පොතක සටහන් කරනවා. ඕනේ නම් මම ඔවුන්ගේ ඉනිමෙන් ඉනිම ලකුණු ලබා ගත් හැටි කියන්නම්. ඒක මගේ විනෝදාංශයක්.” චාරුලතා මාධ්‍යයට පැවසීය.

තරගයෙන් අනතුරුව මේ සුවිශේෂි රසිකාවිය මුණ ගැසීම සඳහා ගිය විරාත් කෝලි චාරුලතාගේ දෙපා නැමැද ඈ සිපගත්තේය. ඇය විසින් ඔහුව ද දෑතින්ම වැලඳ ගනිමින් ආශීර්වාද කරන්නට වූයේ ඇගේම දරුවෙකු මෙනි. 

තාමත් මැතිව්ස්ට බනිනවා ද?

පුන පුනා පවසන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග වදින තරගයක අවසානය…

ඊයේ තරගයේ දී පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 104ක් ලබා රෝහිත් ශර්මා එක් අවස්ථාවක දී එල්ල කළ 6 පහරක් ප්‍රේක්ෂකාගාරයට පතිත වූ අතර එය රැක ගැනීමට උත්සාහ කළ තරුණියකට පන්දුව නිසියාකාරව ග්‍රහණය කර ගැනීමට නොහැකි වීම නිසාවෙන් පන්දුව කෙළින්ම ගොස් නතර වූයේ ඇගේ මුහුණේ වැදීමෙනි. තරගයෙන් අනතුරුව ඇය සොයා ගිය ශර්මා සිය අත්සන සටහන් කරන ලද කහ පැහැති හිස්වැස්මක් (Hat එකක්) ඇය වෙත ලබා දී තිබුණි.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<