ලෝඩ්ස් පිටියෙන් ජාතික කොඩිය ඉවත් කරයි

539

ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන තරගයේදී විනිසුරු තීරණයකට විරෝධය දැක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම රැඳි සිටින ක්‍රීඩා විවේකාගාර බැල්කනියේ ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා ජාතික කොඩිය ඉවත් කරන්නැයි එම්.සී.සී.ය ඊයේ (12දා) දන්වා තිබුණ බව ඩේලි මේල් පුවත් සේවය සඳහන් කරයි.

National flag was removed from lordsනුවන් ප්‍රදීප් යොමුකළ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ඇලෙක්ස් හේල්ස් දැවී යාමට තිබූ අවස්ථාවක් එම පන්දුව නිපන්දුවක් ලෙස සනිටුහන් කිරීමට තරගයේ විනිසුරු ලෙස කටයුතු කළ රොඩ් ටකර් කටයුතු කළේය.කෙසේ වෙතත් කැමරා පුනරූපන වලින් දැක්වූයේ එය නිපන්දුවක් නොවන බවත් නිවැරදි සීමාවේ සිට යොමුකළ පන්දුවක් වශයෙනි. මෙයට විරෝධය දැක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සිය විවේකාගාර බැල්කනියේ ජාතික කොඩිය ප්‍රදර්ශයන කළ අතර පසුව එය ඉවත් කරන ලෙස එම්.සී.සී. ය දැනුම් දුන්නේය.

තරගයේදී විනිසුරන් විසින් ලබාදුන් දෙවැනි මතභේදාත්මක තීරණය එය විය. ශ්‍රී ලංකා කණ්ඩායම විනාඩි 45ක් පමණ සිය ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ අතර තරගයේදී ලබාදුන් නිවැරදි නොවන තීන්දුව පිළිබඳව අයි.සී.සීයටද පැමිණිලි කර තිබේ. කෙසේ වෙතත් එම තීරණය සම්බන්ධයෙන් පසුව රොඩ් ටකර් සමාව ගෙන තිබෙන බවද ඩේලිමේල් පුවත්සේවය සඳහන් කරයි.

තවත් පුවත් කියවීමට පිවිසෙන්න – මුල් පිටුවට