41වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලිය

187

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද 41වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට අයත් පාපන්දු තරග පසුගියදා බදුල්ල වින්සන්ට් ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය.

ඒ දිවයිනේ සියළුම පළාත් නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් යුතුවය. පිරිමි පාපන්දු ශුරතාව සබරගමු පළාතට හිමි වු අතර කාන්තා පාපන්දුශුරතාව වයඹ පළාතට හිමිවිය.

පිරිමි පාපන්දු අවසන් මහා තරගයේදි සබරගමු පළාත් කණ්ඩායම සහ දකුණු පළාත් කණ්ඩායම තරග වැදුණු අතර එහිදිගෝල 3-0ක් ලෙස විශිෂ්ට ජයක් ලැබිමට සබරගමු පළාත් ක්‍රීඩකයින්ට හැකිවිය. පිරිමි පාපන්දු අනුශුරතාවය දකුණු පළාත් කණ්ඩායම හිමිවිය. පිරිමි පාපන්දු තෙවැනි ස්ථානය සදහා වු තරගයේදි උතුරු පළාත් කණ්ඩායම සහ බස්නාහිර පළාත් කණ්ඩායම තරග වැදුණු අතර එහිදි ගෝල 5-1ක් ලෙස පහසු ජයක් ලබා තෙවැනි ස්ථානයට හිමිකම් කිමට උතුරු පළාත් කණ්ඩායම සමත් විය. දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සබරගමු පළාත් කණ්ඩායම් නායක කේ.එම්.නිරෝෂන් සම්මානයට පාත්‍ර විය.

කාන්තා පාපන්දු අවසන් මහා තරගයේදී බස්නාහිර පළාත් කණ්ඩායම සහ වයඹ පළාත් කණ්ඩායම තරග වැදුණු අතර එහිදි ගෝල 2-0 ලෙස ජයගත් වයඹ ක්‍රීඩිකාවෝ කාන්තා ශුරතාව තමන් සතු කරගන්නට සමත් විය. අනුශුරතාවය බස්නාහිර පළාත් කණ්ඩායම හිමිකරගත් අතර කාන්තා පාපන්දු තෙවැනි ස්ථානය ඌව පළාතට හිමිවිය. ඒ ගෝල 4-2ක් ලෙස දකුණු පළාත් කණ්ඩායම පරාජය කරමිනි.

තරගාවලිය නැරඹීමට සහ ත්‍යාග ප්‍රධානොත්සවය සදහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දහනායක, ඌව පළාත් ක්‍රීඩා අමාත්‍ය සාලිය සුමේධ, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂකා ධම්මිකා වනිගසිංග, හිටපු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම් නායක නිමල් විජේසේකර සහ ජාතික පාපන්දු විනිසුරු නිමල් වික්‍රමතුංග යන මහත්ම මහත්මින් රැසක් සහභාගි විය.