Home Sinhala දික්වැල්ල ඇතුළු Greens හමුවේ ප්‍රබල Reds පරාජයට

දික්වැල්ල ඇතුළු Greens හමුවේ ප්‍රබල Reds පරාජයට

SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022

385

2022 SLC ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් ලීගයේ SLC Reds සහ SLC Greens අතර තරගය අද (10) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.

එම තරගයෙන් ප්‍රබල Reds ලකුණු 8කින් පරාජය කරමින් පෙරළිකාර ජයක් ලබා ගැනීමට Greens සමත් වුනා.

පළමු තරග දිනයේ මෙන්ම අඩු ලකුණු සංඛ්‍යා මත පදනම් නොවුණු මේ තරගය ලකුණු 162ක ඉලක්කයක් හඹා ගිය කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු Redට Greens දක්ෂ පන්දු යැවීම හමුවේ පන්දුවාර 20 අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 153ක් පමණයි.

Reds සිය ජයග්‍රාහී කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කරමින් දුනිත් වෙල්ලාලගේ සහ කලන පෙරේරා වෙනුවට ලහිරු මදුශංක සහ ප්‍රභාත් ජයසූරිය මේ තරගය සඳහා කැඳවා තිබුණා.

එසේම පළමු තරගය පරාජය වුනු Greens බිනුර ප්‍රනාන්දු වෙනුවට දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක නිමේෂ් විමුක්ති මේ තරගය සඳහා ක්‍රීඩා කරවනු ලැබුවා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • SLC Greens – දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල (WK), නුවනිඳු ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ධනංජය ලක්ෂාන්, රමේස් මෙන්ඩිස්, නිමේෂ් විමුක්ති, ජෙෆ්රි වැන්ඩර්සේ, ලක්ෂාන් සඳකැන්, නුවන් තුෂාර
  • SLC Reds – කුසල් මෙන්ඩිස් (නායක/WK), ලසිත් කෲස්පුල්ලේ, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, ලහිරු මදුශංක, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, ප්‍රභාත් ජයසූරිය, මහීෂ් තීක්ෂණ, අසිත ප්‍රනාන්දු

කාසියේ වාසිය දිනූ Greens නායක ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එහි දී ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් වූ නිස්සංක සහ දික්වැල්ල හට සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට හැකි වුනේ නැහැ.

අසිත ඇතුළු Reds පන්දු යවන්නන් Greens පළමු කඩුලු 4 ලකුණු 49ක් තුල දවාගෙන ඔවුන්ගේ මුල්පෙළ යම් මට්ටමකට පාලනය කිරීමට සමත් වුනා.

කෙසේ නමුත් අනෙක් අන්තයෙන් සිය සුපුරුදු රිද්මයෙන් පන්දුවට පහර දුන් දික්වැල්ල Greens කොඳු නාරටිය බවට පත්වෙමින් පන්දු 56ක් තුල නොදැවී ලකුණු 76*ක් ලබා ගත්තා. එය ඔහුගේ 9 වැනි විස්සයි විස්ස අර්ධ ශතකය වුනු අතර ඔහු Greens ඉනිමේ අවසන් පන්දුව දක්වා කඩුල්ලේ රැඳී සිටීම විශේෂත්වයක් වුනා.

දික්වැල්ල සමඟ 5 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ නායක ශානක ලකුණු 42ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ලකුණු පුවරුවට යම් ස්ථාවරත්වයක් එක් කළ අතර එය ඔවුන්ගේ ඉනිමේ වාර්තා වුනු හොඳම සබඳතාවයයි. එහි දී ශානක පන්දු 12ක් තුල 4 පහර 3ක් එල්ල කරමින් වේගවත් ලකුණු 21ක් ලබාගත්තා.

ධනංජය ලක්ෂාන් සහ රමේෂ් පිළිවෙළින් ලකුණු 19ක් සහ ලකුණු 11ක් ලබා ගත් අතර අවසානයේ දී Greens ඉනිම 161/6ක් ලෙස සටහන් වුනා. පන්දු යැවීමේ දී අසිත කඩුලු 2ක් දවා ගන්නා විට, මතීෂ, ආරච්චිගේ සහ වනිඳු අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 163ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ප්‍රබල Reds ආරම්භක පිතිකරුවන් නැවත වතාවක් අර්ධ ශතක සබඳතාවයක් ගොඩනංවමින් හඹා යාමට සාර්ථක අඩිතාලමක් ලබා දුන්නා.

නායක කුසල් ලකුණු 30ක් ලබාගෙන සිටිය දී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී යාම නිසා එම ලකුණු 61 සබඳතාවය නිමා වුනු අතර ඉන් පන්දු 8කට පසුව පළමු තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගත් කෲස්පුල්ලේ ලකුණු 31කට දැවී ගියා.

ලකුණු 68කට කඩුලු 2ක් බිඳ වැටී තිබුණු අවස්ථාවේ පිටියේ එක්වූ ජාත්‍යන්තර අත්දැකීම් තිබෙන පිතිකරුවන් දෙදෙනෙක් වන රාජපක්ෂ සහ කමිඳු තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41ක් තුල ලකුණු 55ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ මැදපෙළ යම් මට්ටමකින් ස්ථාවර කරගත්තා.

නමුත් Reds කණ්ඩායමට අවශ්‍ය වුනු ප්‍රහාරාත්මක වේගය එහි දී රඳවා ගැනීමට නොහැකි වුනු අතර එම අවස්ථාවේ දී Greens නායක ශානක සිය පන්දු යවන්නන් ඉතාමත් හොඳින් කළමනාකරණය කරගනිමින් භාවිතා කිරීම කැපී පෙනුණා.

රාජපක්ෂ සහ කමිඳු පිළිවෙළින් ලකුණු 34කට සහ ලකුණු 24කට දැවී යාමත් සමඟම Reds කණ්ඩායමේ ඉලක්කයක ඔවුන්ගෙන් ගිලිහී යන බවක් පෙන්නුම් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස අවසන් පන්දුවාරය තුල Reds ජයග්‍රහණය සඳහා ලකුණු 27ක තරගකාරී ඉලක්කයක් ලැබුණු නමුත් ධනංජය ලක්ෂාන් ක්‍රියාත්මක කළ එම පන්දුවාරයේ දී ක්‍රියාත්මක වුනු ආරච්චිගේ 4 පහර 3 එල්ල කරමින් තරගයේ උණුසුම් බව වැඩි කළා.

කෙසේ නමුත් අවසානයේ දී ධනංජය ලක්ෂාන් එම පන්දුවාරය ලකුණු 16කට ක්‍රියාත්මක කිරීමට සමත් වුනු නිසා තියුණු සටනකට පසුව පෙරළිකාර ජයක් ළඟා කරගෙන තරගාවලියේ පළමු ජය ලබාගැනීමට Greens කණ්ඩායමට හැකියාව ලැබුණා.

SLC Greens කණ්ඩායමට ලකුණු 8ක තියුණු ජයක්

තරගයේ වීරයා – නිරෝෂන් දික්වැල්ල (Greens)

Result


Greens
161/6 (20)

Reds
153/5 (20)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka b Sahan Arachchige 10 20 1 0 50.00
Niroshan Dickwella not out 76 56 8 0 135.71
Dinesh Chandimal c Kusal Mendis b Asitha Fernando 15 9 3 0 166.67
Nuwanidu Fernando b Asitha Fernando 1 2 0 0 50.00
Dasun Shanaka run out (Lasith Croospulle) 21 12 3 0 175.00
Dhananjaya Lakshan st Wanindu Hasaranga b Kusal Mendis 19 12 3 0 158.33
Ramesh Mendis c Lahiru Madushanka b Matheesha Pathirana 11 8 1 0 137.50
Lakshan Sandakan not out 0 1 0 0 0.00


Extras 8 (b 0 , lb 1 , nb 0, w 7, pen 0)
Total 161/6 (20 Overs, RR: 8.05)
Bowling O M R W Econ
Maheesh Theekshana 4 0 30 0 7.50
Asitha Fernando 4 0 32 2 8.00
Matheesha Pathirana 4 0 25 1 6.25
Sahan Arachchige 1 0 13 1 13.00
Wanindu Hasaranga 4 0 30 1 7.50
Prabath Jayasuriya 2 0 20 0 10.00
Lahiru Madushanka 1 0 10 0 10.00


Batsmen R B 4s 6s SR
Lasith Croospulle c Jeffrey Vandersay  b Lakshan Sandakan 31 24 3 0 129.17
Kusal Mendis lbw b Nimesh Vimukthi 30 32 3 0 93.75
Bhanuka Rajapakse c Nuwanidu Fernando b Lakshan Sandakan 34 28 2 0 121.43
Kamindu Mendis b Ramesh Mendis 24 22 0 1 109.09
Wanindu Hasaranga c Ramesh Mendis b Nuwan Thushara 3 4 0 0 75.00
Lahiru Madushanka not out 1 2 0 0 50.00
Sahan Arachchige not out 19 8 4 0 237.50


Extras 11 (b 0 , lb 3 , nb 0, w 8, pen 0)
Total 153/5 (20 Overs, RR: 7.65)
Bowling O M R W Econ
Nimesh Vimukthi 3 0 23 1 7.67
Nuwan Thushara 4 0 32 1 8.00
Dhananjaya Lakshan 4 0 39 1 9.75
Jeffrey Vandersay  2 0 9 0 4.50
Lakshan Sandakan 3 0 25 1 8.33
Ramesh Mendis 4 0 22 1 5.50



තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<