උඩවත්ත සහ චතුරංග එන්. සී. සී. ගොඩ ගනී

110

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (17) නිමා වූ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අතුරින් කැපී පෙනෙන ඉනිමක නිරත වීමට එන්. සී. සී. කණ්ඩායමේ මහේල උඩවත්ත සහ චතුරංග ද සිල්වා සමත් වූහ. 

ඔවුන්ගේ දක්ෂතා සමඟින් එන්. සී. සී. ක්‍රීඩකයෝ තරගාවලියේ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ අතර ඔවුන් සමග රාගම ක්‍රිකට් සමාජය, හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ එස්. එස්. සී. ක්‍රීඩකයෝ ද එම අවස්ථාව ලබා ගත්හ. 

සම්පත් සහ මනීශාන් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු…

රාගම සහ කෝල්ට්ස් අතර තරගය

කටුනායක නිදහස් කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට රාගම ක්‍රිකට් සමාජය සමත් විය. 

කාසියේ වාසිය දිනූ කෝල්ට්ස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 5ක් දැවී ලකුණු 162ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමේ දී රාගම ක්‍රීඩකයෝ තවත් පන්දු වාරයක් ඉතිරිව තිබිය දී කඩුලු 5ක් දැවී ලකුණු 163ක් ලබා ගත්හ. 

එම තරගයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමත් විය. ඔහු පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 76ක් ලබා ගත්තේය. 

නමුත් එම ඉනිම පාලනය කිරීමේ දී ශෙහාන් සඳරුවන් ලකුණු 29කට කඩුලු 4ක් දවා ගත්තේය. ඔහු ඉනිමේ 15 වැනි සහ 17 වැනි පන්දුවාර වල දී කඩුලු 2 බැගින් දවා ගනිමින් මේ දක්ෂතාව දැක්විය.  

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 5ක් දැවී 162 (20) අවිශ්ක ප්‍රනාන්දු 76, සධීර සමරවික්‍රම 39, ෂෙහාන් සඳරුවන් 4/29

රාගම ක්‍රිකට් සමාජය; කඩුලු 5ක් දැවී 163 (19) නිශාන් මධුශ්ක 26, ජනිත් ලියනගේ 44, සමින්ද ප්‍රනාන්දු 20, සුපේෂල ජයතිලක නොදැවී 28, ඉෂාන් ජයරත්න නොදැවී 22

එස්. එස්. සී. සහ හලාවත මේරියන්ස් අතර තරගය

බොරැල්ල පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 14ක ජයක් ලබා ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනා ගත් එස්. එස්. සී. නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ තම ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 163ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් එස්. එස්. සී. ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 149ක් පමණි.

Photos: Chilaw Marians CC vs SSC | SLC Invitation T20 Tournament 2019/20

හලාවත මේරියන්ස් ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ලසිත් කෘaස්පුල්ලේ පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තේය. 

පන්දු යැවීමේ දී එස්. එස්. සී. කණ්ඩායමේ සචිත්‍ර සේනානායක ලකුණු 23කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය. 

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 8ක් දැවී 163 (20) ලසිත් කෘaස්පුල්ලේ 60, ෂෙහාන් ජයසූරිය 33, තික්ෂිල ද සිල්වා 26, සචිත්‍ර සේනානායක 4/23

එස්. එස්. සී.; කඩුලු 8ක් දැවී 149 (20) ධනුෂ්ක ගුණතිලක 27, සචිත්‍ර සේනානායක 36, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 26, ශෙහාන් ජයසූරිය 2/23, තික්ෂිල ද සිල්වා 2/28, පුලින තරංග 2/19

බංග්ලාදේශ ප්‍රබලයෙක් පාකිස්තානයට යන්න බැහැ කියයි

බංග්ලාදේශ කණ්ඩායමේ එළඹෙන පාකිස්තානු සංචාරය සඳහා ඔවුන්ගේ කඩුලු රකි…


සී. සී. සී. සහ බදුරලිය අතර තරගය 

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සී. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනා ගත් බදුරලිය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 159ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සී. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 3ක් පමණක් දැවී පන්දු 4ක් ද ඉතිරිව තිබිය දී ලකුණු 163ක් ලබා ගත්හ.

එම තරගයේ දී සී. සී. සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු මළිඳු මධුරංග පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 62ක් ලබා ගත්තේය. ඊට අමතරව නායක අශාන් ප්‍රියංජන් පන්දු 32ක දී හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබා ගත්තේය. 

පරාජිත කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව් දක්ෂතා දැක්වීමට ශෙහාන් මධුශංක සමත් විය. 

බදුරලිය ක්‍රීඩා සමාජය; කඩුලු 6ක් දැවී 159 (20) ලහිරු සමරකෝන් 23, ලහිරු මිලන්ත 24, දමිත් පෙරේරා නොදැවී 39, ෂෙහාන් මධුශංක නොදැවී 39, වනිඳු හසරංග 3/19

සී. සී. සී.; කඩුලු 3ක් දැවී 163 (19.2) මළිඳු මධුරංග 62, මිනෝද් භානුක 24, අශාන් ප්‍රියංජන් නොදැවී 41, ෂෙහාන් මධුශංක 3/20

ලුම්බිණි තර්ස්ටන් සටනේ වැඩි වාසිය තර්ස්ටන් විද්‍යාලයට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන…

එන්. සී. සී. සහ යුද හමුදාව අතර තරගය

බොරැල්ල පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එන්. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 148ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමේ දී එන්. සී. සී. එම ඉලක්කය පසු කළේ කඩුලු 4ක් පමණක් දැවී තවත් පන්දු 5ක් ද ඉතිරි කර ගනිමිනි. 

Photos: NCC vs Army SC | SLC Invitation T20 Tournament 2019/20 | QF 2

එන්. සී. සී. ඉනිමේ කඩුලු 4ක් දැවී ලකුණු 59ක් ලබා අසීරු අඩියක වැටී සිටිය දී එම ඉනිම ගොඩගනු ලැබුවේ මහේල උඩවත්ත සහ චතුරංග ද සිල්වා ය. ඔවුන් දෙදෙනා එක්ව 5 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 93ක සබඳතාවක් ගොඩ නැගූහ. එහි දී මහේල උඩවත්ත පන්දු 42කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 57ක් ලබා ගත්තේය. 

චතුරංග ද සිල්වා නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 49කි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 33කට මුහුණ දුන් අතර හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් ඊට ඇතුළත් කෙරුණි. 

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 8ක් දැවී 148 (20) ලක්ෂාන් එදිරිසිංහ 39, තිසර පෙරේරා 26, සීක්කුගේ ප්‍රසන්න 21, ජනිත් සිල්වා නොදැවී 26, ලසිත් මාලිංග 2/31, චාමික ගුණසේකර 2/20, සචිඳු කොළඹගේ 2/32

එන්. සී. සී.; කඩුලු 4ක් දැවී 152 (19.1) උපුල් තරංග 22, මහේල උඩවත්ත නොදැවී 57, චතුරංග ද සිල්වා නොදැවී 49, තිසර පෙරේරා 2/25

තරගාවලියේ අවසන් පූර්ව තරග මේ මස 19 වැනි ඉරිදා කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<