Home Sinhala කෘෘස්පුල්ලේ සහ අසිත පළමු තරගයේ දී ම වැඩ පෙන්වයි

කෘෘස්පුල්ලේ සහ අසිත පළමු තරගයේ දී ම වැඩ පෙන්වයි

SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022

504

SLC ආරාධිත විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (8) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.

SLC Reds සහ SLC Greys අතර පැවති එම තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමට Reds සමත් වුනා.

තරගාවලියේ අර්ධ ශතකයක් ලද පළමු පිතිකරුවා බවට පත්වීමට ලසිත් කෲස්පුල්ලේ සමත් වුනු අතර Reds වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ලකුණු 22ක් ඇතුළත කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ වීරයා බවට පත්වුනා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්.

  • Reds – කුසල් මෙන්ඩිස් (නායක(WK), ලසිත් කෲස්පුල්ලේ, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, කලන පෙරේරා, මහීෂ් තීක්ෂණ, අසිත ප්‍රනාන්දු
  • Greys – අශාන් ප්‍රියන්ජන් (නායක), අශාන් රන්දික, තනුක දාබරේ, සංගීත් කුරේ, මිනෝද් භානුක (WK), මුදිත ලක්ෂාන්, මොවින් සුබසිංහ, පුලින තරංග, මිලාන් රත්නායක, ලක්ෂාන් ගමගේ, අකිල දනංජය

කාසියේ වාසිය දිනා ගත් Reds නායක කුසල්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් Greys කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 120ක් ලබා ගත්තා.

නියමිත ඉලක්කයට පන්දු යැවීමත්, සැලසුම අනුවම පන්දු රකින්නන් ස්ථානගත කිරීමටත් Reds නායකයා කටයුතු කළ නිසා Greys ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම ලකුණු 29ක් තුල දැවී ගියා.

දැවී ගිය පළමු කඩුලු 4න් 3ක්ම වේගපන්දු යවන අසිත විසින් දවා ගනිද්දී, මතීෂ පතිරණ මිනෝද්ගේ කඩුල්ල දවා ගනිමින් Greys පීඩනය දෙගුණ තෙගුණ කිරීමට සමත් වුනා.

නම් දරා සිටින ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම අඩු ලකුණු සංඛ්‍යාවක් ඇතුළත දැවී යෑමෙන් පසු පිටියේ ඉතිරිව සිටි එකම ප්‍රධාන පිතිකරුවා වූයේ රන්දිකයි. ඔහුව මහීෂ් විසින් දවා ගන්නා විට Greys ඉනිමේ 10 වැනි පන්දුවාරයේ දී ඔවුන්ගේ ලකුණු සටහන 47/5ක් ලෙස සටහන් වුනා.

කෙසේ වෙතත් ඉන් අනතුරුව පිටියට එක්වූ සුබසිංහ සහ ලක්ෂාන් යන යොවුන් පිතිකරුවන් දෙදෙනා 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක සම්බන්ධතාවක් පවත්වමින් Gresy ලකුණු පුවරුව තරගකාරී මට්ටමකට රැගෙන එන්නට සමත් වුනා. සුබසිංහ පන්දු 25ක දී ලකුණු 32ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර ඔහුගේ ඉනිමට 4 පහරක් සහ 6 පහර 2ක් ඇතුළත් වුනා.

අසිත ලකුණු 22කට කඩුලු 4ක් දවා ගන්නා විට, මතීෂ සහ මහීස් කඩුලු 2 බැගින් බිඳ දැමුවා.

ලකුණු 121ක ඉලක්කයක් හඹා ගිය Reds කණ්ඩායම පන්දුවාර 16කුත් පන්දු 5ක් අවසානයේ දී සිය ඉලක්කය සපුරා ගත්තේ තවත් කඩුලු 7ක් අත තබා ගෙනයි.

Reds ආරම්භක පිතිකරුවන් යුගලය වුනු කෲස්පුලේ සහ නායක කුසල් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 72ක දී වේගවත් ලකුණු 88ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා හොඳ අඩිතාලමක් සකස් කළා.

තමන් මුහුණ දුන් 39 වැනි පන්දුවේ දී සිය අර්ධ ශතකය සපුරා ගත් කෲස්පුල්ලේ මේ තරගාවලියේ අර්ධ ශතකයක් වාර්තා කරන ලද පළමු පිතිකරුවා බවට පත්වුනා.

ඉන් පන්දු 3ක් ඇතුළත කෲස්පුල්ලේත් (54), කුසල් (34) දෙදෙනාම දැවී ගියත් සැලකිය යුතු අභියෝගයක් ලබා දීමට තරම් වූ ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ නොමැති වීම නිසා Reds ජයග්‍රහණය වැළැක්වීමට Greys පන්දු යවන්නන්ට අවස්ථාවක් ලැබුණේ නැහැ.

තරගයේ වීරයා –  අසිත ප්‍රනාන්දු (Reds)


Result


Greys
120/9 (20)

Reds
121/4 (16.5)

Batsmen R B 4s 6s SR
Ashan Randika c & b Maheesh Theekshana 20 23 2 0 86.96
Thanuka Dabare c Matheesha Pathirana b Asitha Fernando 5 4 1 0 125.00
Sanegeeth Cooray c Wanindu Hasaranga b Asitha Fernando 4 2 1 0 200.00
Ashan Priyanjan c Lasith Croospulle b Asitha Fernando 4 7 0 0 57.14
Minod Bhanuka c Bhanuka Rajapakse b Matheesha Pathirana 2 7 0 0 28.57
Muditha Lakshan c Lasith Croospulle b Matheesha Pathirana 24 35 2 0 68.57
Movin Subasingha c Wanindu Hasaranga b Kalana Perera 32 25 1 2 128.00
Pulina Tharanga not out 16 14 0 0 114.29
Lakshan Gamage c Asitha Fernando b Maheesh Theekshana 0 1 0 0 0.00
Akila Dananjaya b Asitha Fernando 2 3 0 0 66.67
Milan Rathnayake not out 1 1 0 0 100.00


Extras 10 (b 4 , lb 1 , nb 2, w 3, pen 0)
Total 120/9 (20 Overs, RR: 6)
Bowling O M R W Econ
Matheesha Pathirana 4 0 16 2 4.00
Asitha Fernando 4 0 22 4 5.50
Kalana Perera 3 0 17 1 5.67
Matheesha Pathirana 3 0 16 2 5.33
Wanindu Hasaranga 4 0 26 0 6.50
Dunith wellalage 2 0 18 0 9.00


Batsmen R B 4s 6s SR
Lasith Croospulle run out (Muditha Lakshan) 54 44 8 0 122.73
Kusal Mendis st Minod Bhanuka b Akila Dananjaya 34 30 0 3 113.33
Bhanuka Rajapakse lbw b Akila Dananjaya 4 6 0 0 66.67
Kamindu Mendis c Ashan Priyanjan b Pulina Tharanga 15 14 1 0 107.14
Wanindu Hasaranga not out 3 2 0 0 150.00
Sahan Arachchige not out 2 5 0 0 40.00


Extras 9 (b 0 , lb 3 , nb 0, w 6, pen 0)
Total 121/4 (16.5 Overs, RR: 7.19)
Bowling O M R W Econ
Muditha Lakshan 2 0 10 0 5.00
Lakshan Gamage 1 0 18 0 18.00
Thanuka Dabare 1.5 0 9 0 6.00
Milan Rathnayake 1 0 11 0 11.00
Akila Dananjaya 4 0 36 2 9.00
Pulina Tharanga 3 0 18 1 6.00
Ashan Priyanjan 4 0 16 0 4.00



තරගාවලියේ සියලු පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<