Home Sinhala Blues වේගය හමුවේ Greens පිතිකරුවන් පසුබසියි

Blues වේගය හමුවේ Greens පිතිකරුවන් පසුබසියි

SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022

474
SLC Blues Vs SLC Greens

SLC ආරාධිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ පැවති දෙවැනි තරගයෙන් SLC Greens පරාජය කරමින් ලකුණු 32ක ජයක් වාර්තා කිරීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු Blues කණ්ඩායම ඊයේ (08) රාත්‍රියේ සමත් වුනා.

පළමු තරගය මෙන්ම අඩු ලකුණු සංඛ්‍යා මත පදනම්ව මෙම තරගය ද නිමාවට පත්වීම කැපී පෙනුණා. ලකුණු 123ක ඉලක්කයක් හඹා ගිය දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු Greens කණ්ඩායමට Blues දක්ෂ පන්දු යැවීම හමුවේ පන්දුවාර 18.3ක දී සියල්ලන්ම දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 90ක් පමණයි.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්

  • Blues – චරිත් අසලංක (නායක), දනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම (WK), ධනංජය ද සිල්වා, අශේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, සුමින්ද ලක්ෂාන්, ප්‍රමෝද් මදුශාන්, ප්‍රවීන් ජයවික්‍රම, කසුන් රාජිත, ඩිල්ශාන් මදුශංක
  • Greens – දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල (WK), නුවනිඳු ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ධනංජය ලක්ෂාන්, රමේස් මෙන්ඩිස්, බිනුර ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, ලක්ෂාන් සඳකැන්, නුවන් තුෂාර

ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී කාසියේ වාසිය දිනා ගත් Blues නායක අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

එහි දී ඔවුන්ගේ පළමු කඩුලු 8ම ලකුණු 71ක දී බිඳ දැමීමට Greens පන්දු යවන්නන් සමත් වුනත්, 9 වැනි කඩුල්ලට පිටියේ එක්වූ බණ්ඩාර සහ රාජිත දෙදෙනා ලකුණු 40ක සාර්ථක පසුපෙළ සබඳතාවයක් ගොඩනංවමින් ලකුණු 122ක් දක්වා සිය කණ්ඩායම රැගෙන ගියා.

ඉනිමේ කොඳුනාරටිය බවට පත් වුණු බණ්ඩාර නොදැවී ලකුණු 37*ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් වන තෙක්ම සිය කඩුල්ල ආරක්ෂා කර ගනිද්දී, ඔහුට අනගි සහායක් ලබා දුන් රාජිත පන්දු 25ක දී ලකුණු 19ක් ලබා ගත්තා.

අවශ්‍ය මොහොතේ දී සිය සේවය කණ්ඩායමට ලබා දුන් වේගපන්දු යවන්නා සිය ඉනිමට හතරේ පහර 2ක් ද වාර්තා කර ගැනීම කැපී පෙනුණා.

මුළු ලකුණු සංඛ්‍යාව 11ක් වන විට ආරම්භක පිතිකරුවන් වූ ගුණතිලක සහ සධීර දවා ගැනීමට තුෂාර සහ බිනුර සමත් වුනා. නායක අසලංක සහ ධනංජය සිය බිඳ වැටුණු ඉනිම ගොඩ ගැනීමට දැඩි උත්සාහයක් ගත් නමුත්, රමේෂ් සහ වැන්ඩර්සේ එයට හරස් වුනා.

දඟපන්දු යවන්නන්ට වැඩි දායකත්වයක් ලබා දුන් මේ තණතීරු‌වේ දී හොඳින් පන්දුව දඟකැවීමට සමත් වුනු වැන්ඩර්සේ ධනංජය දවා ගත්  පන්දුවාරයේ තවත් පන්දු 4ක් ඇතුළත කරුණාරත්නගේ කඩුල්ල ද දවා ගනිමින් Blues පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළා.

සිය නියමිත පන්දුවාර 4ම ක්‍රියාත්මක කළ දකුණත් පා දඟපන්දු යවන වැන්ඩර්සේ ලකුණු 12කට කඩුලු 3ක් බිඳ හෙළද්දී, ශානක හැරුණු කොට පන්දු යැවූ ඉතිරි පන්දු යවන්නන් පස් දෙනාම එක් කඩුල්ල බැගින් දවා ගත්තා

ලකුණු 123ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි Greens ඉනිමේ 6 වැනි පන්දුවාරය වන විට ඉදිරි‌ පෙළ පිතිකරුවන් සිව් දෙනෙකුම දවාගෙන තරගයට සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට වමතින් වේගපන්දු යවන ඩිල්ෂාන් ප්‍රමුඛ Blues පන්දු යවන්නන් සමත් වුනා.

වැඩි වේගයක් සහිතව පන්දු යැවූ ඩිල්ෂාන් ඉතාමත් හොඳ ඉලක්කයක් සහිතව සිය පන්දු යැවීම සිදු කිරීම Greens පිතිකරුවන්ට දැඩි පීඩනයක් ගෙනදෙන්නට සමත් වුනා. මදුශංක සිය පන්දුවාර 4 ලකුණු 22 කට නවතාලමින් ධනංජය සහ නුවනිඳුගේ කඩුලු දවා ගත්තා.

පන්දු යැවීමේ දී මදුශංකට අමතරව වමතින් දඟපන්දු යවන ජයවික්‍රම සහ පා දඟපන්දු යවන සුමින්ද කඩුලු දෙක බැගින් බිඳ හෙළද්දී රාජිත, කරුණාරත්න සහ ධනංජය එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

Greens නායක ශානක හුදකලා පිතිකරණයක නිරත වෙමින් පන්දු 39ක් තුල ලකුණු 37ක් ලබා ගත්තේ තම ඉනිම හතරේ පහර 3කින් වර්ණවත් කර ගනිමින්.

Greens ඉනිමේ හරි අඩක් නිමා වීමට මත්තෙන් ඔවුන්ගේ බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවෙකු වූ නිස්සංකව දවා ගැනීමට ලක්ෂාන් සමත් වුනා. ඔහුට අමතරව රමේෂ් සහ වැන්ඩර්සේ දෙදෙනාම එකම පන්දුවාරයේ දී දැවී ගියා.

ශානකට අමතරව ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වූ නිස්සංක ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 16ක් පමණයි.

  • තරගයේ වීරයා – ඩිල්ශාන් මදුශංක (Blues)

Blues කණ්ඩායමට ලකුණු 32ක ජයක්.

Result


Blues
122/9 (20)

Greens
90/10 (18.3)

Batsmen R B 4s 6s SR
Danushka Gunathilaka c Dasun Shanaka b Nuwan Thushara 3 3 0 0 100.00
Sadeera Samarawickrama c Lakshan Sandakan b Binura Fernando 1 11 0 0 9.09
Charith Asalanka c Ramesh Mendis b Pathum Nissanka 23 14 3 0 164.29
Dhananjaya de Silva c Niroshan Dickwella b Jeffrey Vandersay  14 10 2 0 140.00
Ashen Bandara not out 37 34 2 1 108.82
Chamika Karunaratne c Lakshan Sandakan b Jeffrey Vandersay  0 3 0 0 0.00
Suminda Lakshan c Lakshan Sandakan b Binura Fernando 10 14 1 0 71.43
Pramod Madushan run out (Niroshan Dickwella) 1 2 0 0 50.00
Praveen Jayawickrama Jeffrey Vandersay  b Jeffrey Vandersay  0 4 1 0 0.00
Kasun Rajitha c Lakshan Sandakan b Jeffrey Vandersay  19 25 2 0 76.00
Dilshan Madushanka not out 0 0 0 0 0.00


Extras 14 (b 0 , lb 4 , nb 0, w 10, pen 0)
Total 122/9 (20 Overs, RR: 6.1)
Bowling O M R W Econ
Binura Fernando 4 1 23 1 5.75
Nuwan Thushara 4 0 26 1 6.50
Ramesh Mendis 2 0 13 1 6.50
Dasun Shanaka 1 0 13 0 13.00
Jeffrey Vandersay  4 0 12 3 3.00
Lakshan Sandakan 4 0 26 1 6.50
Dhananjaya Lakshan 1 0 5 1 5.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Kasun Rajitha b Suminda Lakshan 16 26 0 0 61.54
Niroshan Dickwella b Dhananjaya de Silva 0 2 0 0 0.00
Nuwanidu Fernando lbw b Dilshan Madushanka 0 3 0 0 0.00
Dinesh Chandimal c Charith Asalanka b Kasun Rajitha 11 11 0 1 100.00
Dhananjaya Lakshan b Dilshan Madushanka 1 3 0 0 33.33
Dasun Shanaka c Ashen Bandara b Suminda Lakshan 37 39 3 0 94.87
Ramesh Mendis st Sadeera Samarawickrama b Praveen Jayawickrama 9 9 0 0 100.00
Jeffrey Vandersay  b Praveen Jayawickrama 1 3 0 0 33.33
Binura Fernando run out (Ashen Bandara) 3 7 0 0 42.86
Lakshan Sandakan c Pramod Madushan b Chamika Karunaratne 1 6 0 0 16.67
Nuwan Thushara not out 7 3 0 1 233.33


Extras 4 (b 0 , lb 2 , nb 1, w 1, pen 0)
Total 90/10 (18.3 Overs, RR: 4.86)
Bowling O M R W Econ
Dhananjaya de Silva 1 0 3 1 3.00
Dilshan Madushanka 4 0 22 2 5.50
Praveen Jayawickrama 4 0 16 2 4.00
Kasun Rajitha 2 0 4 1 2.00
Chamika Karunaratne 2.3 0 16 1 6.96
Suminda Lakshan 4 0 22 2 5.50
Pramod Madushan 1 0 5 0 5.00



තරගාවලියේ තවත් තරග දෙකක් හෙට (10) මේ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<