ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් සහභාගී වන තවත් අලුත් ලීගයක්

UAE ජාත්‍යන්තර විස්සයි විස්ස ලීගය 2023

596

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර විස්සයි විස්ස ලීගය (International League T20 – ILT20) වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකගේ තොරතුරු එරට ක්‍රිකට් ආයතනය ඊයේ (8) නිවේදනය කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඇෆ්ගනිස්තානය, සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ඇමරිකාව, නැමීබියාව, නෙදර්ලන්තය හා නේපාලය වැනි රටවලින් ක්‍රීඩකයින් මෙම තරගාවලිය සඳහා එක්වීමට නියමිත බව UAE ක්‍රිකට් ආයතනය පවසනවා.

තරගාවලියේ පළමු අදියර වෙනුවෙන් එක්වන ප්‍රධාන (Marquee) ක්‍රීඩකයින් අතරට වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර හා භානුක රාජපක්ෂ යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ද ඇතුළත් අතර තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු ද තරගාවලියට ඇතුළත්ව සිටිනවා.

තරගාවලියට කණ්ඩායම් 6ක් තරග කරන අතර සෑම සංචිතයක් සදහාම ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්. සංචිතයකට එක්සත් අරාබි එමීර් රාජ්‍ය (UAE) ක්‍රීඩකයින් සිව් දෙනෙකු හා ICC පූර්ණ සාමාජිකත්වය නොමැති රටවලින් ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ඇතුළත් විය යුතුව තිබෙනවා.

2023 වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට දැනට සැලසුම් කර තිබෙන මේ ජාත්‍යන්තර ලීගය සඳහා තරග 34ක් ඇතුළත් අතර සාජා, ඩුබායි හා අබුඩාබි හිදී එම තරග පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට ක්‍රීඩා කරන ප්‍රධාන ක්‍රීඩකයින්,

Wanindu Hasaranga, Bhanuka Rajapaksha, Dushmantha Chameera, Moeen Ali, Andre Russell, Dawid Malan, Sunil Narine, Evin Lewis, Colin Munro, Fabien Allen, Sam Billings, Tom Curran, Alex Hales, Shimron Hetmyer, Akeal Hosein, Chris Jordan, Tom Banton, Sandeep Lamichhane, Chris Lynn, Rovman Powell, Mujeeb Ul Rahman

තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත බවට මේ වන විට (අගෝස්තු 8) නිවේදනය කෙරුණු සෙසු ක්‍රීඩකයින්,

Lahiru Kumara, Seekkuge Prassanna, Charith Asalanka, Niroshan Dickwella, Isuru Udana, Colin Ingram, Paul Stirling, Kennar Lewis, Ali Khan, Brandon Glover, Ravi Rampaul, Raymon Reifer, Blessing Muzarabani, Hazaratullah Zazai, Frederick Klassen, Sikandar Raja, George Munsey, Dan Lawrence, Dominic Drakes, Jamie Overton, Liam Dawson, David Wiese, Qais Ahmed, Richard Gleeson, James Vince, Noor Ahmed, Rahmanullah Gurbaz, Navin Ul Haq, Sherfane Rutherford, Saqib Mahmood, Ben Duckett, Benny Howell, Ruben Trumpelman

තරගාවලියේ සියලු පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<