චමීර සහ කුමාරට අනපේක්ෂිත විවේකයක්

SLC ආරාධිත විස්සයි විස්ස ලීගය

308

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද (8) ආරම්භ වුණු SLC ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් කිහිපයක ක්‍රීඩකයින්ගේ වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙනවා.

ඒ අනුව මීට පෙර කණ්ඩායමකට ඇතුළත් නොවූ ජනිත් ලියනගේ SLC Greens කණ්ඩායම වෙත ඇතුළත් කර තිබෙන අතර SLC Greens වෙනුවෙන් නම් කර තිබූණු වමතින් වේගපන්දු යවන ඩිල්ෂාන් මදුශංක SLC Blues කණ්ඩායම වෙත මාරු කර තිබෙනවා.

තවද වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කුසල් මෙන්ඩිස් නායකත්වය දරනු ලබන SLC Reds කණ්ඩායම වෙනුවෙන් ඇතුළත් කර තිබෙනවා.

SLC Blues කණ්ඩායමට ඇතුළත්ව සිටි ලහිරු කුමාර සහ SLC Reds කණ්ඩායමට ඇතුළත්ව සිටි දුෂ්මන්ත චමීර යන වේගපන්දු යවන ක්‍රීඩකයින් දෙදෙනාම ආබාධවලට ලක්ව සිටින නිසා ඔවුන්ව විවේක ගැන්වීමට ‌ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

තරගාවලියේ සියලු පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<