Gillට සහ සොහොයුරියට RCB රසිකයින්ගෙන් දරුණු වාචික ප්‍රහාර!

IPL 2023

19254
IPL 2023

ඊයේ (21) Royal Challengers Bangalore කණ්ඩායමට එරෙහිව විශිෂ්ට ශතකයක් රැස් කිරීමට සමත් වූ Gujarat Titans ආරම්භක පිතිකරු Shubman Gillට සහ ඔහුගේ සහෝදරියට සමාජ මාධ්‍ය ඔස්සේ පදනම් විරහිත ලෙස අපහාස සිදු වෙමින් පවතිනවා.

මෙවර IPL තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ලෙස ඊයේ පැවැත්වුණු තරගය ජයග්‍රහණය කිරීම Royal Challengers Bangalore කණ්ඩායමට අත්‍යාවශ්‍ය ව තිබූ නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු සුනුවිසුනු කර දමින් පන්දු 52ක් පමණක් වැය කර අග්‍රගණ්‍ය ශතකයක් වාර්තා කිරීමට Shubman Gill විසින් සමත් වුනා. එමෙන්ම මෙම ඉනිම නිසා බැංගලෝරයට මෙවර තරගාවලියේ Play-Off වටයට යෑමට තිබූ ඉඩකඩ සම්පූර්ණයෙන්ම අවහිර වුනා.

16 වසරක් තිස්සේ IPL ශූරතාවක් බලාපොරොත්තුවෙන් හිඳින RCB රසිකයින්ට මෙවරත් සිය බලාපොරොත්තුව ඉටු කර ගැනීමට නොහැකි වීම ඔවුන් ව දැඩි ලෙස විස්සෝපයට පත් කර වූ බව ඒ පරාජයත් සමඟින් ම සමාජ මාධ්‍ය පිරික්සද්දී නිරීක්ෂණය වූ කරුණක්.

මේ අතර එවැනි රසිකයින් පිරිසක් සිය බලාපොරොත්තු සුන් වීමේ කෝපය පිට කිරීමට ශතක ලාභී Shubman Gill සහ ඔහුගේ සොහොයුරිය Shahneelව ද තෝරා ගෙන තිබෙනවා.

 

View this post on Instagram

 

A post shared by Shahneel Gill (@shahneelgill)

Shahneel විසින් මීට සති හතරකට පමණ පෙර Instagram හි පළ කර තිබූ ඡායාරූප කිහිපයක් සොයා ගත් මෙම රසික කැල විසින් ඇයව සහ Gillව වාචික වශයෙන් අපයෝජනය කිරීමට උත්සාහ ගෙන තිබෙනවා.

එම Instagram ඡායාරූප වල මෙන් ම Twitter හිද එම රසිකයින් විසින් සඳහන් කළ ඇතැම් අපහාසාත්මක අදහස් ප්‍රසිද්ධියේ පළ කිරීම පවා සදාචාරාත්මක දැයි ගැටලු පැන නැගෙන අන්දමේ ඒවා වීම කනගාටුවට කරුණක්.

කෙසේ නමුත් පසුව Gillට සහ Shahneelට එල්ල වන මෙම අනර්ථ ප්‍රහාරය හෙළා දකිමින් බොහෝ දෙනෙකු අදහස් දැක්වීමට පටන් ගත්තා.

අද Shubman Gillට සහ සහෝදරියට වැටෙන Tweet බලන්න. මේ නිසයි මම Vamikaට (Kohliගේ කුඩා දියණියට) අපයෝජන තර්ජන එල්ල කළ IIT උපාධිධාරියාට ඔවුන් (Kohli සහ Anushka) සමාව ලබා දෙද්දී විරුද්ධ වුනේ. මේ අයගෙන් සමහරක් සිර ගෙවල් වල සිටිය යුතු අය.

මම කවදාවත් RCB වෙනුවෙන් නැගී නොසිටින්න සහ ඔවුන් කවදාවත් කුසලානයක් දිනා ගනී වී කියලා ප්‍රාර්ථනා නොකරන්න හේතුව තමයි මේ විෂ සහිත රසික ප්‍රජාව. ඔවුන් Gill සහ ඔහුගේ සොහොයුරිය අපයෝජනය කරනවා. Gill සිදු කළේ ඔහුගේ සේවය ලබා ගත් කණ්ඩායමට සේවය සැපයීම පමණයි.

බලාපොරොත්තු බිඳ වැටීමෙන් පසුව සමහර RCB රසිකයින් විසින් මෙවැනි අපහාසාත්මක ප්‍රකාශ සිදු කළත්, තරගයේ පරාජයෙන් සුළු මොහොතකට පසුව Virat Kohli විසින් ක්‍රීඩාංගණය තුල දී ම Gillව වැලඳ ගන්නා අයුරු ද කැමරා කාචයට මෙසේ හසු වී තිබුණා.

“රජු සහ කුමරු එකිනෙකා වැලඳ ගනී.”

එමෙන්ම තරගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ Gill විසින් පවසා සිටියේ තරගාවලියේ මුල් භාගය පුරා තමන් සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද ඒවා විශාල ඉනිම් කරා රැගෙන යාමට අසමත් වූවත් දැන් තමන් සාර්ථක වී ඇති බවයි.

එමෙන්ම ගුජරාට් නායක Hardik Pandya විසින් ද Gillගේ ඉනිම විශේෂ ඇගයීමකට ලක් කළ අතර බැංගලෝරය වෙනුවෙන් ශතකයක් රැස් කළ Kohliව ද ඔහු සිය කෙටි කතා බහ තුල විශේෂයෙන් අගය කළා.

NDTV Sport ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<