“ගොඩක් දෙනා හිතනවා මම පහළට බහිනවා කියලා” – කෝලි

1329
Mint

පසුගිය සතියේ දී වාර්තා කළ ශතකයක් සමඟින් IPL ඉතිහාසයේ වැඩිම ශතක ලාභියාගේ වාර්තාව සම කළ විරාත් කෝලි ඊයේ (21) වාර්තා කළ තවත් ශතකයකින් අනතුරුව IPL ඉතිහාසයේ වැඩිම ශතක ලාභියා වුනා.

කෝලි 2019 වසරේ සිට එතරම් හොඳ රිද්මයක නොසිටි නිසා බොහෝ දෙනා පැවසුවේ ඔහුගේ විස්සයි-විස්ස පිතිකරණය පහළ බැස ඇති බවයි. අවසන් තරග කිහිපයේ දී වාර්තා කළ ශතක දෙක සමඟින් කෝලි පවසන්නේ තමන් කෙටි ක්‍රිකට් රටා වල හොඳම මට්ටමේ සිටින බවයි.

ශ්‍රේෂ්ඨයි කියලා මට හිතුණා. ගොඩක් දෙනා හිතනවා මගේ විස්සයි-විස්ස ක්‍රිකට් පහළට බහිනවා කියලා. මට කොහොමටවත් එහෙම හිතෙන්නේ නෑ. මම හිතන්නේ, මම මගේ හොඳම විස්සයි-විස්ස ක්‍රිකට් ආයෙත් ගහමින් ඉන්නවා කියලා,” පන්දු 61කින් නොදැවී වාර්තා කළ ලකුණු 101න් පසුව කෝලි පැවසුවේ BCCI වෙතයි.

මම මාව විඳිනවා. මේ තමයි මම විස්සයි-විස්ස ක්‍රිකට් ගහන විදිහ. මම පිටියේ හිඩැස් හොයා ගන්න බලනවා, හතරේ ඒවා ගොඩක් ගහනවා, අන්තිමේ දී තියෙන තත්වය විසින් මට ඉඩ දෙනවා නම් හයේ ඒවත් ගහනවා,” කෝලි පැවසුවා.

කෝලි මේ වන විට විස්සයි-විස්ස ක්‍රිකට් දිවියේ ලකුණු 12,000ට ආසන්න වෙමින් සිටිනවා.

අවස්ථාව කියවා ගන්න ඕන සහ ඒ අවස්ථාව විසින් ඉල්ලන දේ නැගිටලා දෙන්න ඕන. මට දැනෙනවා මගේ ක්‍රීඩා විලාශය දැන් ගොඩක් හොඳයි කියලා, මම පිතිකරණයේ යෙදෙන විදිය දිහා බැලුවහම,” ඔහු පැවසුවා.

කෙසේ වෙතත් කෝලි ක්‍රීඩා කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම, ගුජරාත් ටයිටන්ස් හමුවේ ඊයේ තරගය පරාජය වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<