“Kohliට T20 වල තවත් බොහෝ කිරීමට ඉතිරි වී තිබෙනවා” – Du Plessis

IPL 2023

1013
​Du plessis says Virat has got lot left

ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohli හට T20 ක්‍රීඩා පිටියේ කිරීමට බොහෝ දෑ ඉතිරි ව ඇති බව ඔහුගේ පිතිකරණ සගයා සහ නායකයා වන Faf Du Plessis විසින් සඳහන් කරනවා.

මෙවර IPL තරගාවලියේ Play-Off තරග වටයට පිවිසීම වෙනුවෙන් Royal Challengers Bangalore කණ්ඩායමට ඊයේ (21) Gujarat Titans සමඟ පැවැත්වුණු තරගයේ ජයග්‍රහණය අත්‍යාවශ්‍ය වී තිබූ අතර, තරගයේ පළමුව පන්දුවට පහර දුන් බැංගලෝරය වරක සිය ඉනිමේ පන්දුවාර 14ක් තුල ලබා ගැනීමට සමත් වී තිබුණේ ලකුණු 132ක් පමණයි.

නමුත් ඒ මොහොතේ Anuj Rawat සමඟ එක් වී ඉනිමේ අවසන් පන්දු 34න් ලකුණු 64ක් ලබා ගැනීමට Virat Kohli විසින් සමත් වුනේ සිය 7 වැනි IPL ශතකය ද වාර්තා කර ගනිමිනුයි. ඒ අනුව ඔහු විසින් IPL ඉතිහාසයේ පිතිකරුවෙකු විසින් රැස් කළ වැඩි ම ශතක ප්‍රමාණයේ වාර්තාව සිය හිටපු පිතිකරණ සගයා වන Chris Gayleගෙන් උදුරා ගැනීමට ද ඊයේ සමත් වුනා.

ඊයේ Kohli විසින් ලබා ගත් ශතකය මෙවර තරගාවලියේ ඔහු නොකඩවා ලැබූ දෙවැනි ශතකය වන අතර මීට පෙර එවැනි දක්ෂතාවක් පෙන්වීමට සමත් වී තිබුණේ Jos Buttler සහ Shikhar Dhawan විසින් පමණයි. නමුත් ඊයේ රාත්‍රිය වන විට එම නම් ලැයිස්තුවේ සිව්වැනි නම ලෙස සිය නම ඇතුළත් කර ගැනීමට සමත් වූ Gill විසින් පන්දු 52ක් පමණක් වැය කරමින් විශිෂ්ට ලකුණු 104ක් ලබා ගැනීමට සමත් වුනා.

Gillගේ ශතකය සමඟින් තරගයේ පරාජය ද බැංගලෝරයට උරුම වූ අතර ලද පරාජය පිළිබඳ තමන් අතිශය කලකිරීමට පත් වූ බවයි බැංගලෝර් නායක Faf Du Plessis විසින් සඳහන් කරන්නේ.

“තරගාවලියේ අවසාන තරගය ජයග්‍රහණය කිරීම අත්‍යාවශ්‍ය වෙලා තිබුණා. අපි අද රාත්‍රියේ ශක්තිමත් කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළා. නමුත් Shubman Gill ශතකයක් ලබා ගනිමින් පුදුමාකාර ඉනිමක් ක්‍රීඩා කළා.”

තම පන්දු යවන්නන් හට පිටියේ පැවති තෙතමනය නිසා පන්දුව හොඳින් ග්‍රහණය කර ගැනීමට නොහැකි වූ බවයි Plessis විසින් වැඩිදුරටත් සඳහන් කළේ. නමුත් Virat විසින් දියත් කළ විශිෂ්ට ඉනිම නිසා ලබා ගත් ලකුණු 197 ඉතා හොඳ ලකුණු පුවරුවක් බව තමන් විශ්වාස කළ බවත් Plessis පරාජයෙන් අනතුරුව පවසා සිටියා.

මේ අතර මෙවර තරගාවලියේ Plessis සහ Kohli යුගලය විසින් ඉනිම 14ක දී ලකුණු 939ක් ලබා ගැනීමට සමත් වී ඇති අතර, 2016 වසරේ IPL තරගාවලියේ දී Ab De Villiers සහ Kohli විසින් විස්සයි විස්ස තරගාවලියක පිතිකරණ යුගලයක් විසින් රැස් කර තිබූ වැඩි ම ලකුණු ප්‍රමාණයේ වාර්තාව සම කිරීමට ද ඔවුන් ඊයේ සමත් වුනා. මෙම තරගාවලියේ දී ඔවුන් දෙදෙනා විසින් ක්‍රීඩා කළ ඉනිම් 14න් 10ක දී ම ලකුණු 40 ඉක්මවූ සබඳතා පැවැත්වීමට සමත් වී තිබෙනවා.

ඒ පිළිබඳ සහ Kohliගේ ශතකය පිළිබඳ ව ද අදහස් දැක්වූ Plessis විශේෂයෙන්ම සඳහන් කළේ, Virat Kohli හට විස්සයි විස්ස පිටියේ තවත් කිරීමට බොහෝ දෑ ඉතිරි ව පවතින බවයි.

“අපි දෙන්නට ම ගොඩක් සතුටුයි කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දීමට හැකි වීම ගැන.

නමුත් එයින් ඔබට පෙනෙන්නේ Viratට විස්සයි විස්ස ක්‍රිකට් වල බොහෝ දේ ඉතිරි ව ඇති බවයි. ඔහු තවමත් ඉතා ම හොඳින් ක්‍රීඩා කරනවා.”

මෙවර IPL තරගාවලියේ Play-Off තරග වටයේ තරග හෙට (23) සිට ආරම්භ වීමට නියමිතයි. එම තරග සියල්ල ම සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<