දිනේෂ් ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව බබළවයි

2019 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවය

130

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ශ්‍රී ලංකා ජාතික වාර්තාවට හිමි කම් කියන දිනේෂ් හේරත් නැවත වතාවක් තමන්ගේ දක්ෂතා ලෝක මට්ටමේ පෙන්නුම් කරමින් ඩුබායි හිදී පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුනා.  

ලෝක පැරා ශූරතාවට ශ්‍රී ලංකාවෙන් 9ක්; නායකයා දිනේෂ්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැත්වෙන 2019 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාව සඳහා සහභාගී වන…..

මේ වසරේ පැරා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වන්නේ ද හේරත්. මිට පෙර තරගාවලියේ දී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට ඔහු සමත් වීම විශේෂත්වයක්. මෙම ඉසව්වේ දී එක් ක්‍රීඩකයෙකුට අවස්ථා හයක් හිමි වන අතර හේරත් තමන්ගේ පළමු අවස්ථාවෙන්ම මීටර 60.59ක දුරක් වාර්තා කළේ ආරම්භයේ දී ම පෙරමුණ ගනිමින්.

කෙසේ වෙතත් ඔහුගේ අනෙක් සියලු උත්සාහයන් අපතේ ගිය අතර පළමු අවස්ථාවේ දක්ෂතාව නිසා ඔහුට පදක්කමක් කරා යන්නට හැකි වුනා.

23 හැවිරිදි සුන්දර් සිංග්, දිනේෂ්ගේ අතේ තිබුණු පළමු ස්ථානය සොරා ගන්නට සමත් වුනා. ඔහු සිය අවසන් අවස්ථාවේ දී මීටර්  61.22ක දුරක් වාර්තා කළේ එම ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින්.  

දිනේෂ් හේරත් හට රිදී පදක්කම හිමි වුණු අතර 2016 වසරේ දී ලෝකඩ පදක්කම දිනා ගත් ඔහු පසුගිය අදියරේ දී රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<