ශෙහාන් ජයසූරිය ඇමරිකා ක්‍රිකට් පිටිය දෙවනත් කරයි

Minor League Cricket 2022

50804

Minor League Cricket 2022 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ තරගවලට සහභාගී වූ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය ශතක දෙකක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.

තරගාවලියේ Pacific Conference කාණ්ඩය යටතේ ක්‍රීඩා කරන ශෙහාන් Silicon Valley Strikers කණ්ඩායම නියෝජනය කරමින් තරග වදිනවා.

පසුගිය ඉරිදා (03) Chicago Tigers කණ්ඩායම පැවති තරගයේ දී ශෙහාන් පන්දු 60ක් තුළ හයේ පහර හතරක් සහ හතරේ පහර 14ක් සමඟ නොදැවී ලකුණු 114ක් ලබා ගැනීමට සමත් වීම නිසාවෙන් ලකුණු 40ක ජයක් ලබා ගැනීමට Silicon Valley Strikers ක්‍රීඩකයින්ට හැකි වුනා.

එම තරගයේ දී Silicon Valley Strikers වෙනුවෙන් ලකුණු 30 සීමාව පසු කළ එකම ක්‍රීඩකයා ශෙහාන් වූ අතර තරගයේ වීරයා වූයේ ද ඔහුයි.

දෙවැනි සතියේ ඔහු සහභාගී වූ දෙවැනි තරගය සඳුදා (04) Michigan Cricket Stars කණ්ඩායම සමඟ පැවති අතර එහි දී ලකුණු 158ක ඉලක්කයක් හඹා ගිය Silicon Valley Strikers වෙනුවෙන් පන්දු 65ක දී හයේ පහර 2ක් සහ හතරේ පහර 16ක් සමඟ නොදැවී ලකුණු 115ක් රැස් කිරීමට ශෙහාන්  සමත් වුනා.

එම ඉනිම නිසාවෙන් තරගයෙන් කඩුලු තුනක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට Silicon Valley Strikersට හැකි වූ අතර පිට පිට දින දෙකක් තුළ දෙවැනි තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට ද ශෙහාන්ට එහි දී හැකි වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<