ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයින් හඬ අවදි කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2021

533

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය, රොෂාන් මහානාම සහ හෂාන් තිලකරත්න යන මහත්වරුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දී තිබෙන දැඩි අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ජාලා හරහා අදහස් පළ කර තිබුණා.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී  ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණ දස්කම් සහ වගකීම් විරහිත පිතිකරණය නිසාවෙන් 3-0ක අන්ත පරාජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදු වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

එදා හිටපු ක්‍රීඩකයින් සහ දැන් ඉන්න ක්‍රීඩකයින් අතරේ ගොඩක් ලොකු වෙනසක් තියෙනවා. ක්‍රීඩකයින් රට ගැන හිතන්නේ නැතිව මේ සෙල්ලම් කරන්නේ. ඔවුන්ට රට සහ කණ්ඩායම ගැන කිසිම හැඟීමක් නැහැ කියල මම විශ්වාස කරනවා, යැයි රොෂාන් මහානාම මහතා සිය නිල Twitter ගිණුම හරහා පවසා තිබුණා.

ඊයේ පැවති තෙවැනි විස්සයි විස්ස තරගය බලන කොට අපේ රට සහ අපේ ක්‍රිකට් දැන් තියෙන තත්වය ගැන ගොඩක් දුක හිතුණා. ක්‍රීඩකයින්ට බැනලා වැඩක් නැහැ මේකට. මම හිතන්නේ අපේ තාක්ෂණික පැත්තෙන් ලොකු දුර්වලතාවයක් තියෙනවා කියලා. ඒක නිසා පුහුණුකරුවන් මෙන්ම කළමනාකරුවන් අපේ ක්‍රීඩකයින්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කරන්න ඕනේ කියලා මම හිතනවා. ඒ දේ ඉක්මනටම කරන්න ඕනේ, යැයි හෂාන් තිලකරත්න මහතා පවසා තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඇද වැටිලා තියෙන තත්වය ගැන හරිම කණගාටුදායකයි. අපි ඉතාමත් ඉක්මනින් මේකට පිලියමක් යොදන්න ඕනේ. එහෙම නැති වුනොත් අපේ ක්‍රිකට් එක රැකගන්න අපිට බැරි වෙයි, යැයි සනත් ජයසූරිය පවසා තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<