ආණ්ඩුකාර කුසලානයේ අවසන් පූර්ව තරග තීන්දුයි

ආණ්ඩුකාර කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

372

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ‘2022 ආණ්ඩුකාර කුසලාන’ (Governor’s Trophy) ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට මැලේ, ලියෝ, ආදී ධර්මපාල සහ යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජ සමත් වී තිබෙනවා.

කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වුණු මේ තරගාවලිය සඳහා කණ්ඩායම් 24ක් සහභාගී වූ අතර එහි මූලික වටය අවසානයේ දී A කාණ්ඩයේ පෙරමුණ දිනා ගත්තේ අපරාජිත මැලේ ක්‍රිකට් සමාජයයි.

ඔවුන් තරග 11කට සහභාගී වෙමින් ඉන් තරග 10ක ජය තහවුරු කර ගත් අතර තවත් එක් තරගයක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වුනා. ජයග්‍රහණ 8ක් සමඟ ප්‍රසාද ලකුණු 42ක් දිනා ගත් යුනයිටඩ් සදර්න් එහි දෙවැනි ස්ථානය දිනා ගත්තා.

මූලික වටය අවසානයේ දී B කාණ්ඩයේ පෙරමුණ දිනා ගත් ආදී ධර්මපාල ක්‍රීඩා සමාජය තරග 11ක් ක්‍රීඩා කරමින් තරග 9ක් ජයගෙන ගියවර අනුශූරතාවයේ අභිමානය රැක ගන්නට සමත් වුනා..

ක්‍රීඩා කළ තරග 11න් තරග 9ක් ජයගෙන ප්‍රසාද ලකුණු 41ක් දිනා ගත් ලියෝ ක්‍රිකට් සමාජය එහි දෙවැනි තැන දිනා ගත්තා. එසේම ගියවර මේ තරගාවලියේ ශූරතාවය දිනා ගත් මොරටුව ක්‍රීඩා සමාජය A කාණ්ඩයේ සිව්වැනි ස්ථානය දිනාගෙන මෙවර තරගාවලිය අවසන් කළා.

ඒ අනුව මෙහි පළමු අවසන් පූර්ව තරගය A කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගත් මැලේ ක්‍රිකට් සමාජය සහ B කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගත් ලියෝ ක්‍රිකට් සමාජය කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර එම තරගය මේ මස 26 වැනිදා පැවැත්වීමට නියමිතයි.

මෙහි දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ B කාණ්ඩයේ පෙරමුණ දිනා ගත් ආදී ධර්මපාල ක්‍රීඩා සමාජය සහ A කාණ්ඩයේ දෙවැනි තැන දිනා ගත් යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය අතරයි. එම තරගය මේ මස 26 වැනිදා ම දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇති.

එසේම මෙහි මූලික වටය අවසානයේ දී A කාණ්ඩයේ සහ B කාණ්ඩයේ අවසන් ස්ථාන දිනා ගත් නාරම්මල ක්‍රීඩා සමාජය සහ Crusaders ක්‍රීඩා සමාජය එළඹෙන තරග සමයේ දී අන්තර් පළාත් තරගාවලිය (Intra-Province Tournament) දක්වා පහත හෙළීම (relegated) සිදු වෙනවා.

Group A – Points Table

Team M W L N/R PT NRR
1 MALAY CC 11 10 0 1 48 1.322
2 UNITED SOUTHERN SC 11 8 1 2 42 1.303
3 RIO SC 11 6 3 2 32 0.987
4 MORATUWA SC 11 6 4 1 32 0.419
5 ANTONIAN SC 11 5 3 3 30 0.901
6 KURUNEGALA SC 11 5 4 2 29 -0.437
7 OLD SERVATUS SC 11 5 6 0 24 -0.149
8 HETTIPOLA SC 11 4 6 1 21 -0.400
9 OLD ZAHIRIAN CC 11 3 6 2 19 -0.561
10 SADALANKA CC 11 3 7 1 16 -0.577
11 KANDY YCC 11 1 7 3 11 -0.992
12 NARAMMALA SC 11 0 9 2 4 -2.477

 

Group B – Points Table

Team M W L N/R PT NRR
1 OLD DHARMAPALIAN SC 11 9 1 1 44 0.889
2 LEO CC 11 8 2 1 41 0.832
3 KANDY CC 11 6 4 1 29 0.528
4 AMBEPUSSA SINGHA SC 11 6 4 1 28 0.027
5 UNICHELA SC 11 5 4 2 26 0.333
6 AMBALANGODA SINGHA SC 11 5 6 0 24 0.114
7 GESTO CC 11 4 6 1 22 -0.309
8 KANDUKARA SC 11 4 6 1 20 0.206
9 DIGAMADULLA CC 11 3 5 3 19 -0.550
10 RATHNAPURA SC 11 4 7 0 17 -1.026
11 RAJARATA SC 11 3 7 1 15 -0.538
12 CRUSEDERS SC 11 2 7 2 13 -0.527

තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<