පුලින තරංගගෙන් කඩුලු ත්‍රිත්වයක්

SLC Major League Cricket Tournament 2022

443
SLC Major League Tournament 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි සතියේ අවසන් දිනය වූ අද (11) කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වීමට හලාවත මේරියන්ස් කණ්ඩායමේ නායක පුලින තරංග සමත් වුනා.

29 හැවිරිදි පා දඟපන්දු යවන පුලින, සැරසන්ස් කණ්ඩායමට එරෙහිව අද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළා. සැරසන්ස් පළමු ඉනිමේ දී ඔහු විසින් යවනු ලැබූ 21 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී සඳුන් මෙන්ඩිස් දවා ගත් අතර ඔහුගේ 22 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී ඉසිත විජේසුන්දර ද, ඊට පසු පන්දුවේ දී කවික ඩිල්ශාන් ද දවා ගනිමින් මේ දක්ෂතාව දැක්වූවා.

ඉනිම අවසානයේ දී ඔහුගේ පන්දු යැවීම ලකුණු 64කට කඩුලු 5ක් වූ අතර එය ඔහුගේ පළමු පෙළ තරගවල ඉහළ ම දක්ෂතාව ද වුනා.

මේ අතර සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ දෙඅතින් දඟපන්දු යවන තරිඳු රත්නායක තම පළමු පෙළ 200 වැනි කඩුල්ල වාර්තා කිරීමට අද සමත් වුනා. ඔහු පොලිස් කණ්ඩායමට එරෙහි තරගයේ දී ලකුණු 136කට කඩුලු 9ක් දවා ගනිමින් මේ කඩඉමට පිවිසියා.

ඊට අමතරව පන්දු යැවීමේ දී පානදුර කණ්ඩායමේ නිමේෂ් විමුක්ති (7/45), යුද හමුදාවේ කෞමාල් නානායක්කාර (7/56), රාගම කණ්ඩායමේ ශෂික දුල්ෂාන් (7/99), කුරුණෑගල යූත් කණ්ඩායමේ සකිදු විජේරත්න (6/20) සහ ටැමිල් යූනියන් කණ්ඩායමේ දිලුම් සුදීර (6/44) ඉහළ දක්ෂතා දක්වද්දී, ගුවන් හමුදාවේ දුලංජල මෙන්ඩිස් සහ CCC කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර ද කඩුලු 5ක් බැගින් දවා ගත්තා.

පිතිකරුවන් අතරින් BRC කණ්ඩායමේ ලියෝ ෆ්‍රැන්සිස්කෝ රාගමට එරෙහිව නොදැවී ලකුණු 104ක් ලබා ගනිමින් තම පළමු පෙළ ලකුණු 2000 පසු කරද්දී, සැරසන්ස් කණ්ඩායමේ නවිඳු විතානගේ හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 103ක් වාර්තා කරමින් තම පළමු පෙළ මංගල ශතකය වාර්තා කළා.

මේ අතර කෝල්ට්ස් කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ, කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ රවින්ද්‍ර කරුණාරත්න, ගාල්ල කණ්ඩායමේ සමීන් කඳනාරච්චි සහ විනුර දුල්සර, නුගේගොඩ කණ්ඩායමේ පැතුම් දිල්ශාන්, සැරසන්ස් කණ්ඩායමේ නිපුන් කරුණානායක සහ තවීෂ අභිශේක්, යුද හමුදාවේ හිමාෂ ලියනගේ සහ සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ ලොහාන් ද සොයිසා අර්ධ ශතක වාර්තා කළා.

නුගේගොඩ කණ්ඩායමේ විදෙස් ක්‍රීඩක Murtaza Trunkwala Ace කැපිටල් කණ්ඩායමට ඉනිම දෙකේ දී ම ශතක වාර්තා කිරීමට කැපී පෙනුණා.

Group A

කෝල්ට්ස් සහ CCC අතර තරගය කෝල්ට්ස් පිටියේ දී

  • කෝල්ට්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 125 (40.2) සංගීත් කුරේ 21, හෂාන් දුමිඳු 20, ධනංජය ලක්ෂාන් 30, මලින්ද පුෂ්පකුමාර 3/22, විශ්ව ප්‍රනාන්දු 5/36
  • CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 236 (78.1) මිනෝද් භානුක 68, පවන් රත්නායක 30, චමිඳු විජේසිංහ 56, මලින්ද පුෂ්පකුමාර 25, කවිශ්ක අංජුල 2/77, ධනංජය ලක්ෂාන් 2/31, සංගීත් කුරේ 2/45, දුනිත් වෙල්ලාලගේ 3/53
  • කෝල්ට්ස් – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 233 (91.4) අවිශ්ක පෙරේරා 21, ශලින් ද මැල් 92, දුනිත් වෙල්ලාලගේ නොදැවී 59, විශාද් රන්දික 26, මලින්ද පුෂ්පකුමාර 5/91, විශ්ව ප්‍රනාන්දු 3/54
  • CCC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 125 (25.2) මිනෝද් භානුක 21, කමිඳු මෙන්ඩිස් 31, අශාන් ප්‍රියංජන් නොදැවී 36, සංගීත් කුරේ 2/40, කවිශ්ක අංජුල 2/35

CCC කණ්ඩායමට කඩුලු 5ක ජයක්

කැන්ඩි කස්ටම්ස් සහ ගාල්ල අතර තරගය තර්ස්ටන් පිටියේ දී

  • ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 231 (105.1) ඩිල්ශාන් කාංචන 24, සමීන් කඳනාරච්චි 20, කවිඳු එදිරිවීර 54, Raghu Sharma 29, චතුර ලක්ෂාන් 41, මෙතුශාන් තිළිණ 5/80, රවින්ද්‍ර කරුණාරත්න 2/33
  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 146 (56.2) ඉරෝෂ් සමරසූරිය 46, හරිඳු ජයසේකර 40, මෙතුශාන් තිළිණ නොදැවී 20, Raghu Sharma 7/56
  • ගාල්ල – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 209 (50) ඩිල්ශාන් කාංචන 21, සමීන් කඳනාරච්චි 92, විනුර දුල්සර නොදැවී 53, Siddharth Chitnis 2/32
  • කැන්ඩි කස්ටම්ස් – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 151 (46.5) හරිඳු ජයසේකර 28, රවින්ද්‍ර කරුණාරත්න නොදැවී 94, රජිත් ප්‍රියාන් 2/33, සඳුන් මධුශංක 3/35, Raghu Sharma 3/60, සුභානු රාජපක්ෂ 2/22

ගාල්ල ක්‍රිකට් සමාජයට ලකුණු 143ක ජයක්

ලංකන් සහ කුරුණෑගල යූත් අතර තරගය පානදුර ක්‍රීඩා පිටියේ දී

  • කුරුණෑගල යූත් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 306 (83) ධනුශ්ක ධර්මසිරි 58, දමිත් පෙරේරා 56, දිනුෂ්ක මාලන් 72, සංජීවන් ප්‍රියදර්ශන 21, ලහිරු ජයරත්න 24, යසිරු රොද්‍රිගෝ 2/54, රජීව වීරසිංහ 3/75, සඳුන් අබේවර්ධන 2/58, මිරංග වික්‍රමගේ 3/37
  • ලංකන් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 174 (70.4) මිරංග වික්‍රමගේ0 27, ශෙහාන් ප්‍රනාන්දු 31, යසිරු රොද්‍රිගෝ නොදැවී 33, සකිඳු විජේරත්න 3/47, දිනුෂ්ක මාලන් 3/30
  • කුරුණෑගල යූත් – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 230 (47.3) ගයාන් මනීශාන් 43, Mohammad Moshin 76, දමිත් පෙරේරා 23, අසන්ත බස්නායක නොදැවී 31, යසිරු රොද්‍රිගෝ 2/38, හේෂාන් මධුශංක 3/59
  • ලංකන් – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 101 (57.4) දිනුෂ්ක මාලන් 2/14, සකිදු විජේරත්න 6/20

කුරුණෑගල යූත් ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 261ක ජයක්

රාගම සහ BRC අතර තරගය මූවර්ස් ක්‍රීඩා පිටියේ දී

  • BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 160 (47.1) මලින්ද ජයෝද් 44, තිලකරත්න සම්පත් 24, ලහිරු සමරකෝන් 30, ජනිත් ලියනගේ 3/33, කල්හාර සේනාරත්න 2/25, ඒශාන් මාලිංග 4/39
  • රාගම – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 413 (42) සමින්ද ප්‍රනාන්දු 35, නිශාන් මධුශ්ක 107, ජනිත් ලියනගේ 71, දුලාජ් බණ්ඩාර නොදැවී 74, සංජුල බණ්ඩාර 31, නිපුන් මාලිංග 35, දුවිඳු තිලකරත්න 2/60, තිලකරත්න සම්පත් 2/53, දුශාන් හේමන්ත 2/133, මල්ක මධුශංක 2/56
  • BRC – දෙවැනි ඉනිම – සියලුම දෙනා දැවී 232 (77.3) ලියෝ ෆ්‍රැන්සිස්කෝ නොදැවී 104, දුශාන් හේමන්ත 24, මලින්ද ජයෝද් 22, දුවිඳු තිලකරත්න 23, ශෂික දුල්ශාන් 7/99

රාගම ක්‍රීඩා සමාජයට ඉනිමක සහ ලකුණු 21ක ජයග්‍රහණයක්

සෙබස්තියනයිට්ස් සහ පොලිස් අතර තරගය CCC ක්‍රීඩා පිටියේ දී

  • පොලිසිය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 107 (36.4) සුපුන් මධුශංක 22, ලහිරු ඩියන්ත 24, තරිඳු රත්නායක 7/47, චාමිකර එදිරිසිංහ 2/36
  • සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 218 (68.1) Akshdeep Nath 71, මනෙල්ක ද සිල්වා නොදැවී 72, ලහිරු ඩියන්ත 2/35
  • පොලිසිය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 239 (78) නදීර බාලසූරිය 27, Uday Kaul 42, සුපුන් මධුශංක 34, චතුරංග කුමාර නොදැවී 63, තරිඳු රත්නායක 2/89, චාමිකර එදිරිසිංහ 5/93, ශශ්‍රීක පුස්සෙගොල්ල 2/41
  • සෙබස්තියනයිට්ස් – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 130 (31.1) ලොහාන් ද සොයිසා නොදැවී 75, Akshdeep Nath 30, ශශ්‍රීක පුස්සෙගොල්ල නොදැවී 21

සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජයට කඩුලු 8ක ජයක්

SSC සහ කළුතර අතර තරගය SSC ක්‍රීඩා පිටියේ දී

  • SSC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 394 (88) නුවනිඳු ප්‍රනාන්දු 100, සම්මු අශාන් 73, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 110, ලක්ෂිත මනසිංහ 86, දේශාන් සෙනෙවිරත්න 3/61
  • කළුතර නාගරික – පළමු ඉනිම සියලුම දෙනා දැවී 204 (69.1) සුඛිත මනෝජ් 89, තරිඳු සිරිවර්ධන 22, හිරුන සිගේරා 31, ප්‍රභාත් ජයසූරිය 4/62, නිම්නක ජයතිලක 2/23
  • කළුතර නාගරික – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 207 (83) තරිඳු සිරිවර්ධන 74, සුකිත මනෝජ් 25, බවන්ත ජයසිංහ 20, දේශාන් සෙනෙවිරත්න 26, නිම්නක ජයතිලක 2/41, ප්‍රභාත් ජයසූරිය 4/45
  • SSC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 18 (2.3)

SSC කණ්ඩායමට කඩුලු 9ක ජයක්

Group B

බදුරලිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර තරගය මග්ගොන Surrey පිටියේ දී

  • ශ්‍රී ලංකා නාවික හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 190 (67.4) ලහිරු ජයකොඩි 46, අසන්ත සිංගප්පුලි 38, සහන් කෝසල 34, සචිත්‍ර සේනානායක 29, Parvez Rasool 4/70, චලන ද සිල්වා 5/84
  • බදුරලිය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 359 (77.5) මලිඳු මධුරංග 45, අලංකාර අසංක 26, රනේෂ් සිල්වා 20, Parvez Rasool නොදැවී 135, ගිහාන් රූපසිංහ 75, Rameez Alam 27, නවින් කවිකාර 6/159, සචිත්‍ර සේනානායක 4/121
  • ශ්‍රී ලංකා නාවික හමුදාව – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 160 (42.3) අදීශ නානායක්කාර 21, සුපුන් ලීලාරත්න 21, නවින් කවිකාර නොදැවී 55, චලන ද සිල්වා 3/84, Parvez Rasool 5/53

බදුරලිය ක්‍රීඩා සමාජයට ඉනිමක සහ ලකුණු 9ක ජයක්

බ්ලූම්ෆීල්ඩ් සහ පානදුර අතර තරගය බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී

  • පානදුර – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 426 (125.1) පවන් ද සිල්වා 46, ලක්ෂාන් රොද්‍රිගෝ 95, Parth Palawat 96, Abhishek Gupta 48, රොෂාන් විජේනායක 77, තරිඳු කෞෂාල් 27, චානක කොමසාරු 4/126, Hasnain Bokhari 2/79
  • බ්ලූම්ෆීල්ඩ් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 135 (60.2) ගජිත කොටුවේගොඩ 32, චරිත කුමාරසිංහ 24, මිනෙත් ප්‍රේමරත්න 21, නිමේෂ් විමුක්ති 7/45
  • බ්ලූම්ෆීල්ඩ් – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 227 (80) චරිත කුමාරසිංහ 29, මාධව වර්ණපුර 55, ලහිරු මධුශංක 72, Hasnain Bokhari නොදැවී 23, නිමේෂ් විමුක්ති 3/83, තරිඳු කෞෂාල් 2/33

තරගයේ විසඳුමක් නෑ

නුගේගොඩ සහ Ace කැපිටල් අතර තරගය මොරටුව ද සොයිස් ක්‍රීඩා පිටියේ දී

  • නුගේගොඩ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 322 (101.3) Murtaza Trunkwala 123, රාහුල් ගුණසේකර 24, සුවත් මෙන්ඩිස් 63, අරවින්ද ප්‍රේමරත්න 35, සිතුම් දිසානායක 2/83, රොෂාන් ජයතිස්ස 4/79
  • Ace කැපිටල් – සියලුම දෙනා දැවී 197 (56.5) ඔෂද ප්‍රනාන්දු 93, ප්‍රමුද් හෙට්ටිවත්ත 48, චමින්ද බණ්ඩාර 2/41, සුවත් මෙන්ඩිස් 4/44, අරවින්ද ප්‍රේමරත්න 3/17
  • නුගේගොඩ – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 207 (71) පැතුම් ඩිල්ශාන් 50, Murtaza Trunkwala 101, නයන ප්‍රනාන්දු 25, රොෂාන් ජයතිස්ස 3/56, සචිඳු කොළඹගේ 4/54, අශාන් දිල්හාර 2/33
  • Ace කැපිටල් – කඩුලු 3ක් දැවී 80 (26) ලසිත් කෘaස්පුල්ලේ 21, Swapnil Anil නොදැවී 23, සහන් නානායක්කාර 3/09

තරගයේ විසඳුමක් නෑ

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ටැමිල් යූනියන් අතර තරගය කටුනායක ගුවන් හමුදා පිටියේ දී

  • ටැමිල් යුනියන් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 345 (89.5) නවෝද් පරණවිතාන 61, රොන් චන්ද්‍රගුප්ත 46, සධීර සමරවික්‍රම 24, සිතාර හපුහින්න 27, රවිඳු ප්‍රනාන්දු 67, දිලුම් සුදීර 52, කවිඳු පතිරණ 30, ගයාන් සිරිසෝම 5/135, දුලංජන මෙන්ඩිස් 3/71
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 209 (60.2) උදයවංශ පරාක්‍රම 49, කලන විජේසිරි 29, මොවින් සුබසිංහ 45, දේශාන් ප්‍රනාන්දු 27, ලසඳ රුක්මල් 26, දිලුම් සුදීර 4/85, රවිඳු ප්‍රනාන්දු 4/73
  • ටැමිල් යුනියන් – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 221 (45) නවෝද් පරණවිතාන 42, රොන් චන්ද්‍රගුප්ත 22, කමේෂ් නිර්මාල් 61, සිතාර හපුහින්න 35, ගයාන් සිරිසෝම 3/115, දුලංජන මෙන්ඩිස් 5/75
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව – සියලුම දෙනා දැවී 87 (29.4) දිලුම් සුදීර 6/44, රවිඳු ප්‍රනාන්දු 3/11

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයට ලකුණු 270ක ජයක්

ශ්‍රී ලංකා යුද හමුදාව සහ NCC අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී

  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 282 (69.4) විනුක රූබසිංහ 25, ලහිරු උදාර 59, සඳුන් වීරක්කොඩි 95, ලසිත් ඇඹුල්දෙණිය 22, නිපුන් රන්සික 25, කෞමාල් නානායක්කාර 5/76
  • ශ්‍රී ලංකා යුද හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 108 (48.3) තුලින ඩිල්ශාන් 21, දිනේෂ් චන්දිමාල් 27, මහේෂ් කුමාර 24, ලසිත් ඇඹුල්දෙණිය 3/29, අශේන් ඩැනියෙල් 4/30, රවීන් සේයර් 2/22
  • NCC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 191 (61) ලහිරු උදාර 34, සඳුන් වීරක්කොඩි 24, සහන් ආරච්චිගේ 36, අසේල් සිගේරා 58, කෞමාල් නානායක්කාර 7/56, අසංක මනෝජ් 2/44
  • ශ්‍රී ලංකා යුද හමුදාව – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 210 (77) තුලින ඩිල්ශාන් 43, ෂෙහාන් ප්‍රනාන්දු 27, ගිහාන් කෝරලගේ 36, හිමාෂ ලියනගේ 55, මහේෂ් කුමාර 28, අශේන් ඩැනියෙල් 2/49, සහන් ආරච්චිගේ 2/24

තරගයේ විසඳුමක් නෑ

හලාවත මේරියන්ස් සහ සැරසන්ස් අතර තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ දී

  • හලාවත මේරියන්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 391 (131.1) අවිඳු තීක්ෂණ 20, Gaurav Jathar නොදැවී 110, Anuj Jotin 74, රවින් යසස් 87, අයොන් ප්‍රනාන්දු 43, කවික ඩිල්ශාන් 4/130, සඳුන් මෙන්ඩිස් 4/123
  • සැරසන්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 195 (68.5) නවිඳු විතානගේ 27, Daniyal Hussain 25, නිපුන් කරුණානායක 68, සිතාර ගිම්හාන් 36, ශෂින් සිල්වා 3/49, පුලින තරංග 5/64
  • සැරසන්ස් – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 228 (68) නවිඳු විතානගේ නොදැවී 103, තවීෂ අභිශේක් 84, ඉරුෂ්ක තිමිර 2/47

තරගයේ විසඳුමක් නෑ

තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<