දිනුක, තරිඳු සහ දුශාන් දක්ෂතා දක්වයි

SLC Major League Cricket Tournament 2022

616

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ දෙවැනි දිනය වූ අද (03) දවසේ කැපී පෙනෙන පිතිකරුවන් බවට පත් වීමට මූවර්ස් ක්‍රීඩා සමාජයේ දිනුක ඩිල්ශාන් සහ රාගම ක්‍රිකට් සමාජයේ අවිශ්ක තරිඳු සමත් වෙද්දී, පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට BRC කණ්ඩායමේ දුශාන් හේමන්ත සමත් වුනා.

මුවර්ස් ආරම්භක දකුණත් පිතිකරු දිනුක ඩිල්ශාන් කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට එරෙහිව  පන්දු 209කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 108ක් ලබා ගත්තා. මේ ඔහුගේ පළමු පෙළ දෙවැනි ශතකයයි.

රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කරන 20 හැවිරිදි දකුණත් පිතිකරු අවිශ්ක තරිඳු තම මංගල ශතකය අද වාර්තා කළා. ඒ කුරුණෑගල යූත් කණ්ඩායමට එරෙහිවයි. ඔහු පන්දු 214කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 103ක් ලබා ගත්තා.

මේ අතර BRC නියෝජනය කරන වමතින් දඟපන්දු යවන දුශාන් හේමන්ත ගාල්ල කණ්ඩායමට එරෙහිව තරගයේ දී ලකුණු 119කට කඩුලු 11ක් දවා ගත්තා. ඔහු පළමු ඉනිමේ දී ලකුණු 65කට කඩුලු 7ක් සහ දෙවැනි ඉනිමේ දී ලකුණු 54කට කඩුලු 4ක් දවා ගනිමින් මේ දක්ෂතාව කළ අතර එය ඔහුගේ පළමු පෙළ තරගයක හොඳම පන්දු යැවීමයි.

ඊට අමතර ව මුවර්ස් කණ්ඩායමේ පසිඳු සූරියබණ්ඩාර, රමේෂ් මෙන්ඩිස්, රාගම කණ්ඩායමේ නිශාන් මධුශ්ක සහ ශෂික දුල්ශාන්, හලාවත මේරියන්ස් කණ්ඩායමේ රවීන් යසස්, සෙබස්තියන් කණ්ඩායමේ මනෙල්ක ද සිල්වා, ටැමිල් යූනියන් කණ්ඩායමේ කමේෂ් නිර්මාල් සහ රවිඳු ප්‍රනාන්දු, නුගේගොඩ කණ්ඩායමේ රනිත ලියනාරච්චි අර්ධ ශතක වාර්තා කරමින් අද දවසේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූවා.

පන්දු යැවීමේ දී BRC කණ්ඩායමේ තිලකරත්න සම්පත් ද කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

Group A

BRC සහ ගාල්ල අතර තරගය BRC පිටියේ දී

  • ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 178 (56.2) සමීන් කඳනාරච්චි 31, යශෝධ ලංකා 42, කවිඳු එදිරිවීර 33, රජිත් ප්‍රියාන් 23, සුභානු රාජපක්ෂ 27, ලහිරු සමරකෝන් 2/37, දුශාන් හේමන්ත 7/65
  • BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 255 (67.2) ඩිලාන් ජයලත් 23, දුශාන් හේමන්ත 69, ලහිරු සමරකෝන් 70, දුවිඳු තිලකරත්න නොදැවී 27, හරීන් බුද්ධිල 5/45, සුභානු රාජපක්ෂ 2/62, ඩිල්ශාන් කාංචන 2/14
  • ගාල්ල – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 149 (40.3) ඩිල්ශාන් කාංචන 52, යශෝධ ලංකා 33, තරිඳු අමරසිංහ 20, රජිත් ප්‍රියාන් 23, තිලකරත්න සම්පත් 5/63, දුශාන් හේමන්ත 4/54
  • BRC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 35 (12) තිලකරත්න සම්පත් නොදැවී 21, සඳුන් මධුශංක 2/13

කැන්ඩි කස්ටම්ස් සහ මූවර්ස් අතර තරගය තර්ස්ටන් පිටියේ දී

  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 116 (43.4) රුවින් ෆොන්සේකා 23, රශ්මික මධුශංක නොදැවී 47, තීසාන් විතුසාන් 5/44, චානුක ඩිල්ශාන් 3/46
  • මූවර්ස් – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 377 (104) දිනුක ඩිල්ශාන් 108, පබසර වඩුගේ 59, සොහාන් ද ලිවේරා 32, පසිඳු සූරියබණ්ඩාර 85, රමේෂ් මෙන්ඩිස් 53, අයේෂ් හර්ෂණ 2/81, මෙතුශාන් තිළිණ 3/74
  • කැන්ඩි කස්ටම්ස් – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 96 (36) සමිත රංග 25, රුවීන් ෆොන්සේකා 23, රමේෂ් මෙන්ඩිස් 2/52, තීසාන් විතුසාන් 2/04

කුරුණෑගල යූත් සහ රාගම අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩා පිටියේ දී

  • රාගම – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 326 (110.2) නුෂාල් ධර්මරත්න 24, නිශාන් මධුශ්ක 62, ජනිත් ලියනගේ 35, අවිශ්ක තරිඳු නොදැවී 103, ඉෂාන් ජයරත්න 26, ශෂික දුල්ශාන් 50, සකිදු විජේරත්න 4/104
  • කුරුණෑගල – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 9 (3)

සෙබස්තියනයිට්ස් සහ කෝල්ට්ස් අතර තරගය මූවර්ස් පිටියේ දී

  • කෝල්ට්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 274 (73.5) සංගීත් කුරේ 28, ශලින් ද මෙල් 27, ධනංජය ලක්ෂාන් 41, රවිඳු රසාන්ත 22, විශාද් රන්දික 92, මුදිත ලක්ෂාන් 25, තරිඳු රත්නායක 7/116
  • සෙබස්තියනයිට්ස් – කඩුලු 9ක් දැවී 213 (94) චාමිකර එදිරිසිංහ 40, මනෙල්ක ද සිල්වා 63, දුනිත් වෙල්ලාලගේ 2/48, මුදිත ලක්ෂාන් 2/12, සංගීත් කුරේ 3/65

Group B

හලාවත මේරියන්ස් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර තරගය ආර්. ප්‍රේමදාස පිටියේ දී

  • හලාවත මේරියන්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 353 (109.5) ඉරුෂ්ක තිමිර 39, කසුන් විදුර 61, Gaurav Jathar 52, රවීන් යසස් නොදැවී 77, පුලින තරංග 81, කසුන් ඒකනායක 3/75, ලහිරු ජයකොඩි 2/49, යුරාන් නිමාෂ 2/74
  • ශ්‍රී ලංකා නාවික හමුදාව – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 157 (51) මාලිංග මලිගස්පේ 48, අදීශ නානායක්කාර 43, ලහිරු ජයකොඩි 20

මීගමුව සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය කටුනායක FTZ ක්‍රීඩා පිටියේ දී

  • මීගමුව – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 155 (72) අමෝද විදානපතිරණ 42, උමේෂ් ලක්ශාන් 30, Jatin Saxena නොදැවී 60, චානක කොමසාරු 2/45, Hasnain Bokhari 2/46

නුගේගොඩ සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර තරගය මූවර්ස් පිටියේ දී

  • ශ්‍රී ලංකා යුද හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 150 (65.2) ශෙහාන් ප්‍රනාන්දු 28, පැතුම් බොතේජු 23, ගිහාන් කෝරලගේ 37, අරවින්ද ප්‍රේමරත්න 3/47, සහන් නානායක්කාර 3/20
  • නුගේගොඩ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 263 (88.2) දිල්හාර පොල්ගම්පොළ 43, රනිත ලියනාරච්චි 83, අරවින්ද ප්‍රේමරත්න 45, නවීන් ප්‍රනාන්දු 30, කෞමාල් නානායක්කාර 5/100, අසංක මනෝජ් 3/66
  • ශ්‍රී ලංකා යුද හමුදාව – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 70 (24) තුලින ඩිල්ශාන් 32, ලක්ශාන් එදිරිසිංහ නොදැවී 21

ටැමිල් යූනියන් සහ Ace කැපිටල් අතර තරගය පී. සරා ඕවල් පිටියේ දී

  • Ace කැපිටල් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 151 (55.4) ප්‍රමුද් හෙට්ටිවත්ත 69, සචිඳු කොළඹගේ නොදැවී 24, කවිඳු පතිරත්න 3/14, ඩිල්රුවන් පෙරේරා 3/44, දිලුම් සුධීර 2/57
  • ටැමිල් යූනියන් – පළමු ඉනිම 290 (82.4) රොන් චන්ද්‍රගුප්ත 43, සධීර සමරවික්‍රම 26, කමේෂ් නිර්මාල් 55, දිලුම් සුධීර 31, රවිඳු ප්‍රනාන්දු නොදැවී 73, ඉසුරු උදාන 34, තනුක දාබරේ 2/19, කාවින්ද ඉශ්වර 2/30, සචිඳු කොළඹගේ 3/87
  • Ace කැපිටල් – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 72 (13) ලසිත් කෘaස්පුල්ලේ නොදැවී 34, ඕෂද ප්‍රනාන්දු 31, ඩිල්රුවන් පෙරේරා 2/01

මෙම තරගාවලියේ ඉහත තරග සියල්ල අවසන් දිනයට හෙට (04) ක්‍රියාත්මක වෙද්දී තවත් තරග කිහිපයක් හෙට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<