නුවනිඳු පිට පිට සිව්වැනි ශතකයත් වාර්තා කරයි

SLC Major League Cricket Tournament 2022

453

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි සතියේ පළමු දිනය වූ අද (09) දිනය නිමා වෙද්දී මෙවර තරගාවලියේ පිට පිට රැස් කරන ලද සිව්වැනි ශතකයත් වාර්තා කිරීමට SSC කණ්ඩායමේ නුවනිඳු ප්‍රනාන්දු සමත් වුනා.

දකුණතින් පන්දුවට පහර දෙන 22 හැවිරිදි නුවනිඳු කළුතර නාගරික කණ්ඩායමට එරෙහිව SSC පිටියේ දී පැවති තරගයේ දී  පන්දු 143කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 100ක් ලබා ගත්තා.

ඔහු මීට පෙර පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 114ක්, ලංකන් ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 140ක් සහ CCC කණ්ඩායමට එරෙහිව ලකුණු 119ක් ලබා ගත්තා.

මේ අතර නුවනිඳුට අමතරව එම කණ්ඩායමේ ම මනෝජ් සරත්චන්ද්‍ර ද ශතකයක් රැස් කිරීමට සමත් වීම කැපී පෙනුණා. ඔහු පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 110ක් ලබා ගත්තා.

දිනයේ කැපී පෙනෙන පන්දු යැවීම වාර්තා කළේ සෙබස්තියනයිට් කණ්ඩායමේ දෙඅතින් ම දඟපන්දු යවන තරිඳු රත්නායක. ඔහු පොලිස් කණ්ඩායමට එරෙහි ව ලකුණු 47කට කඩුලු 7ක් දවා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ හොඳම පන්දු යැවීම ලෙසින් ද සටහන් වුනා.

පිතිකරුවන් අතරින් SSC කණ්ඩායමේ සම්මු අශාන් සහ ලක්ෂිත මනසිංහ, කුරුණෑගල යූත් කණ්ඩායමේ ධනුශ්ක ධර්මසිරි, දමිත් පෙරේරා සහ දිනුෂ්ක මාලන්, රාගම කණ්ඩායමේ ජනිත් ලියනගේ, ටැමිල් යූනියන් කණ්ඩායමේ නවෝද් පරණවිතාන, රවිඳු ප්‍රනාන්දු සහ දිලුම් සුධීර, NCC කණ්ඩායමේ ලහිරු උදාර සහ සඳුන් වීරක්කොඩි, නුගේගොඩ කණ්ඩායමේ සුවත් මෙන්ඩිස් සහ සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ මනෙල්ක ද සිල්වා ද අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී තරිඳුට අමතර ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ කෞමාල් නානායක්කාර, CCC කණ්ඩායමේ විශ්ව ප්‍රනාන්දු, බදුරලිය කණ්ඩායමේ චලන ද සිල්වා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමේ ගයාන් සිරිසෝම කඩුලු 5 බැගින් ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා.

මේ අතර නුගේගොඩ කණ්ඩායම නියෝජනය කරන 26 හැවිරිදි විදෙස් ක්‍රීඩක Murtaza Trunkwala, Ace කැපිටල් කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කළ අතර එය ඔහුගේ පළමු පෙළ හොඳම ඉනිම ලෙසින් ද සටහන් වුනා.

හලාවත මේරියන්ස් කණ්ඩායමේ 31 හැවිරිදි Gaurav Jathar, සැරසන්ස් කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කළ අතර එය ඔහුගේ පළමු පෙළ මංගල ශතකයයි. ඔහු මෙම ශතකය වාර්තා කළේ පළමු පෙළ පිට පිට ලබා ගන්නා ලද අර්ධ ශතක 3කට පසුවයි. මෙතෙක් ඔහු ක්‍රීඩා කර ඇත්තේ පළමු පෙළ තරග 4ක් පමණක් වන අතර ඒ සියලු තරග මෙවර තරගාවලිය තුළ දී වීම විශේෂයි.

Group A

කෝල්ට්ස් සහ CCC අතර තරගය කෝල්ට්ස් පිටියේ දී

  • කෝල්ට්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 125 (40.2) සංගීත් කුරේ 21, හෂාන් දුමිඳු 20, ධනංජය ලක්ෂාන් 30, මලින්ද පුෂ්පකුමාර 3/22, විශ්ව ප්‍රනාන්දු 5/36
  • CCC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 139 (39) මිනෝද් භානුක 68, කවිශ්ක අංජුල 2/42, සංගීත් කුරේ 2/43

කැන්ඩි කස්ටම්ස් සහ ගාල්ල අතර තරගය තර්ස්ටන් පිටියේ දී

  • ගාල්ල – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 178 (90) ඩිල්ශාන් කාංචන 24, සමීන් කඳනාරච්චි 20, කවිඳු එදිරිවීර නොදැවී 49, Raghu Sharma 29, මෙතුශාන් තිළිණ 4/50, රවින්ද්‍ර කරුණාරත්න 2/33

ලංකන් සහ කුරුණෑගල යූත් අතර තරගය පානදුර ක්‍රීඩා පිටියේ දී

  • කුරුණෑගල යූත් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 306 (83) ධනුශ්ක ධර්මසිරි 58, දමිත් පෙරේරා 56, දිනුෂ්ක මාලන් 72, සංජීවන් ප්‍රියදර්ශන 21, ලහිරු ජයරත්න 24, යසිරු රොද්‍රිගෝ 2/54, රජීව වීරසිංහ 3/75, සඳුන් අබේවර්ධන 2/58, මිරංග වික්‍රමගේ 3/37
  • ලංකන් – පළමු ඉනිම කඩුල්ලක් දැවී 5 (1.3)

රාගම සහ BRC අතර තරගය මූවර්ස් ක්‍රීඩා පිටියේ දී

  • BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 160 (47.1) මලින්ද ජයෝද් 44, තිලකරත්න සම්පත් 24, ලහිරු සමරකෝන් 30, ජනිත් ලියනගේ 3/33, කල්හාර සේනාරත්න 2/25, ඒශාන් මාලිංග 4/39
  • රාගම – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 134 (42) සමින්ද ප්‍රනාන්දු 35, නිශාන් මධුශ්ක නොදැවී 30, ජනිත් ලියනගේ නොදැවී 50, දුවිඳු තිලකරත්න 2/28

සෙබස්තියනයිට්ස් සහ පොලිස් අතර තරගය CCC ක්‍රීඩා පිටියේ දී

  • පොලිසිය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 107 (36.4) සුපුන් මධුශංක 22, ලහිරු ඩියන්ත 24, තරිඳු රත්නායක 7/47, චාමිකර එදිරිසිංහ 2/36
  • සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 164 (49) Akshdeep Nath 71, මනෙල්ක ද සිල්වා නොදැවී 72, ලහිරු ඩියන්ත 2/35

SSC සහ කළුතර අතර තරගය SSC ක්‍රීඩා පිටියේ දී

  • SSC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 394 (88) නුවනිඳු ප්‍රනාන්දු 100, සම්මු අශාන් 73, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 110, ලක්ෂිත මනසිංහ 86, දේශාන් සෙනෙවිරත්න 3/61

Group B

බදුරලිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර තරගය මග්ගොන Surrey පිටියේ දී

  • ශ්‍රී ලංකා නාවික හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 190 (67.4) ලහිරු ජයකොඩි 46, අසන්ත සිංගප්පුලි 38, සහන් කෝසල 34, සචිත්‍ර සේනානායක 29, Parvez Rasool 4/70, චලන ද සිල්වා 5/84
  • බදුරලිය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 92 (22) මලිඳු මධුරංග 45, අලංකාර අසංක 26

බ්ලූම්ෆීල්ඩ් සහ පානදුර අතර තරගය බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී

  • පානදුර – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 292 (90) පවන් ද සිල්වා 46, ලක්ෂාන් රොද්‍රිගෝ නොදැවී 51, Parth Palawat 96, Abhishek Gupta 48, රොෂාන් විජේනායක නොදැවී 28, Hasnain Bokhari 2/61

නුගේගොඩ සහ Ace කැපිටල් අතර තරගය මොරටුව ද සොයිස් ක්‍රීඩා පිටියේ දී

  • නුගේගොඩ – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 295 (89.2) Murtaza Trunkwala 123, රාහුල් ගුණසේකර 24, සුවත් මෙන්ඩිස් 63, අරවින්ද ප්‍රේමරත්න 35, සිතුම් දිසානායක 2/70, රොෂාන් ජයතිස්ස 2/66

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ටැමිල් යූනියන් අතර තරගය කටුනායක ගුවන් හමුදා පිටියේ දී

  • ටැමිල් යූනියන් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 345 (89.5) නවෝද් පරණවිතාන 61, රොන් චන්ද්‍රගුප්ත 46, සධීර සමරවික්‍රම 24, සිතාර හපුහින්න 27, රවිඳු ප්‍රනාන්දු 67, දිලුම් සුධීර 52, කවිඳු පතිරණ 30, ගයාන් සිරිසෝම 5/135, දුලංජන මෙන්ඩිස් 3/71

ශ්‍රී ලංකා යුද හමුදාව සහ NCC අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී

  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 282 (69.4) විනුක රූබසිංහ 25, ලහිරු උදාර 59, සඳුන් වීරක්කොඩි 95, ලසිත් ඇඹුල්දෙණිය 22, නිපුන් රන්සික 25, කෞමාල් නානායක්කාර 5/76
  • ශ්‍රී ලංකා යුද හමුදාව – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 6 (5)

හලාවත මේරියන්ස් සහ සැරසන්ස් අතර තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ දී

  • හලාවත මේරියන්ස් – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 251 (90) අවිඳු තීක්ෂණ 20, Gaurav Jathar නොදැවී 110, Anuj Jotin 74, රවින් යසස් නොදැවී 28, සඳුන් මෙන්ඩිස් 2/81

තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<