නිපුන් සහ නුවනිඳු ලකුණු 1000 සමාජයට

SLC Major League Cricket Tournament 2022

897

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ පැවති තරගවල දී SSC කණ්ඩායමේ නිපුන් ධනංජය සහ නුවනිඳු ප්‍රනාන්දු තම පළමු පෙළ ලකුණු දහස වාර්තා කිරීමට අද (04) සමත් වුනා.

පොලිස් කණ්ඩායමට එරෙහිව SSC පිටියේ දී අද ආරම්භ වූ මෙම තරගයේ දී නිපුන් සහ නුවනිඳු ශතක වාර්තා කිරීම කැපී පෙනුණා. නිපුන් පන්දු 141කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 117ක් ලබා ගත් අතර නුවනිඳු පන්දු 157කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 114ක් ලබා ගත්තා. එය මෙවර තරගාවලියේ නුවනිඳු පිට පිට ලබා ගත් තෙවැනි ශතකයයි.

මෙම තරගයේ ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට සබඳතාව ලකුණු 233ක්. මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ ලක්ෂාන් එදිරිසිංහ නුගේගොඩ කණ්ඩායමට එරෙහිව පන්දු 223කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 134ක් වාර්තා කළා. එය ඔහුගේ පළමු පෙළ තරගවල ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

පන්දු යැවීමේ දී CCC කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන මලින්ද පුෂ්පකුමාර ලංකන් කණ්ඩායමට එරෙහිව ලකුණු 27කට කඩුලු 8ක් දවා ගැනීමට සමත් වෙද්දී මූවර්ස් කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන 21 වියැති තීසාන් විතුසාන් කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 79කට කඩුලු 10ක් දවා ගනිමින් තම පළමු පෙළ ක්‍රිකට් තරගයක හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඔහු ප්‍රතිවාදී දෙවැනි ඉනිමේ දී ලකුණු 35කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමක හොඳම පන්දු යැවීම ද අද වාර්තා කළා.

සෙබස්තියනයිට් කණ්ඩායමේ දෙඅතින් ම දඟපන්දු යවන තරිඳු රත්නායක ද කෝල්ට්ස් කණ්ඩායම හා තරගයේ දී ලකුණු 181කට කඩුලු 11ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා. මේ අතර NCC කණ්ඩායමේ චලන ද සිල්වා සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ චානක කොමසාරු ද පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූවා.

පිතිකරුවන් අතුරින් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ ගජිත කොටුවේගොඩ, Ace කැපිටල් කණ්ඩායමේ ලසිත් කෘෘස්පුල්ලේ සහ CCC කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් අර්ධ ශතක වාර්තා කළා.

Group A

BRC සහ ගාල්ල අතර තරගය BRC පිටියේ දී

  • ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 178 (56.2) සමීන් කඳනාරච්චි 31, යශෝධ ලංකා 42, කවිඳු එදිරිවීර 33, රජිත් ප්‍රියාන් 23, සුභානු රාජපක්ෂ 27, ලහිරු සමරකෝන් 2/37, දුශාන් හේමන්ත 7/65
  • BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 255 (67.2) ඩිලාන් ජයලත් 23, දුශාන් හේමන්ත 69, ලහිරු සමරකෝන් 70, දුවිඳු තිලකරත්න නොදැවී 27, හරීන් බුද්ධිල 5/45, සුභානු රාජපක්ෂ 2/62, ඩිල්ශාන් කාංචන 2/14
  • ගාල්ල – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 149 (40.3) ඩිල්ශාන් කාංචන 52, යශෝධ ලංකා 33, තරිඳු අමරසිංහ 20, රජිත් ප්‍රියාන් 23, තිලකරත්න සම්පත් 5/63, දුශාන් හේමන්ත 4/54
  • BRC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 75 (18.2) තිලකරත්න සම්පත් 47, සඳුන් මධුශංක 3/41

BRC කණ්ඩායමට කඩුලු 6ක ජයග්‍රහණයක්


කැන්ඩි කස්ටම්ස් සහ මූවර්ස් අතර තරගය තර්ස්ටන් පිටියේ දී

  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 116 (43.4) රුවින් ෆොන්සේකා 23, රශ්මික මධුශංක නොදැවී 47, තීසාන් විතුසාන් 5/44, චානුක ඩිල්ශාන් 3/46
  • මූවර්ස් – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 377 (104) දිනුක ඩිල්ශාන් 108, පබසර වඩුගේ 59, සොහාන් ද ලිවේරා 32, පසිඳු සූරියබණ්ඩාර 85, රමේෂ් මෙන්ඩිස් 53, අයේෂ් හර්ෂණ 2/81, මෙතුශාන් තිළිණ 3/74
  • කැන්ඩි කස්ටම්ස් – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 153 (52) සමිත රංග 25, රුවීන් ෆොන්සේකා 23, සළිඳු පතිරණ 32, චානක විජේසිංහ 42, රමේෂ් මෙන්ඩිස් 3/78, තීසාන් විතුසාන් 5/35

මූවර්ස් කණ්ඩායම ඉනිමක සහ ලකුණු 108ක ජයග්‍රහණයක්


කුරුණෑගල යූත් සහ රාගම අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩා පිටියේ දී

  • රාගම – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 326 (110.2) නුෂාල් ධර්මරත්න 24, නිශාන් මධුශ්ක 62, ජනිත් ලියනගේ 35, අවිශ්ක තරිඳු නොදැවී 103, ඉෂාන් ජයරත්න 26, ශෂික දුල්ශාන් 50, සකිදු විජේරත්න 4/104
  • කුරුණෑගල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 156 (45.3) Mohsin Khan 57, මුදිත ප්‍රේමදාස 26, ලහිරු අබේසිංහ 35, ඉෂාන් ජයරත්න 2/17, ශෂික දුල්ශාන් 3/46, සංජුල බණ්ඩාර 3/28
  • කුරුණෑගල – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 115 (29) ගයාන් මනීශාන් 27, ධනුෂ්ක ධර්මසිරි 46, Mohsin Khan 21, කල්හාර සේනාරත්න 2/40, ශෂික දුල්ශාන් 3/18

තරගයේ විසඳුමක් නෑ


සෙබස්තියනයිට්ස් සහ කෝල්ට්ස් අතර තරගය මූවර්ස් පිටියේ දී

  • කෝල්ට්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 274 (73.5) සංගීත් කුරේ 28, ශලින් ද මෙල් 27, ධනංජය ලක්ෂාන් 41, රවිඳු රසාන්ත 22, විශාද් රන්දික 92, මුදිත ලක්ෂාන් 25, තරිඳු රත්නායක 7/116
  • සෙබස්තියනයිට්ස් – සියලුම දෙනා දැවී 240 (105.1) චාමිකර එදිරිසිංහ 40, මනෙල්ක ද සිල්වා 63, සචිත ජයතිලක 41, දුනිත් වෙල්ලාලගේ 2/56, මුදිත ලක්ෂාන් 3/16, සංගීත් කුරේ 3/65
  • කෝල්ට්ස් – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 167 (51.2) සංගීත් කුරේ 29, ශලින් ද මෙල් 29, ධනංජය ලක්ෂාන් 43, විශාද් රන්දික නොදැවී 28, තරිඳු රත්නායක 4/65, චාමිකර එදිරිසිංහ 2/65

තරගයේ විසඳුමක් නෑ


CCC සහ ලංකන් අතර තරගය CCC ක්‍රීඩා පිටියේ දී

  • ලංකන් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 67 (33.3) මලින්ද පුෂ්පකුමාර 8/27
  • CCC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 154 (35.5) මිනෝද් භානුක 38, කමිඳු මෙන්ඩිස් නොදැවී 63, ලසිත්අබේරත්න 21, යසිරු රොද්‍රිගෝ 2/16, රජීව වීරසිංහ 3/65

මෙම තරගය හෙට (05) දෙවැනි දිනයට ක්‍රියාත්මකයි.


SSC සහ පොලිස් අතර තරගය SSC පිටියේ දී

  • SSC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 319 (70) නිපුන් ධනංජය 117, නුවනිඳු ප්‍රනාන්දු 114, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 51, ලහිරු දියන්ත 3/68, නදීර බාලසූරිය 2/35

මෙම තරගය හෙට (05) දෙවැනි දිනයට ක්‍රියාත්මකයි.


Group B

හලාවත මේරියන්ස් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර තරගය ආර්. ප්‍රේමදාස පිටියේ දී

  • හලාවත මේරියන්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 353 (109.5) ඉරුෂ්ක තිමිර 39, කසුන් විදුර 61, Gaurav Jathar 52, රවීන් යසස් නොදැවී 77, පුලින තරංග 81, කසුන් ඒකනායක 3/75, ලහිරු ජයකොඩි 2/49, යුරාන් නිමාෂ 2/74
  • ශ්‍රී ලංකා නාවික හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 266 (111.3) මාලිංග මලිගස්පේ 48, අදීශ නානායක්කාර 43, ලහිරු ජයකොඩි 23, මදුර මධුශංක 38, සහන් කෝසල 20, සුපුන් ලීලාරත්න 41, ඉරුෂ්ක තිමිර 3/68, කේශර නුවන්ත 2/32, Gaurav Jathar 2/47
  • හලාවත මේරියන්ස් – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 51 (8) කසුන් විදුර නොදැවී 38

තරගයේ විසඳුමක් නෑ


මීගමුව සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය කටුනායක FTZ ක්‍රීඩා පිටියේ දී

  • මීගමුව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 228 (101.3) අමෝද විදානපතිරණ 42, උමේෂ් ලක්ශාන් 30, Jatin Saxena නොදැවී 85, ජීවක ශෂීන් 33, චානක කොමසාරු 5/79, Hasnain Bokhari 4/53
  • බ්ලූම්ෆීල්ඩ් – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 199 (55) ගජිත කොටුවේගොඩ 58, චරිත කුමාරසිංහ 48, මාධව වර්ණපුර නොදැවී 32, ලහිරු මධුශංක 22, ධනුෂ්ක සඳරුවන් 2/41, චනුර ප්‍රනාන්දු 2/33

තරගයේ විසඳුමක් නෑ


නුගේගොඩ සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර තරගය මූවර්ස් පිටියේ දී

  • ශ්‍රී ලංකා යුද හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 150 (65.2) ශෙහාන් ප්‍රනාන්දු 28, පැතුම් බොතේජු 23, ගිහාන් කෝරලගේ 37, අරවින්ද ප්‍රේමරත්න 3/47, සහන් නානායක්කාර 3/20
  • නුගේගොඩ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 263 (88.2) දිල්හාර පොල්ගම්පොළ 43, රනිත ලියනාරච්චි 83, අරවින්ද ප්‍රේමරත්න 45, නවීන් ප්‍රනාන්දු 30, කෞමාල් නානායක්කාර 5/100, අසංක මනෝජ් 3/66
  • ශ්‍රී ලංකා යුද හමුදාව – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 257 (24) තුලින ඩිල්ශාන් 32, ලක්ශාන් එදිරිසිංහ 134, පැතුම් බොතේජු 25, හිමාෂ ලියනගේ නොදැවී 35, සහන් නානායක්කාර 2/44

තරගයේ විසඳුමක් නෑ


ටැමිල් යූනියන් සහ Ace කැපිටල් අතර තරගය පී. සරා ඕවල් පිටියේ දී

  • Ace කැපිටල් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 151 (55.4) ප්‍රමුද් හෙට්ටිවත්ත 69, සචිඳු කොළඹගේ නොදැවී 24, කවිඳු පතිරත්න 3/14, ඩිල්රුවන් පෙරේරා 3/44, දිලුම් සුධීර 2/57
  • ටැමිල් යූනියන් – පළමු ඉනිම 290 (82.4) රොන් චන්ද්‍රගුප්ත 43, සධීර සමරවික්‍රම 26, කමේෂ් නිර්මාල් 55, දිලුම් සුධීර 31, රවිඳු ප්‍රනාන්දු නොදැවී 73, ඉසුරු උදාන 34, තනුක දාබරේ 2/19, කාවින්ද ඉශ්වර 2/30, සචිඳු කොළඹගේ 3/87
  • Ace කැපිටල් – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 216 (80.2) ලසිත් කෘaස්පුල්ලේ 52, ඔෂද ප්‍රනාන්දු 31, Ninad Kadam 44, සකුණ ලියනගේ නොදැවී 29, සචිඳු කොළඹගේ 21, ඩිල්රුවන් පෙරේරා 3/44

තරගයේ විසඳුමක් නෑ


NCC සහ බදුරලිය අතර තරගය NCC ක්‍රීඩා පිටියේ දී

  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 152 (54.2) ජොහාන් ද සිල්වා 29, ලහිරු උදාර 44, සහන් ආරච්චිගේ 34, Parvez Rasool 3/38, චලන ද සිල්වා 5/49
  • බදුරලිය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 70 (15) මලිඳු මධුරංග නොදැවී 36

මෙම තරගය හෙට (05) දෙවැනි දිනයට ක්‍රියාත්මකයි.


සැරසන්ස් සහ පානදුර අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී

  • සැරසන්ස් – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 70 (27) සසිත පල්ලියගුරු නොදැවී 29, නවිඳු විතානගේ නොදැවී 35

මෙම තරගය හෙට (05) දෙවැනි දිනයට ක්‍රියාත්මකයි.

තරගාවලියේ උණුසුම් පුවත් සමගින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<