නිශාන් මධුශ්ක උපන්දිනය ශතකයකින් සමරයි

SLC Major League Cricket Tournament 2022

201

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි සතියේ දෙවැනි දිනය වූ අද (10) දිනයේ දී තම 23 වැනි උපන්දිනය සැමරූ රාගම ක්‍රිකට් කණ්ඩායමේ නිශාන් මධුශ්ක ශතකයක් වාර්තා කළා.

මෙය නිශාන් මෙම තරගාවලියේ දී වාර්තා කරන ලද සිව්වැනි ශතකයයි. BRC කණ්ඩායමට එරෙහිව වාර්තා වූ මෙම ඉනිමේ දී පන්දු 161කට මුහුණ දුන් නිශාන් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 107ක් ලබා ගත්තා.

අද වාර්තා කරන අර්ධ ශතකලාභීන් අතරට ශ්‍රී ලංකා නාවික හමුදාවේ නවීන් කවිකාර, පානදුර කණ්ඩායමේ රොෂාන් විජේනායක, CCC කණ්ඩායමේ චමිඳු විජේසිංහ, කෝල්ට්ස් කණ්ඩායමේ ශලින් ද මැල්, ගාල්ල කණ්ඩායමේ කවිඳු එදිරිවීර, Ace කැපිටල් කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්දු, රාගම කණ්ඩායමේ දුලාජ් බණ්ඩාර, හලාවත මේරියන්ස් කණ්ඩායමේ රවීන් යසස්, කළුතර නාගරික කණ්ඩායමේ සුඛිත මනෝජ් ඇතුළත් වුනා.

මේ අතර බදුරලිය කණ්ඩායම නියෝජනය කරන ඉන්දීය ක්‍රීඩක Parvez Rasool නොදැවී ලකුණු 135ක් වාර්තා කරමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූවා.

දිනයේ හොඳම පන්දු යැවූ දේශීය පන්දු යවන්නා බවට පත් වීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ නවීන් කවිකාර සමත් වුනා. ඔහු බදුරලිය කණ්ඩායමට එරෙහිව ලකුණු 159කට කඩුලු 6ක් දවා ගත්තා.

ඊට අමතරව  පානදුර කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන නිමේෂ් විමුක්ති බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව ලකුණු 39කට කඩුලු 5ක් සහ කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ මෙතුෂාන් තිළිණ ගාල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 80කට කඩුලු 5ක් දවා ගත්තා.

එමෙන් ම ගාල්ල කණ්ඩායමේ 29 හැවිරිදි ඉන්දීය ක්‍රීඩක Raghu Sharma කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 56කට කඩුලු 7ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ ඉහළ ම දක්ෂතාවය ද වුනා.

Group A

කෝල්ට්ස් සහ CCC අතර තරගය කෝල්ට්ස් පිටියේ දී

  • කෝල්ට්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 125 (40.2) සංගීත් කුරේ 21, හෂාන් දුමිඳු 20, ධනංජය ලක්ෂාන් 30, මලින්ද පුෂ්පකුමාර 3/22, විශ්ව ප්‍රනාන්දු 5/36
  • CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 236 (78.1) මිනෝද් භානුක 68, පවන් රත්නායක 30, චමිඳු විජේසිංහ 56, මලින්ද පුෂ්පකුමාර 25, කවිශ්ක අංජුල 2/77, ධනංජය ලක්ෂාන් 2/31, සංගීත් කුරේ 2/45, දුනිත් වෙල්ලාලගේ 3/53
  • කෝල්ට්ස් – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 136 (48) අවිශ්ක පෙරේරා 21, ශලින් ද මැල් 92, මලින්ද පුෂ්පකුමාර 3/51

කැන්ඩි කස්ටම්ස් සහ ගාල්ල අතර තරගය තර්ස්ටන් පිටියේ දී

  • ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 231 (105.1) ඩිල්ශාන් කාංචන 24, සමීන් කඳනාරච්චි 20, කවිඳු එදිරිවීර 54, Raghu Sharma 29, චතුර ලක්ෂාන් 41, මෙතුශාන් තිළිණ 5/80, රවින්ද්‍ර කරුණාරත්න 2/33
  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 146 (56.2) ඉරෝෂ් සමරසූරිය 46, හරිඳු ජයසේකර 40, මෙතුශාන් තිළිණ නොදැවී 20, Raghu Sharma 7/56
  • ගාල්ල – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 38 (13) ඩිල්ශාන් කාංචන නොදැවී 20

ලංකන් සහ කුරුණෑගල යූත් අතර තරගය පානදුර ක්‍රීඩා පිටියේ දී

  • කුරුණෑගල යූත් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 306 (83) ධනුශ්ක ධර්මසිරි 58, දමිත් පෙරේරා 56, දිනුෂ්ක මාලන් 72, සංජීවන් ප්‍රියදර්ශන 21, ලහිරු ජයරත්න 24, යසිරු රොද්‍රිගෝ 2/54, රජීව වීරසිංහ 3/75, සඳුන් අබේවර්ධන 2/58, මිරංග වික්‍රමගේ 3/37
  • ලංකන් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 174 (70.4) මිරංග වික්‍රමගේ 27, ශෙහාන් ප්‍රනාන්දු 31, යසිරු රොද්‍රිගෝ නොදැවී 33, සකිඳු විජේරත්න 3/47, දිනුෂ්ක මාලන් 3/30
  • කුරුණෑගල යූත් – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 84 (17) Mohammad Moshin නොදැවී 55

රාගම සහ BRC අතර තරගය මූවර්ස් ක්‍රීඩා පිටියේ දී

  • BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 160 (47.1) මලින්ද ජයෝද් 44, තිලකරත්න සම්පත් 24, ලහිරු සමරකෝන් 30, ජනිත් ලියනගේ 3/33, කල්හාර සේනාරත්න 2/25, ඒශාන් මාලිංග 4/39
  • රාගම – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 413 (42) සමින්ද ප්‍රනාන්දු 35, නිශාන් මධුශ්ක 107, ජනිත් ලියනගේ 71, දුලාජ් බණ්ඩාර නොදැවී 74, සංජුල බණ්ඩාර 31, නිපුන් මාලිංග 35, දුවිඳු තිලකරත්න 2/60, තිලකරත්න සම්පත් 2/53, දුශාන් හේමන්ත 2/133, මල්ක මධුශංක 2/56
  • BRC – දෙවැනි ඉනිම – කඩුල්ලක් දැවී 41 (14) ලියෝ ෆ්‍රැන්සිස්කෝ නොදැවී 26

සෙබස්තියනයිට්ස් සහ පොලිස් අතර තරගය CCC ක්‍රීඩා පිටියේ දී

  • පොලිසිය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 107 (36.4) සුපුන් මධුශංක 22, ලහිරු ඩියන්ත 24, තරිඳු රත්නායක 7/47, චාමිකර එදිරිසිංහ 2/36
  • සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 218 (68.1) Akshdeep Nath 71, මනෙල්ක ද සිල්වා නොදැවී 72, ලහිරු ඩියන්ත 2/35
  • පොලිසිය – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 214 (71) නදීර බාලසූරිය 27, Uday Kaul 42, සුපුන් මධුශංක 34, චතුරංග කුමාර නොදැවී 51, තරිඳු රත්නායක 2/77, චාමිකර එදිරිසිංහ 3/80, ශශ්‍රීක පුස්සෙගොල්ල 2/41

SSC සහ කළුතර අතර තරගය SSC ක්‍රීඩා පිටියේ දී

  • SSC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 394 (88) නුවනිඳු ප්‍රනාන්දු 100, සම්මු අශාන් 73, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 110, ලක්ෂිත මනසිංහ 86, දේශාන් සෙනෙවිරත්න 3/61
  • කළුතර නාගරික – පළමු ඉනිම සියලුම දෙනා දැවී 204 (69.1) සුඛිත මනෝජ් 89, තරිඳු සිරිවර්ධන 22, හිරුන සිගේරා 31, ප්‍රභාත් ජයසූරිය 4/62, නිම්නක ජයතිලක 2/23
  • කළුතර නාගරික – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 50 (18)

Group B

බදුරලිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර තරගය මග්ගොන Surrey පිටියේ දී

  • ශ්‍රී ලංකා නාවික හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 190 (67.4) ලහිරු ජයකොඩි 46, අසන්ත සිංගප්පුලි 38, සහන් කෝසල 34, සචිත්‍ර සේනානායක 29, Parvez Rasool 4/70, චලන ද සිල්වා 5/84
  • බදුරලිය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 359 (77.5) මලිඳු මධුරංග 45, අලංකාර අසංක 26, රනේෂ් සිල්වා 20, Parvez Rasool නොදැවී 135, ගිහාන් රූපසිංහ 75, Rameez Alam 27, නවින් කවිකාර 6/159, සචිත්‍ර සේනානායක 4/121
  • ශ්‍රී ලංකා නාවික හමුදාව – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 160 (42) අදීශ නානායක්කාර 21, සුපුන් ලීලාරත්න 21, නවින් කවිකාර නොදැවී 55, චලන ද සිල්වා 3/84, Parvez Rasool 5/53

බ්ලූම්ෆීල්ඩ් සහ පානදුර අතර තරගය බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී

  • පානදුර – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 426 (125.1) පවන් ද සිල්වා 46, ලක්ෂාන් රොද්‍රිගෝ 95, Parth Palawat 96, Abhishek Gupta 48, රොෂාන් විජේනායක 77, තරිඳු කෞෂාල් 27, චානක කොමසාරු 4/126, Hasnain Bokhari 2/79
  • බ්ලූම්ෆීල්ඩ් – පළමු ඉනිම කඩුල 6ක් දැවී 111 (52) ගජිත කොටුවේගොඩ 32, චරිත කුමාරසිංහ 24, නිමේෂ් විමුක්ති 5/39

නුගේගොඩ සහ Ace කැපිටල් අතර තරගය මොරටුව ද සොයිස් ක්‍රීඩා පිටියේ දී

  • නුගේගොඩ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 322 (101.3) Murtaza Trunkwala 123, රාහුල් ගුණසේකර 24, සුවත් මෙන්ඩිස් 63, අරවින්ද ප්‍රේමරත්න 35, සිතුම් දිසානායක 2/83, රොෂාන් ජයතිස්ස 4/79
  • Ace කැපිටල් – සියලුම දෙනා දැවී 197 (56.5) ඔෂද ප්‍රනාන්දු 93, ප්‍රමුද් හෙට්ටිවත්ත 48, චමින්ද බණ්ඩාර 2/41, සුවත් මෙන්ඩිස් 4/44, අරවින්ද ප්‍රේමරත්න 3/17
  • නුගේගොඩ – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 28

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ටැමිල් යඋනියන් අතර තරගය කටුනායක ගුවන් හමුදා පිටියේ දී

  • ටැමිල් යූනියන් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 345 (89.5) නවෝද් පරණවිතාන 61, රොන් චන්ද්‍රගුප්ත 46, සධීර සමරවික්‍රම 24, සිතාර හපුහින්න 27, රවිඳු ප්‍රනාන්දු 67, දිලුම් සුදීර 52, කවිඳු පතිරණ 30, ගයාන් සිරිසෝම 5/135, දුලංජන මෙන්ඩිස් 3/71
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 209 (60.2) උදයවංශ පරාක්‍රම 49, කලන විජේසිරි 29, මොවින් සුබසිංහ 45, දේශාන් ප්‍රනාන්දු 27, ලසඳ රුක්මල් 26, දිලුම් සුදීර 4/85, රවිඳු ප්‍රනාන්දු 4/73
  • ටැමිල් යූනියන් – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 117 (30.5) නවෝද් පරණවිතාන 42, රොන් චන්ද්‍රගුප්ත 22, කමේෂ් නිර්මාල් නොදැවී 30, දුලංජන මෙන්ඩිස් 2/28

ශ්‍රී ලංකා යුද හමුදාව සහ NCC අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී

  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 282 (69.4) විනුක රූබසිංහ 25, ලහිරු උදාර 59, සඳුන් වීරක්කොඩි 95, ලසිත් ඇඹුල්දෙණිය 22, නිපුන් රන්සික 25, කෞමාල් නානායක්කාර 5/76
  • ශ්‍රී ලංකා යුද හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 108 (48.3) තුලින ඩිල්ශාන් 21, දිනේෂ් චන්දිමාල් 27, මහේෂ් කුමාර 24, ලසිත් ඇඹුල්දෙණිය 3/29, අශේන් ඩැනියෙල් 4/30, රවීන් සේයර් 2/22
  • NCC – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 149 (48.1) ලහිරු උදාර 34, සඳුන් වීරක්කොඩි 24, සහන් ආරච්චිගේ 36, අසේල් සිගේරා නොදැවී 32, කෞමාල් නානායක්කාර 3/39, අසංක මනෝජ් 2/35

හලාවත මේරියන්ස් සහ සැරසන්ස් අතර තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ දී

  • හලාවත මේරියන්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 391 (131.1) අවිඳු තීක්ෂණ 20, Gaurav Jathar නොදැවී 110, Anuj Jotin 74, රවින් යසස් 87, අයොන් ප්‍රනාන්දු 43, කවික ඩිල්ශාන් 4/130, සඳුන් මෙන්ඩිස් 4/123
  • සැරසන්ස් – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 139 (49) නවිඳු විතානගේ 27, Daniyal Hussain 25, නිපුන් කරුණානායක නොදැවී 30, සිතාර ගිම්හාන් 36, ශෂින් සිල්වා 2/33

මෙම සියලු ම තරග හෙට (11) තෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි. තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<