ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ තරග සංචාරයට දින තීන්දු වෙයි

Sri Lanka Tour of Bangladesh 2023

256
Sri Lanka Tour of Bangladesh 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ තරග එළඹෙන මාර්තු සහ අප්‍රේල් මාස වල දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

විස්සයි විස්ස තරග තුනක්, එක්දින තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත් දීර්ඝ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයට පිටත්ව යාමට නියමිත අතර, තරගාවලිය එළඹෙන මාර්තු මස 04 වැනි දා පැවැත්වීමට නියමිත පළමු විස්සයි විස්ස තරගයත් සමඟින් නිල වශයෙන් ආරම්භ වනු ඇති.

තරගාවලියේ තරග කාලසටහන මෙසේයි;

තරගය දිනය ක්‍රීඩාංගණය
     
1st T20 මාර්තු 04 Sylhet
2nd T20 මාර්තු 06 Sylhet
3rd T20 මාර්තු 09 Sylhet
     
1st ODI මාර්තු 13 Chattogram
2nd ODI මාර්තු 15 Chattogram
3rd ODI මාර්තු 18 Chattogram
     
1st Test මාර්තු 22-26 Sylhet
2nd Test මාර්තු 30 – අප්‍රේල් 03 Chattogram

මෙම තරගාවලියේ සියලු උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<