දෙපාරක් නොහිතා ඉන්දීය කණ්ඩායම භාරගන්න මම සූදානම්

651

අවස්ථාවක් ලැබුනොත් දෙවතාවක් නොසිතාම ඉන්දියාවේ පුහුණුකරු ධූරය භාරගන්නා බව හිටපු සුපිරි ඉන්දීය ක්‍රිකට් නායක මොහොමඩ් අසාරුදීන් පවසා සිටිනවා.

“මම ඒක උත්සහ කරලා බලන්න කැමතියි. මට අවස්ථාවක් ලැබුනොත් මම ඇසි පිල්ලමක් ගහන්නත් කලින් එම අවස්ථාව භාර ගන්නවා” අසාරුදීන් ගල්ෆ් පුවත් සේවය වෙත පවසා තිබුණා.

2011 අවසන් තරගය පාවා දුන්නා යැයි හිටපු ඇමතිගෙන් චෝදනාවක්!

වත්මන් ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු වන රවී ශාස්ත්‍රී එළඹෙන 2021 විස්සයි විස්ස ලෝක කුසලානය තෙක් ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට ගිවිසුම් ගත වී සිටිනවා. මේ වන විට COVID-19 වයිරසය නිසා ලොව පුරා සියලුම ක්‍රිකට් තරගාවලි නවතා දමා ඇති අතර එංගලන්තය ජූලි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබෙනවා.

තරග තුනකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය COVID-19 වයිරස ව්‍යාප්තියෙන් පසුව පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය බවට පත් වනු ඇත.

වර්තමානයේ දී ක්‍රිකට් කණ්ඩායම් සමඟ පුහුණුකරුවන් හා සහය කාර්යමණ්ඩලයේ නිලධාරීන් රැසක් ගමන් කිරීම පිළිබඳ අසාරුදීන් සිය පුදුමය පළ කර සිටියා. 

“කණ්ඩායම් සමඟ යන නිලධාරීන් ගොඩ දුටු විට මට පුදුමයි. උදාහරණයක් ලෙස මගේ විශේෂඥතාව වෙන්නේ පිතිකරණය හා පන්දු යැවීම. ඒ නිසා මම කණ්ඩායමක් පුහුණු කරනවා නම් ඒ කණ්ඩායමට පිතිකරණ පුහුණුකරුවෙක් අවශ්‍ය නෑ නේද?” හයිද්‍රාබාද් ක්‍රිකට් සංගමයේ වත්මන් සභාපති වන අසාරුදීන් පවසා සිටියා.

අසාරුදීන් තවදුරටත් පවසා සිටියේ මේ වසර අග දී හෝ කල් දැමුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට හැකි වනු ඇති බවට තමන් සුභවාදී බලාපොරොත්තු තබාගෙන සිටින බවයි. 

විස්සයි විස්ස ලෝක කුසලානය ඔක්තෝබර් මාසයේ දී නොපැවැත්වුණුහොත් එම කාල රාමුව තුළ IPL තරගාවලිය පවත්වන්නට හැකි වේ යැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විශ්වාස කරනවා.

“අවම වශයෙන් තරග හතකට සත්කාරකත්වය දක්වන්නට හැකි වෙන ලීග් තරගාවලියක් ලැබේ යැයි මම ප්‍රාර්ථනා කරනවා. කවුරු කැමති වුනත් නැති වුනත් ගෙවුණු වසර 10-12 තුළ IPL තරගාවලිය ක්‍රීඩාවට ගොඩක් දේවල් දීලා තියෙනවා.”

ලෝක කුසලානය ගැන කණගාටුදායක අනාවැකියක්

“ක්‍රීඩකයින්ට ගොඩක් අවධානය යොමුවන ඉතා ඉක්මනින් ඔවුන්ට දක්ෂතා පෙන්වලා නමක් හදාගන්න තියෙන වේදිකාවක් ඒක. IPL තරගාවලියේ තිබුණේ නැත්නම් හර්දික් පාන්ඩ්යා, ජස්ප්‍රිත් බුම්රාහ් වගේ ක්‍රීඩකයින් තවමත් පළමු පෙළ ක්‍රිකට් වල හිර වෙලා” ටෙස්ට් තරග 99ක දී ලකුණු 6215ක් හා එක්දින තරග 334ක දී ලකුණු 9378ක් රැස් කරගෙන සිටින අසාරුදීන් පවසා සිටිනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<