ශ්‍රී ලංකා -නවසීලන්ත තරගාවලි කාලසටහන නිකුත් කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2023

390

වසර කිහිපයකට පසුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයේ පූර්ණ තරගාවලියක් සඳහා මාර්තු මාසයේ දී සංචාරය කිරීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් අතර ටෙස්ට් තරග දෙක ටෙස්ට් ලෝක ශූරතාවයටත්, එක්දින තරගාවලිය ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමටත් ඉතා වැදගත්.

ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මාර්තු 04 සහ 05 දෙදින පුහුණු තරගයකට සහභාගී වීමට නියමිත අතර තරගාවලිය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරගය මාර්තු 09 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

සීමිත පන්දුවාර තරගාවලිය මාර්තු 25 සිට අප්‍රේල් 08 දක්වා පැවැත්වීමට නියමිත අතර 2023 එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීම ඉතා වැදගත්.

එමෙන්ම ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වුවහොත් ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ද හැකි වෙනවා.

තරගාවලියේ සම්පූර්ණ කාලසටහන,

දිනය තරගය ක්‍රීඩාංගණය
මාර්තු 04 සහ 05 දෙදින පුහුණු තරගය Hagley Oval, Christchurch
මාර්තු 09 සිට 13 දක්වා පළමු ටෙස්ට් තරගය Hagley Oval, Christchurch
මාර්තු 17 සිට 21 දක්වා දෙවැනි ටෙස්ට් තරගය Cello Basin Reserve, Wellington
මාර්තු 25 පළමු එක්දින තරගය Eden Park, Auckland
මාර්තු 28 දෙවන එක්දින තරගය Hagley Oval, Christchurch
මාර්තු 31  තෙවැනි එක්දින තරගය Seddon Park, Hamilton
අප්‍රේල් 02 පළමු විස්සයි විස්ස තරගය Eden Park, Auckland
අප්‍රේල් 05 දෙවන විස්සයි විස්ස තරගය University of Otago Oval, Dunedin
අප්‍රේල් 08 තෙවැනි විස්සයි විස්ස තරගය Sir John Davies Oval, Queenstown

තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<