වියස්කාන්ත්ගේ අනාගතය ගැන සංගා සතුටින්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2023

373

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂක සහ ප්‍රධාන පුහුණුකරු වන කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ලබා දුන් සහයෝගය පිළිබඳව ප්‍රශංසා කර තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දී  ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ වියස්කාන්ත්, මෙවර IPL තරගාවලිය සඳහා එක්වන රාජස්ථාන් රෝයල්ස් (Rajasthan Royals) කණ්ඩායමේ පුහුණුවීම් සඳහා සවියක් වීම වෙනුවෙන් පන්දු යවන්නෙක් ලෙස දායක වුනා.

වියස්කාන්ත් අද දවසේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ රාජකාරි කටයුතු අවසන් කළා,” කුමාර් සංගක්කාර මේ තරුණ ක්‍රීඩකයා ගැන ප්‍රශංසා කරමින් Twitter පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ, මේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයා රාජස්තාන් රෝයල්ස් සමඟ සිටි අවධියේ දී විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගත් බවයි.

නුදුරේ දී ම වියස්කාන්ත් ශ්‍රී ලංකාව නියෝජනය කරනු දැකීමට බලාපොරොත්තු වන බව ද සංගක්කාර එම පණිවිඩය තුල වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එම Twitter පණිවිඩය පහතින්,

මෙවර IPL තරගාවලියේ සියලු තරග ThePapare.com ඔස්සේ  සජීව ලෙස නැරඹීමට ඔබට අවස්ථාව තිබෙනවා. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<