සංගා නැවතත් ගාල්ලේ වැඩ පෙන්වන්න සැරසේ

110

එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ ඉතිහාසය 1970 දක්වා විහිදී යයි. මෙවර 2020 තරගාවලිය ආරම්භ වීම එළඹෙන ජනවාරි මස 24 වැනිදා ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ තරගාවලියේ පළමු තරගය වන එම්. සී. සී හා එසෙක්ස් අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබීමයි. 

එම තරගය ජනවාරි මස 24 වැනිදා සිට 27 වැනිදා සිට දක්වා පැවැත්වේ. එම්. සී. සී. කණ්ඩායම 2010 වසර වන තෙක් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළේය. 

ශකීබ්ට සාධාරණය ඉල්ලා ක්‍රිකට්ලෝලීන් කුපිත වෙයි!

ශකිබ් අල් හසන් හට පනවා තිබෙන තරග තහනමින් මුදවා ගැනීම සඳහා…..

තරගය සඳහා සහභාගි වන එම්. සී. සී. කණ්ඩායමේ නායකත්වය කුමාර් සංගක්කාරහට හිමිව ඇති අතර ඔහු පසුගිය ඔක්තෝබර් මාසයේ දී එම්. සී. සී. ක්‍රීඩා සමාජයේ පළමු විදෙස් සභාපති ලෙස පත්විය. එම පත්වීම නිසාවෙන් එම්. සී. සී. ක්‍රීඩා සමාජය හා ශ්‍රී ලංකාව අතට ඇති සම්බන්ධතාවය තවදුරටත් වර්ධනය විය. 

මෙම ආරම්භක තරගය පැවැත්වීමට ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය පෙර සිටම යොමුව තිබූ අතර එංගලන්තයේ එම දිනවල දී එංගලන්ත ජාතික කණ්ඩායමේ ටෙස්ට් තරග පැවැත්වීම මෙලෙස ශ්‍රී ලංකාවට ගෙන ඒමට හේතු විය. 

මෙම තරගයට පෙර එම්. සී. සී. ක්‍රීඩා සමාජයේ නිලධාරි කණ්ඩායමක් මෙරට සංචාරයක් සඳහා පැමිණීමට නියමිත අතර ඔවුන් ගාල්ලේ පිහිටා ඇති MCC Centre of Excellence ආයතනයට පැමිණෙනු ඇත. එම ආයතනය එම්. සී. සී. ක්‍රීඩා සමාජය විසින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා පිහි ටවූ ආයතනයකි. 

මෙම තීරණය පිළිබඳව එම්. සී. සී ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් ප්‍රධානී ජෝන් ස්ටීවන්සන් අදහස් දක්වා සිටියා. 

ICBT ක්‍රීඩකයෝ Red Bull සටනේ අපරාජිතව පෙරමුණට

2019 Red Bull විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ ලෝක මට්ටමේ අවසන්……

“දේශීයව වගේම විදේශීයවත් අපි අපේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට මේක හොඳ අවස්ථාවක්. ඒ සඳහා මේ පළමු පෙළ තරග ගොඩක් වටිනවා. හැමවෙලේම වගේ එම්. සී. සී.  අපි අපේ හොඳම හා දක්ෂම කණ්ඩායම මේ තරගය සඳහා එක් කරනවා. ඒ වගේම මේ තරගාවලියට ප්‍රබල ප්‍රතිවාදීන් එක් කිරීමට අපි හැමවෙලේම උත්සාහ කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකාවට අපිට මේ අවස්ථාව ලබා දීම ගැන. ඔවුන්ගේ සහයට අපි කෘතඥතාව පලකරනවා. ඒ වගේම අපි ඉදිරියේදීත් ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.”

කුමාර් සංගක්කාර මෙම තරගය පිළිබඳව අදහස් දක්වා සිටියා. 

“ශ්‍රී ලංකාව වගේ රටවල් වල ක්‍රිකට් දියුණු කිරීම ගොඩක් වටිනා දෙයක්. ඒ නිසා මේ තරගය ගාල්ලට ගෙන ඒම ගොඩක් හොඳ දෙයක්. ඒක ක්‍රීඩා සමාජයත් ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට ලොකු අවස්ථාවක්. මේ කාලය වන විට එංගලන්තයත් ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එක්වන නිසා ඒ කාලය ශ්‍රී ලංකාව තුල ඉතාමත් ක්‍රීඩාශීලී කාලයක් වේවි. ලෝකේ තියන හොඳම හා අලංකාරම ක්‍රිකට් ක්‍රීඩාංගණ සහිත රටක් විදිහට ශ්‍රී ලංකාවට මේක ගොඩක් ලොකු අවස්ථාවක් වේවි. මම බලාපොරොත්තු වෙනවා එම්. සී. සී. කණ්ඩායමට නායකත්වය සපයන්න මේ තරගයේ දී. එම්. සී. සී. කණ්ඩායමට නවක ක්‍රීඩකයන් ගොඩක් ඇතුළත් වෙනවා. ඔවුන් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සුදුසු කණ්ඩායමක් කියලා මම හිතනවා. “

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මානසික ගැටලු

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන….

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා ද මෙම තරගය පිළිබඳව අදහස් දක්වා සිටියා. 

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විදිහට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා එම්. සී. සී. කණ්ඩායමට ඔවුන්ගේ තරගය සඳහා ශ්‍රී ලංකාව තෝරාගැනීම සම්බන්ධයෙන්. අපි මේ අවස්ථාව ලොකු ගෞරවයක් විදිහට සලකනවා. ඒක අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ට ගොඩක් ලොකු අවස්ථාවක් වේවි. අපි ගොඩක් සතුටු වෙනවා මේ ඓතිහාසික අවස්ථාවේ කොටස්කරුවකු වෙන්න ලැබුණ එකට. ඒ වගේම මේ වෙලාවේ එම්. සී. සී. කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ට ක්‍රීඩකයෙක් වන කුමාර් සංගක්කාරට හිමිවී තිබීම ගොඩක් විශේෂ දෙයක්. 

පසුගිය වසරේ තරගය ඩුබායි හිදී පැවති අතර එය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

එහි දී පළමුව පන්දුවට පහර දුන් එම්. සී. සී. කණ්ඩායම ලකුණු 256කට සීමා වූ අතර සරේ කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 520ක් රැස්කිරීමට සමත් විය. සරේ කණ්ඩායම වෙනුවෙන් ඔලී පෝප් ලකුණු 251 ක් හා ජේමි ස්මිත් 127 ක් රැස් කිරීමට සමත් විය. දෙවන ඉනිමේ දී එම්. සී. සී. කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 265 ක් රැස් කිරීමට සමත් විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<