Dhoni සුවිශේෂී කඩඉමක් පසු කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

273

සිය වසර 16ක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩා දිවියේ තවත් සුවිශේෂී කඩඉමක් සම්පූර්ණ කරමින් තරගාවලියේ ලකුණු 5,000 සීමාව පසු කිරීමට සුපිරි ක්‍රීඩක Mahendra Singh Dhoni ඊයේ (03) සමත් වුනා.

Chennai Super Kings කණ්ඩායමේ නායකත්වය දරන ඔහු ඊයේ Lucknow Super Giants සමඟ පැවති තරගයේ දී ලකුණු 5,000 සීමාව පසු කළා.

තරගයේ අවසන් පන්දුවාරයේ පිතිකරණයට පැමිණි Dhoni, වේගපන්දු යවන ක්‍රීඩක Mark Woodට එරෙහිව හයේ පහරවල් දෙකක් එල්ල කරමින් ලකුණු 12ක් ලබා ගත්තා.

පිටියට ආ විගස එල්ල කළ පළමු හයේ පහර මීටර් 89ක දුරක එකක් වූ අතර ඔහු පිට පිට එල්ල කළ හයේ පහරවල් දෙකකින් පසුව දැවී ගියේ පන්දු 3ක් තුල සිය කණ්ඩායමට වටිනා හයේ පහර දෙකක් එකතු කරමිනුයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ලකුණු 5,000 සීමාව පසු කළ හත්වැනි ක්‍රීඩකයා සහ පස්වැනි ඉන්දීය පිතිකරුවා MS Dhoni වන අතර ඔහුට පෙර Virat Kohli, Shikhar Dhawan, David Warner, Rohit Sharma, Suresh Raina සහ AB de Villiers එම කඩඉම පසු කර තිබෙනවා.

සමස්ත තරග ඉතිහාසයේ ලකුණු 6,706ක් ලබා ගත් Virat Kohli වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවන අතර ඔහුට පසුව Shikhar Dhawan (6284), David Warner (5937), Rohit Sharma (5880), Suresh Raina (5528) සහ AB de Villiers (5162) පසු වෙනවා.

මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීව ලෙස ඔබ වෙත ThePapare.com ඔස්සේ නැරඹිය හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<