SAFF සටනට ගිය ශ්‍රී ලංකා කාන්තා පාපන්දු සංචිතය

දකුණු ආසියානු කාන්තා පාපන්දු ශූරතාවය 2022

384

මෙම මාසයේ නේපාලයේ දී ආරම්භ වීමට නියමිත දකුණු ආසියානු කාන්තා පාපන්දු ශූරතාවය සඳහා පිටත් වූ ශ්‍රී ලංකා ජාතික කාන්තා පාපන්දු සංචිතය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණා.

තරගාවලියට සහභාගී වීම සඳහා මෙම කණ්ඩායම මේ වන විට නේපාලයට පිටත්ව ඇති අතර එම කණ්ඩායමට ක්‍රීඩිකාවන් 23ක් ඇතුළත්.

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කාන්තා සංචිතය: ජනිතා ලක්මිණී, Selvaraj Yuvarani, Sivaneswaran Tharmika, චලනි ඒකනායක, චමන්තා සලෝමි, ඉශංකා යොහානි වීරසිංහ,  ගයාත්‍රි නානායක්කාර, ප්‍රවීණා පෙරේරා, නිසංසලා සෙව්වන්දි, පූර්ණිමා සඳමාලි පෙරේරා, අයෝමි ශානිකා විජයරත්න, මධුභාෂිණී නවංජනා පෙරේරා, උත්පලා කාවින්දි ජයකොඩි, කාංචනා කීර්ති විරංග, එරංදි කුමුදුමාලා ලියනගේ, පාරමී අහිංසා රාජපක්ෂ, සකුරා සෙව්වන්දි සුබසිංහ, Thevashasayam Diluxshana, තුෂානි මධුෂිකා, ඩිල්ෂා ඉමාෂි ස්ටෙෆනි ඩයස්, Paskaran Shanu, ඕෂධී ශ්‍රී ජයම්පති, යමුනා නිරංජලා

හෙටින් (06) ඇරඹෙන දකුණු ආසියානු කාන්තා පාපන්දු ශූරතාවය සඳහා මෙවර කණ්ඩායම් 7ක් සහභාගී වන අතර ඒවා A කාණ්ඩයට කණ්ඩායම් 4ක් සහ B කාණ්ඩයට කණ්ඩායම් තුනක් ලෙස බෙදා වෙන් කර ඇත.

ශ්‍රී ලංකාව තරගාවලියට B කාණ්ඩය ඔස්සේ එක් වන අතර එම කාණ්ඩයට ශ්‍රී ලංකාවට අමතරව සත්කාරක නේපාලය සහ භූතානය ඇතුළත් වනවා.

තරගාවලියේ උණුසුම් මුහුණුවරක් ගන්නා A කාණ්ඩය සඳහා ඇතුළත් වන කණ්ඩායම වනුයේ ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ මාලදිවයිනයි.

තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභාගී වන පළමු තරගය සැප්තැම්බර් 09 වැනිදා භූතානය සමඟත්, දෙවැනි තරගය සැප්තැම්බර් 12 වැනිදා සත්කාරක නේපාලය සමඟත් පැවැත්වීමට නියමිතයි.

මූලික වටයේ තරගවලින් අනතුරුව එම කාණ්ඩ ද්විත්වයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා අතර එම අවසන් පූර්ව තරග ජය ගන්නා කණ්ඩායම් සැප්තැම්බර 19 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය ක්‍රීඩා කරනු ඇත.

තරග කාලසටහන

තරගාවලියේ සියලු ප්‍රතිඵල ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<