17න් පහළ SAFF ශූරතාවයට යන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කරයි

අවුරුදු 17න් පහළ SAFF පාපන්දු ශූරතාවය

221

දකුණු ආසියානු යොවුන් පාපන්දු පිටියේ ප්‍රධානතම තරගාවලියක් වන අවුරුදු 17න් පහළ SAFF පාපන්දු ශූරතාවය මෙම මස 5 වැනිදා සිට 14 වැනිදා දක්වා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් පසුගිය දා නම් කළ අතර එම කණ්ඩායමේ නායකත්වය හිමිව තිබුණේ තමෝද්‍ය සරත්කුමාර හටයි.

එම කණ්ඩායම පුහුණු කිරීමේ වගකීම අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන අරුණ සම්පත් මහතා හට ලබා දී තිබූ අතර ඔහුගේ සහයට සහයක පුහුණුකරු ලෙස කසුන් ජයසූරිය මහතා, ගෝල රැකීමේ පුහුණුකරු ලෙස මොහොමඩ් අස්වර් මහතා නම් කර තිබුණා.

තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පුහුණුකරුවන්,

PH No Name J/NO AGE Position School
1 මොහොමඩ් ෂුයිබ් 4 16 DF Muslim Central College Kalutara
2 Kunanesan Vithursikan 17 16 DF Kottawattai A.M.T.M.S Velvettithurai
3 ආතිෆ් අහමඩ් 3 16 DF Nooraniya M.M.V Mawanella
4 Roisan Bright 13 14 DF St. Henry’s College Jaffna
5 සචින් තරිවෙන්ද්‍ර 16 16 MF Vivekananda T.M.V Anuradhapura
6 රිස්නි මොහොමඩ් 15 16 FW Al. Madeena Vidyalaya Muruthamunai
7 Kirupananthan Ahash 6 16 MF Uduppiddy A.M. College Velvettithurai
8 මොහොමඩ් රිහාස් 1 16 GK Ameen Vidyalaya Kinniya
9 රමික මෙත්මින් 14 16 MF St. Joseph’s College Anuradhapura
10 මොහොමඩ් මුෆාස් 10 16 FW Al. Aqsa National College Kinniya
11 Jeyantha Anexsan 18 15 FW St. Joseph College Batticaloa
12 සදෙව් තත්සර 7 16 DF Kannangara College Galle
13 මාධවන් ප්‍රවීන් 22 15 GK St. Sylvester’s College Kandy
14 Mohamed Fathih 19 15 DF Al Hikma College Colombo
15 මොහොමඩ් අබ්දුල්ලා 2 16 DF St. John’s College Colombo
16 Mohammed Yasser 12 16 MF Mahabodhi College Colombo
17 නස්මි අහමඩ් 9 15 FW Benhill College Gampola
18 Fareeq Ahamed 8 16 MF Zahira College Colombo
19 Mohammed Sadeer 20 15 FW Zahira College Colombo
20 Kaleel Hifni 21 16 MF Central College Kinniya
21 තමෝද්‍ය සරත්කුමාර 11 16 FW Sri Sumangala College Kandy
22 මලිඳු බණ්ඩාර 23 15 GK N.M. Perera MV Yatiyanthota
23 සවිඳු පියුමකර 5 15 DF Darmapala M.V Ratnapura
කන්දගේ අරුණ සම්පත් ප්‍රධාන පුහුණුකරු
වීරරත්න කසුන් ඉන්දික ජයසූරිය සහය පුහුණුකරු
Mohamed Ansar Mohamed Azwar ගෝල රැකීමේ පුහුණුකරු
නකන්දලාගේ දොන් ඉන්දික කළමනාකරු
මනෝජ් දර්ශන පියරත්න PHYSIOTHERAPIST

කණ්ඩායම් හයක් තරග වදින මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩය යටතේ තරග වදින අතර එම කාණ්ඩය සඳහා මාලදිවයින, බංග්ලාදේශය ඇතුළත්. B කාණ්ඩයට ඇතුළත් කණ්ඩායම් වන්නේ ඉන්දියාව, භූතනය සහ නේපාලයයි.

තරගාවලිය ආරම්භ කරමින් හෙට (05) සවස් වරුවේ ඉන්දියාව සහ භූතානය තරග බිමට පිවිසීමට නියමිතව ඇති අතර රාත්‍රි කාලයේ දී සත්කාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරග වැදීමට නියමිතව ඇත.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය සැප්තැම්බර් 09 වැනිදා මාලදිවයින සමඟ පැවැත්වීමට නියමිත අතර එක් එක් කාණ්ඩයේ මුල් ස්ථාන දෙක ලබා ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

වයස අවුරුදු 17න් පහළ SAFF තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<