ප්‍රිමියර් සහ සභාපති කුසලාන රග්බි තරගාවලි ඇරඹේ

556

ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ආරම්භයත් සමඟ ඒ හා සමගාමීව දිවයින පුරා පාසල්වල සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්‍රිමියර් හා සභාපති කුසලාන සඳහා වූ තරගාවලිය මෙවර පාසල් රග්බි කාලසටහනේ අවසන් අදියරට ළඟා වෙමින් පවතිනවා.

ප්‍රිමියර් කුසලානය

D.S.සේනානායක විද්‍යාලයට එරෙහිව මහානාම විද්‍යාලය

B කාණ්ඩයේ පෙරමුණේ පසු වූ D.S. සේනානායක විද්‍යාලය පසුගිය 28 වැනිදා මහානාම විද්‍යාලයට එරෙහිව පැවති තරගයේ දී දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුනා.

ලකුණු 53-00ක් ලෙස D.S. සේනානායක විද්‍යාලය එය ජය ගත්තේ මහානාම විද්‍යාලයට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරමින් අවසන් පූර්ව වටයේ තමන්ගේ ස්ථානය ද ස්ථීර කර ගනිමින්.

අවසන් ලකුණු තත්වය: S.සේනානායක විද්‍යාලය 53 – 00 මහානාම විද්‍යාලය

ශ්‍රී සුමංගල විද්‍යාලයට එරෙහිව මලියදේව විද්‍යාලය

තරගයේ දෙවැනි අර්ධය වන විට සුමංගලයේ බලාපොරොත්තු බිඳ දමමින් ලකුණු 31 (5T,3C) – 12 (2T,1C) ලෙස ජය වාර්තා කරමින්  අවසන් පූර්ව වටයේ ස්ථානයක් හිමිකර ගැනීමට මලියදේව විද්‍යාලය සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: මලියදේව විද්‍යාලය 31 (5T, 3C) -12 (2T,1C) ශ්‍රී සුමංගල විද්‍යාලය

සහිරා විද්‍යාලයට එරෙහිව ලුම්බිණි විද්‍යාලය

පසුගිය දා රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවති මේ තරගයෙන් ලකුණු 36-05ක් ලෙස ලුම්බිණියට එරෙහිව  ඉතා පහසු ජයක් වාර්තා කරමින්  අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සහිරා විද්‍යාලයට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: සහිරා විද්‍යාලය 36 (5T, 3C) – 05 (1T) ලුම්බිණි විද්‍යාලය

තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව වේල්ස් කුමර විද්‍යාලය

වේල්ස් කුමර විද්‍යාලය මෙම තරගයට නොපැමිණීම හේතුවෙන් නිතරගයෙන්  අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට තර්ස්ටන් විද්‍යාලයට හැකි වුනා.

මේ අනුව තර්ස්ටන් විද්‍යාලය අවසන් පූර්ව වටයේ දී සහිරා විද්‍යාලයට එරෙහිව තරග වැදීමට නියමිතයි.

ප්‍රිමියර් කුසලාන අවසන් පූර්ව වටයේ කාලසටහන

  • S. සේනානායක විද්‍යාලය හා මලියදේව විද්‍යාලය අතර තරගය සැප්තැම්බර් 2 – ප.ව.2ට හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී
  • සහිරා විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය අතර තරගය සැප්තැම්බර් 4 – ප.ව. 2ට හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී.

සභාපති කුසලානය

පිළියන්දල මධ්‍යම හා විද්‍යාලය, නාලන්දා විද්‍යාලය හා සාන්ත ජෝන් විද්‍යාල නිතරගයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය, පානදුර සුමංගල විද්‍යාලය හා සිරි පියරතන විද්‍යාලය තරග සඳහා සහභාගී වීමට අසමත් වීම හේතුවෙනි.

ශ්‍රී රාහුල විද්‍යාලයට එරෙහිව දේවපතිරාජ විද්‍යාලය

අර්ධ අවසන් පූර්ව වටයේ පැවැත්වූ එකම තරගය වූ රාහුල විද්‍යාලය හා දේවපතිරාජ විද්‍යාල අතර තරගය ලකුණු 50කට වැඩියෙන් ලබා ගනිමින්  ඉතාමත් පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී රාහුල විද්‍යාලය සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී රාහුල විද්‍යාලය කටුගස්තොට 55 (9T, 5C) – 5 (1T) දේවපතිරාජ විද්‍යාලය

සභාපති කුසලාන අවසන් පූර්ව වටයේ තරග

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය හා කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාල – සැප්තැම්බර් 2 පෙ.ව. 10ට හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී.

සාන්ත ජෝන් විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය – සැප්තැම්බර් 4 පෙ.ව. 10ට හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<