ඔලිම්පික් ගිය චාමර කෙළින්ම ජූඩෝ ඉසව්වේ 32 වටයට

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල - 2020

429

ජූඩෝ කිලෝග්‍රෑම් 73 බර පන්තිය යටතේ ඔලිම්පික් වරම් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධන නිතරගයෙන් එම ඉසව්වේ අවසන් තිස් දෙදෙනාගේ වටයට සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

ඒ අනුව එළඹෙන ඉරිදා පැවැත්වීමට නියමිත 64 දෙනාගේ වටයට චාමර ක්‍රීඩා නොකරන අතර ඔහුගේ පළමු තරගය සඳුදා (26) පැවැත්වීමට නියමිතයි.

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<

එහි දී චාමර Djibouti ක්‍රීඩක Aden-Alexandre Houssein සමඟින් සිය දෙවැනි ඔලිම්පික් උළෙලේ පළමු තරගය ක්‍රීඩා කිරීමට නියමිත ඇති අතර එම තරගය, සඳුදා ක්‍රියාත්මක වන එම ජූඩෝ ඉසව්වේ 10 වැනි තරගය ලෙස පැවැත්වීමට නියමිතයි.ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2016 රියෝ ඔලිම්පික් උළෙල සඳහා ද සහභාගී වූ චාමර එහි දී ප්‍රබල ක්‍රීඩකයන් සමඟින් තරග වදිමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

මෙවර ඔලිම්පික් උළෙල ඉලක්ක කර ගනිමින් කොසෝවෝ දේශයේ විශේෂ පුහුණුවකට එක්වූ චාමර පසුගිය දා ජපානයේ ටෝකියෝ නුවරට පැමිණි අතර මෙවර ඔලිම්පික් උළෙලේ දී මිල්කා ගෙහානි සමඟ ඔලිම්පික් ධජය ගෙන යාමේ වගකීම ද හිමිව ඇත්තේ ඔහු හටයි.

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ආවරණය කරන්නට ThePapare.com අපිත් ටෝකියෝවට ගොස් අවසන්. ඔලිම්පික් ක්‍රීඩා පුවත් ඇතුළු තරගාවලියේ සිරි අසිරිය ඡායාරූප, වීඩියෝ ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com අපි සමඟින්ම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<