ඉසිපතනය තවමත් අපරාජිත වෙද්දී, උඩරට ඈයෝ හිස් අතින් ගෙදරට!

481

Dialog අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් ඊයේ (27) දිනයේ දී රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ දී සහ හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී එම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ වුනා.

එහි දී පළමු තරගය ලෙස ඉසිපතන විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල ක්‍රීඩා කළ අතර දෙවැනි තරගය පැවැත්වුණේ සාන්ත තෝමස් විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතරයි.

රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ දී ඉසිපතනය සහ ධර්මරාජය ගැටෙන විට ඉසිපතන නිත්‍ය නායක දැහැන් වික්‍රමාරච්චි එම තරගයේ ක්‍රීඩා නොකිරීම කැපී පෙනුණා. වසර ගණනාවකට පසුව A කාණ්ඩයේ පිළිමළුන් පිටුදැකීම තරගයක ක්‍රීඩා කරන ධර්මරාජ කණ්ඩායම එම තරගයේ දී ඉතා හොඳින් ක්‍රීඩා කළත්, තමන්ටම ආවේණික වූ ක්‍රීඩා විලාශයකින් ක්‍රීඩා කළ ඉසිපතන විදුහල ලකුණු 38-06ක් ලෙස තරගය පහසුවෙන් ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වුනා.

තරගාරම්භයේ සිටම පහසුවෙන් ලකුණු රැස්කිරීමට පෙළඹුණු ඉසිපතන කණ්ඩායම තරගයේ ආක්‍රමණය තමන් අතම තබා ගනිමින් ක්‍රීඩා කළත්, යම් යම් මග හැරීම් නිසා ධර්මරාජ කණ්ඩායමට දඬුවම් පහරවල් හිමි වූ අතර එයින් මනා ප්‍රයෝජන ගනිමින් ධර්මරාජයින් තරගයට පිවිසුණේ ඉසිපතන විදුහලට හොඳ අභියෝගයක් දෙමින්.

ප්‍රථම අර්ධය: ඉසිපතන විදුහල 19-06 ධර්මරාජ විදුහල

දෙවැනි අර්ධය ආරම්භ වූවත් විද්‍යාර්ථ අභියෝගවලට කිසිදු සමාවක් නොදෙමින් ඉසිපතන ක්‍රීඩකයින් විද්‍යාර්ථ කණ්ඩායමට පහර පිට පහර එල්ල කළ අතර එහි දී ඉසිපතන පසුපෙළ ක්‍රීඩකයින්ගේ ආක්‍රමණය කැපී පෙනුණා.

දෙවැනි අර්ධයේ විද්‍යාර්ථ කණ්ඩායමට ලකුණු රැස්කිරීමට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් ඉසිපතන ක්‍රීඩකයින් තම කණ්ඩායමේ සුසංයෝගය ඉතා හොඳින් ප්‍රයෝජනයට ගනිමින් ක්‍රීඩා කළා.

තරගයේ මුල් අවස්ථාවල දී හොඳින් තම ආරක්ෂණය තර කරගනිමින් ක්‍රීඩා කළ විද්‍යාර්ථ කණ්ඩායමට එම ආරක්ෂණය තරගයේ අග භාගය දක්වා පවත්වා ගැනීමට  අපොහොසත් වුනේ ඉසිපතනයේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය හේතුවෙන්.

තරගය අවසානයේ දී ඉසිපර්හාන කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 38ක් වෙද්දී විද්‍යාර්ථ කණ්ඩායමට රැස් කරගැනීමට හැකිව තිබුණේ ලකුණු 06ක් පමණයි.

NDB තරගයේ වීරයා නවීන් කනිෂ්ක

අවසන් ලකුණු තත්වය: ඉසිපතන විදුහල 38 – 06 ධර්මරාජ විදුහල

Dialog අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගය පැවැත්වුණේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතරයි. හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණු එම තරගයෙන් ලකුණු 35-19ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට සාන්ත තෝමස් විදුහල සමත් වුනා.

තරගය ආරම්භ වී පළමු මිනිත්තු දෙක තුල දී ම ලකුණු රැස්කිරීම ආරම්භ කළ සාන්ත තෝමස් කණ්ඩායම ඔවුන්ගේ WING ක්‍රීඩක ජේඩන් කොච්ගේ ආධාරයෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට යෙහාන් බුලත්සිංහල සමත් වුනා.

එයට පිළිතුරු වශයෙන් විද්‍යාර්ථ කණ්ඩායම ඔවුන්ගේ පළමු උත්සාහක දිනුම වාර්තා කළේ ප්‍රවර්තනය ද සාර්ථක කරගනිමින්.

නමුත් එතැන් පටන් විද්‍යාර්ථ අභියෝගවලට සාර්ථකව මුහුණ දුන් සාන්ත තෝමස් කණ්ඩායම පළමු අර්ධය අවසන් වන විට ලකුණු 21ක් රැස්කර ගැනීමට සමත් වුනා. විද්‍යාර්ථ කණ්ඩායමට තම පළමු ලකුණු 7 හැර තවත් කිසිදු ලකුණක් ලබා නොදීමටත් සාන්ත තෝමස් ක්‍රීඩකයින් කටයුතු කළා.

ප්‍රථම අර්ධය: සාන්ත තෝමස් විදුහල 21 – 07 විද්‍යාර්ථ විදුහල

දෙවැනි අර්ධය ආරම්භ වූ මොහොතේ සිට විද්‍යාර්ථ ආරක්ෂණය සුනුවිසුනු කළ සාන්ත තෝමස් ක්‍රීඩකයින් තම මුළු ලකුණු සංඛ්‍යාව 35ක් දක්වා ඉහල දමා ගත්තේ විද්‍යාර්ථ කණ්ඩායම අන්දමන්ද කරමින්.

නමුත් නැවතත් සාන්ත තෝමස් කණ්ඩායමට අභියෝගයක් වීමට වෙර දරමින් විද්‍යාර්ථයින් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළත්, එම අභියෝග මායිම් නොකරමින් තමන්ගේ තරග සැලැස්මට අනුව ක්‍රීඩා කළ සාන්ත තෝමස් කණ්ඩායම තරගය ලකුණු 35-17ක් වශයෙන් පහසුවෙන් ජයග්‍රහණය කළා.

NDB තරගයේ වීරයා මහිත් පෙරේරා

අවසන් ලකුණු තත්වය: සාන්ත තෝමස් විදුහල 35 – 17 විද්‍යාර්ථ විදුහල

Dialog අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරග දෙක ජයග්‍රහණය කළ ඉසිපතන සහ සාන්ත තෝමස් කණ්ඩායම අවසන් පූර්ව වටයේ පළමු තරගය දී එළඹෙන සැප්තැම්බර් 2 වැනිදා ක්‍රීඩා කිරීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<