ඩිල්ෂාන්ගේ වාර්තාවක හිමිකාරිත්වය ඉන්දියානුවෙකුට

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

422

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා බවට පත් වීමට ඉන්දීය විස්සයි විස්ස නායක Rohit Sharmaට අද (30) හැකි වුනා.

තරගාවලියේ සුපිරි 12 වටයේ දකුණු අප්‍රිකාවට එරෙහි අද තරගයට එක් වූ Rohit Sharma ක්‍රීඩා කළේ සිය 36 වැනි ලෝක කුසලාන තරගයයි.

ඒ අනුව 2007 වසරේ සිට මේ දක්වා විස්සයි විස්ස ලෝක කුසලාන තරග 36ක් ක්‍රීඩා කර ඇති ඔහු එලෙස පසු කර ගියේ ලෝක කුසලාන තරග 35ක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලාංකික සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පිහිටුවා තිබූ වාර්තාවයි.

එම තරග 36 තුළ ඉනිම් 31ක් ක්‍රීඩා කළ Rohit Sharma ලකුණු 36.76ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 919ක් රැස් කරගැනීමට සමත්ව තිබෙනවා.

තරගාවලි ඉතිහාසයේ අර්ධ ශතක 9ක් ද වාර්තා කරගනිමින් වැඩිම ලකුණු ලාභීන් අතර ද සිව්වැනි ස්ථානයේ පසු වන Rohit Sharma ඉන්දියාව වෙනුවෙන් විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා ද වෙනවා.

Rohit Sharma සහ තිලකරත්න ඩිල්ෂාන්ට පසුව වැඩිම විස්සයි විස්ස ලෝක කුසලාන තරග ක්‍රීඩා කළ ක්‍රීඩකයින් ලෙස කොදෙව් ක්‍රීඩක Dwayne Bravo, පාකිස්තාන ක්‍රීඩක Shahid Afridi සහ බංග්ලාදේශ ක්‍රීඩක Shakib Al Hasan රැඳී සිටිනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<