Home Sinhala Jaffna අසීරුවෙන් ලබා ගත් ලකුණු දඹුල්ල පහසුවෙන් හඹා යයි

Jaffna අසීරුවෙන් ලබා ගත් ලකුණු දඹුල්ල පහසුවෙන් හඹා යයි

LPL 2023

1253
LPL 2023

2023 LPL තරගාවලියේ සිව්වැනි තරගය ලෙස Jaffna Kings සහ Dambulla Aura කණ්ඩායම් අතර අද (01) පැවැත්වුණු තරගයෙන් කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත් වුනා.

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද සවස ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය Jaffna නායක තිසර පෙරේරා සතු වූ අතර ඔහු විසින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

මෙම තරගයේ දී විශේෂඥ විස්සයි විස්ස පිතිකරුවෙකු ලෙස සැලකෙන දකුණු අප්‍රිකාවේ David Miller ද Jaffna කණ්ඩායමේ මැදපෙළ ශක්තිමත් කිරීමට එකතු වීම විශේෂත්වයක්. Miller මැදපෙළට පැමිණීමත් සමඟ පෙර තරගයේ අංක තුන ස්ථානයේ ක්‍රීඩා කළ චරිත් අසලංක මෙම තරගයේ දී Rahmanullah Gurbaz සමඟින් ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසුණා.

>>Photos – Jaffna Kings vs Dambulla Aura | Lanka Premier League 2023 – Match 04<<

නමුත් Jaffna පිතිකරුවන්ට සිය ඉනිම ආරම්භයේ පටන් ම එතරම් පහසුවෙන් ලකුණු ලබා ගැනීමට දඹුල්ල පන්දු යැවීමේ බළඇණිය ඉඩ ලබා දුන්නේ නැහැ. Jaffna ඉනිමේ ආරම්භක කඩුල්ල ලෙස Rahmanullah Gurbaz ලකුණු 14කට දැවී ගිය අතර එතැන් පටන් අසලංක සමඟ පිටියේ එක් වූ Towhid Hridoy විසින් Jaffna ඉනිම ලකුණු 75ක් තෙක් ඔසවා තැබීමට සමත් වුනා. නමුත් මොවුන් දෙදෙනා තරමක් සෙමෙන් සිය ඉනිම් දියත් කිරීම නිසා Jaffna මැදපෙළ පිතිකරුවන් වෙත තරමක පීඩනයක් පැටවුණා.

Towhid Hridoy පන්දු 20කින් ලකුණු 24ක් ලබා ගත් අතර, ඉනිමේ ඉහළ ම ලකුණු ලාභියා වූ චරිත් අසලංක පන්දු 52ක් වැය කරමින් ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වුනා.

නමුත් ඔවුන් දෙදෙනාගේ දැවීයාම් වලින් පසුව පිටියට පිවිසි එකදු Jaffna පිතිකරුවෙකු හෝ ලකුණු අතරට පිවිසීමට සමත් වුනේ නැහැ. මෙහි දී Jaffna රසිකයන් විසින් බොහෝ බලාපොරොත්තු තබා සිටි David Miller විසින් පන්දු 18ක් වැය කරමින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 14ක් පමණයි.

>>HIGHLIGHTS – Dambulla Aura vs Jaffna Kings – Lanka Premier League 2023 | Match 04<<

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 7ක් දැවී ගිය Jaffna ලකුණු පුවරුවට එක් වී තිබුණේ ලකුණු 129ක් පමණයි. මෙතරම් අඩු ලකුණු සංඛ්‍යාවකට Jaffna ඉනිම සීමා කිරීමට හේතු වූ දඹුල්ල පන්දු යවන්නන් අතරින් බිනුර ප්‍රනාන්දු කඩුලු 2ක් දවා ගනිද්දී, Shahnawaz Dahani, Noor Ahmad, Hayden Kerr සහ ධනංජය ද සිල්වා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

එමෙන්ම එම පන්දු යවන්නන් අතරින් Shahnawaz Dahani හැරුණු කොට අනෙක් සියලු පන්දු යවන්නන් පන්දුවාරයකට ලකුණු ලබා දීමේ අගය 7ට අඩුවෙන් පවත්වා ගැනීමට සමත් වීමත් විශේෂත්වයක්.

Jaffna පිතිකරුවන් විසින් අසීරුවෙන් එකතු කර ගත් ලකුණු හඹා යාමට දඹුල්ල වෙනුවෙන් ඉනිම ආරම්භ කරමින් අවිශ්ක ප්‍රනාන්දු සහ නායක කුසල් මෙන්ඩිස් පිටියට පිවිසි අතර ඔවුන් දෙදෙනා විසින් පන්දුවාර 8 එක් පන්දුවක දී ලකුණු 76ක වේගවත් සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

මෙහි දී දඹුල්ල ඉනිමේ පළමු කඩුල්ල ලෙස පන්දු 32කින් ලකුණු 52ක් ලබා ගත් අවිශ්ක ප්‍රනාන්දු දැවී ගිය අතර, දඹුල්ල ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස නායක කුසල් මෙන්ඩිස් ලකුණු 29කට දවා ගැනීමට දුනිත් වෙල්ලාලගේ විසින් සමත් වුනා.

එතැනින් පසු දඹුල්ල වෙනුවෙන් පිටියේ එක් වූ සදීර සමරවික්‍රම සහ කුසල් ජනිත් පෙරේරා විසින් ඉතා පහසුවෙන් සිය කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය වෙත රැගෙන යාමට සමත් වුනා. මෙහි දී කුසල් පෙරේරා විසින් පන්දු 22කින් ලකුණු 34ක් ලබා ගැනීමට සමත් වුනේ අලංකාර හයේ පහර දෙකකින් ද සිය ඉනිම වර්ණවත් කර ගනිමිනුයි.

තරගයේ වීරයා සම්මානය අවිශ්ක ප්‍රනාන්දු හට හිමි වුනා.

Result


Dambulla Aura
132/2 (16.2)

Jaffna Kings
129/7 (20)

Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz c Kusal Mendis b Binura Fernando 14 12 3 0 116.67
Charith Asalanka c Dhananjaya de Silva b Noor Ahmad  56 52 5 1 107.69
Towhid Hridoy c Alex Ross b Dhananjaya de Silva 24 20 2 0 120.00
Priyamal Perera lbw b Shahnawaz Dahani 5 3 1 0 166.67
David Miller c Janith Liyanage b Hayden Kerr 14 18 1 0 77.78
Thisara Perera run out (Shahnawaz Dahani) 6 5 1 0 120.00
Hardus Viljoen b Binura Fernando 4 6 1 0 66.67
Dunith Wellalage not out 0 1 0 0 0.00
Maheesh Theekshana not out 2 3 0 0 66.67


Extras 4 (b 0 , lb 1 , nb 0, w 3, pen 0)
Total 129/7 (20 Overs, RR: 6.45)
Bowling O M R W Econ
Binura Fernando 4 1 27 2 6.75
Shahnawaz Dahani 4 0 36 1 9.00
Hayden Kerr 3 0 16 1 5.33
Dhananjaya de Silva 4 0 17 1 4.25
Noor Ahmad  4 0 27 1 6.75
Ravindu Fernando  1 0 5 0 5.00


Batsmen R B 4s 6s SR
Avishka Fernando b Vijayakanth Viyaskanth 52 32 6 3 162.50
Kusal Mendis c Thisara Perera b Dunith Wellalage 29 23 4 1 126.09
Sadeera Samarawickrama not out 12 22 0 0 54.55
Kusal Janith not out 34 22 3 2 154.55


Extras 5 (b 0 , lb 2 , nb 1, w 2, pen 0)
Total 132/2 (16.2 Overs, RR: 8.08)
Bowling O M R W Econ
Dilshan Madushanka 2 0 22 0 11.00
Dunith Wellalage 4 0 27 1 6.75
Maheesh Theekshana 4 0 23 0 5.75
Hardus Viljoen 1 0 20 0 20.00
Vijayakanth Viyaskanth 4 0 24 1 6.00
Charith Asalanka 1.2 0 14 0 11.67



දඹුල්ල විසින් ලබා ගත් මෙම ජයග්‍රහණයත් සමඟින් ම ඔවුන් විසින් LPL ලකුණු සටහනේ පෙරමුණ ලබා ගැනීමට ද සමත් වූ අතර අද ලැබූ පරාජයත් සමඟින් Jaffna Kings ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය තෙක් පහතට ඇද වැටුණා.

මේ අතර තරගාවලියේ 5 වැනි තරගය මේ වන විට Galle Titans සහ B-Love Kandy කණ්ඩායම් අතර පැවැත්වෙනවා.

එම තරගය පිළිබඳ සියලු විස්තර ද ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<