තවත් ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෙකුට ලෝක කුසලානය අහිමි වෙයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

266

ඕස්ට්‍රේලියාව සමඟ ඊයේ (25) පැවති තරගයේ දී ආබාධයකට ලක් වූ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු හට විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඊයේ (25) තරගයේ දී බිනුර හට ක්‍රියාත්මක කිරීමට හැකි වුනේ පන්දු පහක් පමණක් වන අතර ඉන්පසුව ඔහු ආබාධයක් නිසාවෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත් වුනා.

බිනුර මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආබාධයට ලක් වූ හයවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන අතර ඔහුට අමතරව පිතිකරුවන් වන පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක සහ පන්දු යවන්නන් වන ප්‍රමෝද් මධුශාන්, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක තරගාවලියට පෙර ආබාධවලට ලක් වුනා.

එම ක්‍රීඩකයින් අතරින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු යවන්නා වූ දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක සහ ධනුෂ්ක ගුණතිලක හට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර මෙලෙස තරගාවලිය අහිමි වන සිව්වැනි ක්‍රීඩකයා බිනුර ප්‍රනාන්දුයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පැවති තරගයේ දී ආබාධයට ලක් වූ ප්‍රමෝද් මධුශාන් මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති නිසාවෙන් ඔහු බොහෝ දුරට සෙනසුරාදා (29) නවසීලන්තය සමඟ පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වීමට නියමිතයි.

2023 විස්සයි විස්ස ලෝක කුසලානයේ උණුසුම පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<