ශ්‍රී ලංකා තරගයට ක්‍රීඩා කළ අයර්ලන්ත ක්‍රීඩකයෙකුට කොරෝනා

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

508
George Dockrell tested positive

ලෝක කුසලානයට සහභාගී වන අයර්ලන්ත කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක George Dockrell හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව අයර්ලන්ත ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

30 හැවිරිදි George Dockrell හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ අතර, ඔහු අද (23) ශ්‍රී ලංකාව සමඟ පැවති සුපිරි 12 වටයේ තරගයට ද සහභාගී වී තිබුණා.

George Dockrellගේ තත්වය සහ ඉදිරි තරග සඳහා ඔහුගේ සහභාගීත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් අයර්ලන්ත ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබුණේ,

“කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීම George Dockrellගේ ක්‍රීඩා කිරීමට හෝ පුහුණුවීම්වලට බාධා වෙන්නේ නැහැ. නමුත් අනෙක් ක්‍රීඩකයින් ආරක්ෂිතව තැබීමයි වැදගත්. ඔහු ඉදිරි තරගවලට සහ පුහුණුවීම්වලට කණ්ඩායමෙන් වෙන්ව ගමන් කරයි.”

එමෙන්ම ඔහුගේ රෝග ලක්ෂණ ඉතාම අඩු බව ඔවුන් විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සහ Hobart ක්‍රීඩාංගණ බලධාරීන්ට දැනුම් දී තිබෙනවා. අනෙක් පාර්ශවයන්ගේ ආරක්ෂාව සඳහා ඔහුගේ ගමන් සහ අනෙක් ක්‍රියාවන් කළමනාකරණය කරනු ඇත.

Cricbuzz ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<