ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් නියෝජනය කිරීම සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකගේම ජීවිතයේ එක් සිහිනයක් මෙන්ම සුවිසල් ජයග්‍රහණයක් ද වෙනවා. ඒ විරල අවස්ථාව මේ වන විටත් උදා කර ගැනීමට හැකිවී ඇත්තේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට පමණයි.

එහෙත් අනාගතයේ දී ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගනිමින් එහි ජයග්‍රහණ ශ්‍රී ලංකාව වෙත ලබා දෙන්නට මෙරට තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් ඔප් නැංවීම වෙනුවෙන් සුවිසල් පියවරක් පසුගිය දා Ritzbury විසින් ගනු ලැබුණා.

ඒ ‘Ritzbury මව්බිමට වීරයෙක්’ වැඩසටහන මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත හඳුන්වා දීම තුළිනි. CBL Foods International සමාගමේ ප්‍රමුඛතම චොක්ලට් වෙළෙඳ නාමය වන Ritzbury විසින් දියත් කරනු ලැබූ මෙම වැඩසටහනේ මුල් අදියර වශයෙන්, තෝරාගත් ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනෙකු හට මූල්‍යමය දායකත්වය ලබා දෙන ලදි.

මෙය මෙරට වත්මන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට තමන්ගේ මව්රටට වැඩි වැඩියෙන් ජයග්‍රහණ දායාද කිරීමට මෙන්ම ඔවුන්ගේ ජීවිතයේ ජාත්‍යන්තර තරග සිහින ද සැබෑවක් බවට පත් කිරීමට මහත් රුකුලක් වනු ඇත. මෙම සුවිශේෂී වැඩසටහන පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පසුගිය දා පැවැත්වුනා.

වසර 15කට වැඩි කාලයක් තිස්සේ ක්‍රීඩාව වෙනුවෙන් කැපවෙමින් මලල ක්‍රීඩා, ස්කොෂ්, පිහිනුම්, රග්බි සහ ටෙනිස් ඇතුළු මෙරට ක්‍රීඩා රැසක් සඳහා සිය අනුපමේය දායකත්වය දක්වා ඇති Ritzbury, ඒ තුළින් ක්‍රීඩාවේ ජයග්‍රහණ සමඟ මව්බිමට කීර්තියක් ගෙන ඒමට අවශ්‍ය ශක්තිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ලබා දී තිබෙනවා.

තවත් ක්‍රීඩා පුවත්:

විශේෂයෙන් පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පුරා දස වසරකට අධික කාලයක්  ශ්‍රීමත් ජෝන් ටාබට් පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා පූර්ණ අනුග්‍රහකත්වය සපයමින් ඔවුන්ගේ හැකියාවන් හා දක්ෂතාවයන් ඉහළ නැංවීමත්, ඒ හරහා ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීමට දායකත්වය ලබා දීමත් සුවිශේෂී ගණයෙහි ලා සැලකිය හැකි.

මේ පිළිබඳව අදහස් දක්වමින් CBL Foods International සමාගමේ සාමාන්‍යාධිකාරී – අලෙවි නිළුපුල් ද සිල්වා මහතා සඳහන් කර සිටියේ, “ශ්‍රී ලංකාවේ අංක 1 චොක්ලට් සන්නාමය ලෙස අපි ශ්‍රී ලංකාවේ දක්ෂතාවලින් පිරිපුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපගේ සහයෝගය ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දෙන විවිධ දුෂ්කරතාවන් නිසා ඔවුන් ක්‍රීඩාව අත්හැර දමන අවස්ථා අප දැක තිබෙනවා. එම නොයෙකුත් දුෂ්කරතාවයන් හඳුනා ගනිමින් ඒ සඳහා සහය වීමට ‘ Ritzbury මව්බිමට වීරයෙක්’ වැඩසටහන තුලින් අප බලාපොරොත්තු වෙනවා. ජාතික මට්ටමේ  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ ඔලිම්පික් සිහිනය සැබෑ කර දීමට මෙම වැඩසටහන මහත් රුකුලක් වනු ඇතැයි අප තරයේ විශ්වාස කරනවා. ඒ බලාපොරොත්තුව නිසාම ඉදිරි වසරවලදීත් මෙම වැඩසටහන මීට වඩා පුළුල් ආකාරයෙන් ක්‍රියාත්මක කරමින් අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සමාගමේ අභිප්‍රායයි” බවයි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ තේරීම් කමිටු සාමාජිකා, ජාතික කෙටි දුර ධාවන ශූරී හා ජාතික මලල ක්‍රීඩා වාර්තාලාභිනී ඉනෝකා කුරේ වික්‍රමසිංහ මහත්මිය අදහස් දක්වමින් පවසා සිටියේ, “මෙවැනි අභියෝගාත්මක වාතාවරණයක් තුල ද, රටෙහි ක්‍රීඩාවේ සුබසාධනය උදෙසා දියත් කරන ලද මෙම Ritzbury මව්බිමට වීරයෙක් වැඩසටහන අප ඉතාමත් අගය කරනවා. Covid-19 වසංගත තත්වය තුළ පවා අපගේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය සහ දිරි ගැන්වීම ඉතා ප්‍රශංසනීයයි. ‘Ritzbury මව්බිමට වීරයෙක්’ වැඩසටහන අනාගතයේ ඔලිම්පික් රන් පදක්කම්ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරට තුළ බිහි කිරීමට ඉවහල් වනු ඇතැයි මා විශ්වාස කරනවා.”

ශ්‍රී ලංකාවේ අතිදක්ෂ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ග්‍රාමීය ප්‍රදේශවලින් බිහි වූ අය වන අතර ඔවුන් බොහෝ විට මූල්‍ය හෝ වෙනත් වෘත්තීය සහයෝගයක් නොමැතිව අතර මගින් ක්‍රීඩාවට සමුදීමට තීරණය කිරීම ඉතා බහුලව සිදු වන කණගාටුදායක සිදුවීමකි.

එවන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සහයෝගය ලබා දීම Ritzbury ආයතනය සිය  වගකීමක් ලෙස සලකන අතර ඒ හරහා ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රීඩා ශූරයන් ලොව බබළන තරු බවට පත් කිරීමට අත් වැලක් වීමට ලැබීම Ritzbury සන්නාමය ලද සුවිසල් ගෞරවයක් ලෙස සලකනු ලබයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<