ක්‍රීඩා අමාත්‍යවරයා Expo -2020 ප්‍රධානීන් හමුවේ

192

වත්මන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය ඩී. ඒ. චානක යන මහත්වරුන් ඊයේ (08) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත Expo -2020 පැවැත්වෙන ස්ථානය සහ එහි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිවෙන ප්‍රදර්ශන කලාපය නැරඹීමට එක්වුනා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පසුගිය ඔක්තෝබර් සිට මෙම වසරේ අප්‍රේල් දක්වා පැවැත්වීමට නියමිතව තිබූ Expo -2020 ප්‍රදර්ශනය කොරෝනා වසංගතය නිසාවෙන් කල් දැමීමට තීරණය කළ අතර පසුව එය මෙම වසරේ ඔක්තෝබර් 01 සිට 2022 මාර්තු 31 වැනිදා දක්වා පැවැත්වීමට සංවිධායකයින් තීරණය කළා.

ලෝකයේ දියුණුම රටවල් බොහොමයක් තම නවීනතම තාක්ෂණය මුසු නිෂ්පාදන සහ සේවාවන් එහි දී ප්‍රදර්ශනය කරන අතර Expo -2020 හී ශ්‍රී ලංකාව වෙනුවෙන් ද ප්‍රදර්ශන කලාපයක් වෙන්ව ඇත.

Expo -2020 වැඩ කටයුතු නැරඹීම සඳහා එක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිස Expo -2020 ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් පිළිගනු ලැබූ අතර එම ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකාවේ සහභාගීත්වය පිළිබඳව ද ඔහු එහි දී පැහැදිලි කිරීමක් කළා.

තවත් ක්‍රීඩා පුවත්: 

එම අවස්ථාව සඳහා එක්වෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ලෝකයේ වෙනත් රාජ්‍යයන් සමඟ අප රට පවතින සබඳතා ශක්තිමත් කරගැනීමටත් තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමට මෙම ප්‍රදර්ශනය අපට ලැබෙන කදිම අවස්ථාවක් බවත්, මෙම ප්‍රදර්ශන භූමිය නැරඹීමට පැමිණෙන ජනතාවට විශ්මිත අත්දැකීම් ගෙන දිය හැකි ලෝකයේ වඩාත්ම විචිත්‍රවත් ප්‍රදර්ශනයක් ලෙසින් ඩුබායි එක්ස්පෝ 2020 සංවිධානය වනු ඇති බවයි.

නිවැරදි දැක්ම, නායකත්වය සහ ජනතාවගේ සහයෝගය ඇත්නම් ඕනෑම ජාතියකට අත්පත් කරගත හැකි දේට සීමාවක් නොමැති බවත් උපාය මාර්ගිකව මෙම ප්‍රදර්ශනය හරහා අප රටට වාසි සහගත හවුල්කාරීත්වයක් ඇති කරගැනීමට බලාපොරොත්තුව වන බව ද එතුමා ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම මෙම ප්‍රදර්ශනය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විශ්මිත අයුරින් සංවිධානය කිරීම පිළිබඳව Expo -2020 ප්‍රදර්ශනයේ ප්‍රධාන විධායක නිලධාරි Khalid Matar Al Mannaei ඇතුළු පිරිසට ක්‍රීඩා අමාත්‍යවරයා සිය ස්තුතිය ද පුද කර සිටියා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<