2021 මලල ක්‍රීඩා කාලසටහන නිකුත් වෙයි

344
2021 Sri Lankan Athletics Calendar

එක් ජාතික තරගාවලියකට පමණක් සීමා වූ 2020 වසරෙන් පසු මෙම වසර සඳහා වන ජාතික සහ ජාත්‍යන්තර මලල ක්‍රීඩා කාලසටහන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කර තිබෙනවා.

මෙවර දේශීය පිටියේ වැඩ කටයුතු මාර්තු මස 28 සහ 29 දිනවල කතරගම දී පැවැත්වීමට නියමිත ජාතික විවෘත මැරතන් සහ තරග ඇවිදීම් තරගාවලියෙන් ආරම්භ වේ.

එමෙන්ම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල සඳහා සහ ජාතික මලල ක්‍රීඩා සංචිතය තෝරාගැනීම සඳහා පවත්වන ජාතික තේරීම් තරග අප්‍රේල් 07 සිට 10 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙරට දේශීය මලල ක්‍රීඩා පිටියේ ප්‍රධානතම තරගාවලිය වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවය මැයි 20 සිට 23 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එම තරගාවලිය ඔලිම්පික් උළෙල සඳහා සුදුස්සන් තෝරාගැනීමේ අවසන් තරගාවලිය ලෙස ද ක්‍රියාත්මක වේ.

තවත් මලල ක්‍රීඩා පුවත්:

වසරකට අධික විවේකයකින් පසු ජාතික කනිෂ්ඨ පිටියේ වැඩ කටයුතු ආරම්භ කරමින් ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය ජුනි 17 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර එම තරගාවලිය අගෝස්තු මාසයේ කෙන්යාවේ දී පැවැත්වීමට නියමිත ලෝක යොවුන් ශූරතාවලිය සඳහා සුදුසුකම් ලැබීම තරගාවලිය ලෙස ද ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා 
තරග කාලසටහන – 2021
January
February
March
20th  AOD Project Test Competition – 1 Colombo/Diyagama
28th & 29th National Open Marathon & Race Walk Kataragama
April
02nd to 10th Asian Beach Games Sanya, China
07th 08th 09th & 10th Selection Trial Colombo/Diyagama
 
May
20th to 23rd  National Championships (Final Selections for Olympics) Sugathadasa
June
05th & 06th Taiwan Athletics Open Taipei
12th to 13th International T. Kolpakova Bishkek, KGZ
17th 18th 19th & 20th Junior National Championships (Final Selection Trial Colombo/Diyagama
for World Junior Championships)
19th & 20th International Meeting G. Qosanov Memorial Almaty, KAZ
July
23rd to 08th Aug Olympic Games Tokyo
August
17th to 22nd World Junior Championshiips Nairobi, Kenya
September
4th  AOD Project Test Competition – 2 Colombo/Diyagama
11th & 12th Asian Throwing Championships Mokpo, Korea
October
4th Asian Youth (U 18) Athletics Championships Kuwait
02nd & 03rd National Youth Games (Marathon) Mahiyangana
17th & 18th  Pool Selection Trial for the Asian & Commonwealth Games Colombo/Diyagama
21st 24th 28th & 31st 35th National Youth Games Colombo  
November
TBC Asian Half Marathon Championships Kanchanaburi, Thailand
24th to 27th 3rd Asian Youth Games (Athletics) Shantou, China
December
12th  Kunming International Marathon Kunming, China
Competitions to be held in 2021 (not confirmed yet)
Asian Relays Songhkla, Thailand
Standard Chartered Hong Kong Marathon Hong Kong
Taipei City Mrathon Taipei
Federation Cup National Championships India
Philippine Open Championships
Malaysian Open Championships
Korean Open Championships
Vietnam Open Championships
Asian Grand Prix
Asian Half Marathon

මෙම වසරට අදාළ පාසල් මලල ක්‍රීඩා පිටියේ තරග කාලසටහන තවමත් නිකුත් කර නොමැති නමුත් පාසල් මලල ක්‍රීඩා සංගමයේ ආරංචි මාර්ගවලට අනුව පාසල් මලල ක්‍රීඩා පිටියේ තරග සැප්තැම්බර් සිට ආරම්භ වීමට විශාල ඉඩක් පවතී.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<