රංගන හේරත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට

305

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දක්ෂ දඟපන්දු යවන ක්‍රීඩකයෙකු වන රංගන හේරත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස තෝරාගැනීමට නියමිත බව වාර්තා වෙනවා. මීට පෙර එම තනතුරේ කටයුතු කළේ නවසීලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක Daniel Vettoryයි.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සහ තමන් අතර ඒ සඳහා අදාළ සාකච්ඡා වට කිහිපයක්ම පැවති බව රංගන හේරත් ThePapare.com වෙත මේ පිළිබඳව තහවුරු කරමින් පවසා සිටියා. හේරත් 2018 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී ක්‍රිකට් පුහුණුකරුවෙක් වීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් අතර තිබෙන දෙවැනි මට්ටමේ විභාගය (level 2 coaching exams) සමත්ව තිබෙනවා. 

තවත් ක්‍රිකට් පුවත්: 

රංගන හේරත් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවිය තුල ටෙස්ට් කඩුලු 433ක් දවා ගැනීමට සමත්ව තිබෙන්නේ පළමු පෙළ කඩුලු 1,080ක් ද සමඟිනි. ඔහු Tamil Union Cricket and Athletic Club කණ්ඩායමේ ද පුහුණුකරුවෙක් ලෙස කටයුතු කර තිබෙනවා.

කෙසේ නමුත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තවමත් මේ පිළිබඳව නිල නිවේදනයක් නිකුත් කර නැහැ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<