ඉරෝෂ් – අදීශ සහ රමේෂ් මුවර්ස් දිනවයි

962

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (7) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති ටැමිල් යූනියන් සහ මුවර්ස් කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට මුවර්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

සචිත්‍ර සහ වනිඳු තුන් ඉරියව් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය පළමු පෙළ Major League සීමිත පන්දු වාර ක්‍රිකට් තරගාවලියේ අද (6) පැවති තරගය අතරින් වනිඳු හසරංග සහ සචිත්‍ර සේනානායක…

පළමුවෙන් පන්දුවට පහර දුන් ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 213ට පිළිතුරු ලෙසින් මුවර්ස් ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී තවත් පන්දු 87ක් ඉතිරිව තිබිය දී ලකුණු 214ක් ලබා ගත්හ.

කාසියේ වාසිය දිනූ මුවර්ස් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මුවර්ස් ක්‍රීඩකයන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ආරම්භක පිතිකරු ලහිරු මිලන්ත ය. ඔහු පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තේ ය. ඊට අමතරව රමිත රඹුක්වැල්ල පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට සබඳතාව ලකුණු 66කි.  

කඩුලු ලබා ගැනීමේ දී දකුණතින් දඟපන්දු යවන රමේෂ් මෙන්ඩිස් තම පන්දුවාර 10 ලකුණු 22කට සීමා කරමින් කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව කේශාන් විජේරත්න කඩුලු 3ක් ද තරිඳු කෞෂාල් කඩුලු 2ක් ද දවා ගත්හ.

Photos: Tamil Union C & AC vs Moors SC | Major Limited Overs Tournament 2018/19

පිළිතුරු ඉනිම සඳහා පිටිය පිවිසි මුවර්ස් ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 13ක්ව තිබිය දී දැවී ගිය ද නායක ඉරොෂ් සමරසූරිය සහ පබසර වඩුගේ එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 71ක සබඳතාවක් එක් කරමින් තරගයේ පාලනය තමන් සන්තක කර ගත්හ.

පබසර වඩුගේ පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තේ ය.

අනතුරු ව ඉරෝෂ් සමරසූරිය හා එක්වූ අදීශ තිලාංචන තෙවැනි කඩුල්ලට ලකුණු 95ක සබඳතාවක් ගොඩ නගමින් තරගයේ ජයග්‍රහණය තමන් සන්තක වන බවට සහතික කළ හ. ඉරෝෂ් සමරසූරිය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 76කි. ඔහු තම ඉනිමට පන්දු 92ක් වැය කර තිබූ අතර ලබා සිටි හතරේ පහර ප්‍රමාණය 7කි.

තරගය ජයග්‍රහණය කරද්දී අදීශ තිලාංචන පන්දු 72කට මුහුණ දී හතරේ පහර සහ හයේ පහර 3 බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 69ක් ලබා සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ජීවන් මෙන්ඩිස් කඩුලු දෙකක් හිමිකර ගත්තේ ය.

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජ; සියලුම දෙනා දැවී 213 (45) ලහිරු මිලන්ත 66, රමිත රඹුක්වැල්ල 31, තරංග පරණවිතාන 24, මනෝජ් සරත්චන්ද්‍ර 20, කිත්රුවන් විතානගේ 27, කේශාන් විජේරත්න 3/50, තරිඳු කෞෂාල් 2/50, රමේෂ් මෙන්ඩිස් 4/22

මුවර්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 4ක් දැවී 214 (35.5) ඉරෝෂ් සමරසූරිය 76, පබසර වඩුගේ 37, අදීශ තිලාංචන නොදැවී 69, ජීවන් මෙන්ඩිස් 2/43

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<